‘ඕවන් කූපර්’ එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා ලෙස ඉතිහාසයට එක් වෙයි.

‘ඕවන් කූපර්’ එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා ලෙස ඉතිහාසයට එක් වෙයි.

එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට බ්‍රිතාන්‍ය ජාතික ඕවන් කූපර් සමත්ව තිබේ.

ඒ අමෙරිකාවේ පවත්වන 77 වන එමි සම්මාන උළෙලේ දී ය.

15 හැවිරිදි වියේ පසුවන ඔහුට මෙම සම්මානය ලැබුණේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සඳහා ය.

එය Netflix හරහා විකාශනය විය.

රූපවාහිනී කතා මාලා කාණ්ඩය යටතේ හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිර රචනය හිමි සම්මාන ද දිනා ගැනීමට ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සමත් වුනා.

ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණ,වැඩසටහන් සහ නිර්මාණ ශිල්පීන් ඇගයීම උදෙසා එරට රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය(ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන අතර මෙවර 77 වන වරට එමී සම්මාන උළෙල ඊයේ (15) රාත්‍රියේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පීකොක් රඟහලේදී පැවැත්විණි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න