විනෝදාස්වාද

'ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය' එළිදකියි
කිවියර කපිල එම්. ගමගේ විසින් ලියූ "ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" කාව්‍ය සංග්‍රහය ඔක්තෝබර් 5 වැනි අඟහරුවාදා දින එළිදැක්වීමට නියමිත ය.
ඒ මරදාන සුරස පොත් මැදුරේ දී ය.
"ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" ඔහුගේ සත්වැනි කාව්‍ය සංග්‍රහය යි.
අසූව දශකයේ දී කාව්‍යකරණයට පිවිසි කපිල එම්. ගමගේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ එක්ව පළ කළ ‘අසික්කිතයාගේ සිහිනය’ ඔහුගේ පළමු කාව්‍ය කෘතියයි. 1995දී ‘දෙවියන්ට පළි ගැසූ ගැහැණිය’, 2013 දී ‘හේමන්ත නිද්‍රාව’, 2014 දී ‘විසිරි වලාකුළු’, 2016 දී ‘‘තෙරියුම් කෝකිලා” සහ 2019 දී “මුහුදට මුහුණ ලෑ සොහොනකි” ඔහු අතින් ලියවුණු සෙසු කවි කෘතීන් ය.
"ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" කෘතියේ කවර නිර්මාණය ප්‍රගීත් රත්නායක විසිනි.
කතුවරයාගේ අත්සන සහිහව මෙම කෘතිය දැන් ඇණවුම් කළ හැකි අතර විශේෂ වට්ටම් සහතව ඇණවුම් කිරීමට www.surasa.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

මහාචාර්ය මලික් පීරිස්ට චීන නොබෙල් ත්‍යාගය පිරි නැමේ
මහාචාර්ය මලික් පීරිස්ට චීනය විසින් 2021 වර්ෂයේ ‘අනාගත විද්‍යා ත්‍යාගය’ පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස්ට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවයි.
ඒ අනුව මහාචාර්ය මලික් පීරිස්ට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ද හිමිව තිබේ.
2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මගින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැලකේ.
2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ලංකාවේ කම්සාජිනි නෝර්වේ පාර්ලිමේන්තුවට
යාපනයේ උපත ලබා දැනට නොර්වේ රාජ්‍යයේ ජීවත්වන කම්සාජිනී ගුණරත්නම් නෝර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 12 වන දා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය එරට කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිස 2015 දී ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද සේවය කර ඇත.
තවමත් වයස අවුරුදු 33 ක් වන ඇය ශ්‍රි ලංකාවේ ඉපිද වයස අවුරුදු 03 දී සරණාගතයෙකු ලෙස නෝර්වේ රාජ්‍යයට ගොස් ඇත.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී..
දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි.
ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය.
කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.
Page 15 of 21