V2025

විනෝදාස්වාද

මංගල මතක අලුත්කර කණ්ඩෙත් යන්නම ගියා !

හිටපු පාර්ලිමේන්තු මංත්‍රී අභහවප්‍රාප්ත මංගල සමවීරයන් ගේ සමීපතම පෞද්ගලික ආරක්ශයකු මෙන්ම විශ්වාසවන්ත රැකවලෙක් ලෙස ක්‍රියා කළ කළණ මිතුරකුවන අතර මංගලගේ රැඩිකල් දේශපාලන තීන්දු තීරණවලදී ඔහු සමග නොසැලෙන ගුණයෙන්, බලය ඇතිදා මෙන්ම නැතිදා ද මංගල තනි නොකෙරූ අපූරු මිනිසෙක් විය.

අද මාතරම මළ ගමක්…. නිහතමානී ලසන්ත මාතරම හඬවයි……..

මාතර නගරයම හඬවමින් ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි අද අනාරක්ෂිත දුම්‍ රිය හරස් මගකදී සිය ජීවිතයට සමුදුන් පුවතින් මාතර,වල්පොල,වේරගම්පිට, පිලදුව,කන්දෙවත්ත මෙන්ම තදාසන්න ප්‍රදේශවල ජනතාව මහත් සේ කම්පාවට පත්ව ඇත..

මක්නිසාදයත් බලය ඇතිදා මෙන්ම බලය නැතිදා ද, ශ්‍රී ලාංකීය දේශපාලනයේ දැවැන්තයා ලඟ ඉතා සුහදශීලීව කුළුපඟව පෞද්ගලික ආරක්ෂකයකු ලෙස ක්‍රියා කළ ලසන්ත කණ්ඩම්බි කිසිදා මාතර ජනතාවට දේශපාලන "හයිය" නොපෙන්වූ නිසාය………

තවද ලොකු කුඩා භේදයකින් තොරව සියළු මාතර ජනතාව සමග ඉතා සුහදව මෙන්ම මිත්‍රශීලීව තම ජීවිතය සැහැල්ලුවෙන් යථාර්ථ අවබෝධයෙන් ගෙවූ ලසන්ත කණ්ඩම්බි ගේ නිසල දේහය අද මාතරම එකම මළගමක් බවට පත්කිරීමට තරම් ප්‍රභල වූයේ රටටම අවැසි මොහොතේ රටම හඬවා මතක ඉතිරි කොට නික්ම ගිය "මතක මංගල ගේ" අභාශයෙන් පෝෂණය වූ නිසාත් ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ ආදි සිසුවෙක් වූ නිසාත්‍ ය…..

 ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ වර්ණලාභී ලසන්ත ගැන බිඳක්………..

ලසන්ත කණ්ඩම්බි උපතින්ම ක්‍රීඩාවේ දස්කම් රැගෙන ආ නිර්භය අපූර්ව මිනිසෙක්…..

ඓතිහාසික රුහුණේ ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ ක්‍රීඩා ද්විතවයකට ම එකසේ දස්කම් දැක්වූ සොයුරෙක්.
ඒ පාපන්දු සහ ක්‍රිකට්.

පාපන්දු කණ්ඩායමේ පසුපෙල ක්‍රීඩකයෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයක්.

දකුණතින් වේග පන්දු යවන, වමතින් පිත්ත හැසිරවූ දුලබ හැකියාවක් සතු ක්‍රීඩකයෙක්.

පාසැල් කණ්ඩායමේ විටෙක ආරම්භක පන්දු යවන්නා, විටෙක ආරම්භක පිතිකරු කලක් පාසැල් කණ්ඩායමේ උප නායක ලෙස පාසලට වර්ණ ලභාදුන් අද්විතීය ක්‍රීඩකයෙක්……..

ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා ද්විත්වයේම මාතර ක්‍රීඩා සමාජය නියෝජනය කල දුලභ ක්‍රීඩකයෙක්.

මාතර පොලිස් ක්‍රිකට් කණ්ඩායම මෙන්ම පාපන්දු කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙක්.IMG 20221027 WA0022

මංගලගෙන් අණතුරුව සමාජ මාධ්‍ය කැළබූ ලසන්ත කණ්ඩම්බි ගැන මාතර අදහස් …….

මාතර බහුතර ජනතාව ලසන්ත කණ්ඩම්බි ගේ වියෝව තම පවුලේ ශෝකාන්තයක් බවට පත්කොට හමාරය……

ස්වභාවය සෞසෞන්දර්ය සමග මෙන්ම වර්ථමාන ලෝකය සමග ගණුදෙනු කළ කණ්ඩම්බි රැඩිකල් මැද මාවතේ ගමන් කළ ඓතිහාසික රුහුණේ මාතර පුරවැසියෙක් ලෙස ජනහදවත් ආකර්ශනීය කළ සටන් සගයෙක්…….

තම පවුල් ජීවිතය සියල්ලටම ප්‍රථමයෙන් තැබූ ලසන්ත කණ්ඩම්බි පියවරුන්ට අරුමයක් …… මක්නිසාදයත් ඒසා විශාල ආවරණයක් සහිත ලසන්තගේ පියසෙනෙහසම ලසන්තට මරු කැඳවූ බවට යන තහවුරු නොකළ පුවත්‍ ය.

ලසන්ත කණ්ඩම්බි නම් අසහාය සටන් සගයා වෙනුවෙන් ඔහු නියෝජනය කළ කඳවුරත්, කිසිදා පඬුරු පාක්කුඩම් වලට විශ්වාසය පාවා නොදුන් "ලසන්ත හේවා කණ්ඩම්බි" වෙනුවෙන් අද අපට අපේ ලොක්කා "මංගල මහත්තයා " නැති උනාවගේ වේදනාවක්…….

මතක මංගල එක්ක මාතර අපි එනකල්ම අල්ලගෙන ඉන්න කණ්ඩෙ අයියෙ……

-සුමුදු මද්දුමආරච්චි -
වේරගම්පිට,
මාතර.

ලොව ප්‍රකට හැග්‍රිඩ් දිවිගමනට සමුදෙයි

ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් සිය දිවිගමනට සමුදී තිබේ.

මියයන විට ඔහු 72වන වියේ පසුවිය.

වේදිකාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු දශක 4කට අධික සිය රංගන දිවිය තුළ නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුවද රසික හදවත් තුළ ඔහුගේ මතකය රැඳී ඇත්තේ හැග්‍රිඩ් ලෙසය.

ලංකාවට සුපිරී ජයක් !

විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 09කින් ජයග්‍රහණයක් වාර්තා කළේය.

ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 15කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් රැස් කළ අතර ධනංජය සිල්වා ලකුණු 31ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 31ක් රැස් කළේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය සිය පන්දු වාර 20 තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 128ක් රැස් කර ගනු ලැබිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 45ක් ලබා ගත්තේය.

මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් සහ වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 2ක් දවාගනු ලැබීය.

ලංකා බණ්ඩාරනායකට හොලිවුඩයෙන් අවස්ථාවක්

සම්ප්‍රදාය, උරුමය, මහසෝනා වැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ජාත්‍යන්තර ඇගයීමට පත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායකට, සිනමාවේ වැඩිදුර හැදෑරීම සඳහා ඇමරිකාවේ GLOBAL MEDIA MAKERS නම් ආයතනය විසින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිව තිබේ.

මෙම ශිෂ්‍යත්වය ඔස්සේ හොලිවුඩ් සිනමා කර්මාන්තයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වී වෘත්තීය මඟපෙන්වීම්, චිත්‍රපට නිෂ්පාදය, පුහුණුව, සම්බන්ධිකරණ ඇතුළු අවස්ථා රැසක් හිමිකර ගැනීමට ඇයට ඉඩ ලැබේ.

ඒ අවස්ථාව පිළිබඳ ලංකා සිය මුහුනු පොතේ මේ ආකාරයෙන් සටහනක් තබා තිබුනාය.

"මගේ පලවෙනි දීර්ඝ චිත්‍රපටය සදහා තියන පළවෙනි පියවර...

The very first step towards my first feature film...!

 මගේ පලවෙනි චිත්‍රපටිය, The Hail හි පිටපත හොලිවූඩ් සිනමාවේ ප්‍රවීනයන් සමඟ වැඩිදියුණු කරන්න පුර්ණ ශිෂ්‍යත්වයක් මට මේ අවුරුද්දේ හිමිවුනා. ලොස් ඇන්ජලීස් නුවර පිහිටුවලා තියන GLOBAL MEDIA MAKERS ආයතනය විසින් වාර්ෂිකව පවත්වන මේ නේවාසික සිනමා වැඩසටහනට මේ අවුරුද්දේ මට සහභාගිවීම සඳහා ලැබෙන මේ ශිෂ්‍යත්වය වෙනුවෙන් ස්තූති කරන්න ඉන්න ප්‍රධානම පුද්ගලයා Sanjeewa Pushpakumara. සංජීව අයියාගේ "අම්මා" චිත්‍රපටියට 2019 අවුරුද්දේ මේ වැඩසටනට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා. එයින් පසුව ඔහුට මේ වැඩසටහනට ලංකාවේ සිනමා කරුවන් නම් කරන්න ලැබෙන අවස්ථාවට, ඔහු ලංකාවෙන් නම් කරපු තරුණ සිනමාකරුවන් තුන් දෙනාගෙන් අවසානයේ මගේ චිත්‍රපටිය මේ වැඩසටහනට තෝරා ගන්නවා.

 ලංකාවේ මේ වෙලාවේ තියෙන තත්වේ එක්ක චිත්‍රපටි හදනවා තියා එදිනෙදා ජීව්තේ ගත කරගන්නේ කොහොමද කියලා හිතන්න වුනත්, අපිට ඉතිං සිනමාව එක්කම හැප්පෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ."

Page 13 of 31