චැලෙන්ජර් - 2025 සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් තරගාවලිය

චැලෙන්ජර් - 2025 සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් තරගාවලිය

''චැලෙන්ජර් - 2025" සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් තරගාවලියේ සමාප්ති උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී අවසන් විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සුබ සාධක සංගමය එක්ව දෙවන වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය, 2025 දෙසැම්බර් මස 26, 27, 28, 29 සහ 30 යන දින වල, කොළඹ විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි.

ඒ සඳහා දිවයිනේ බොහෝමයක් පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් සමන්විත බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. මෙම තරගාවලියේ කුසලාන සහ ජය සංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති බුද්ධික ද සිල්වා සහභාගී විය.

තරගාවලියේ ඒ ඒ වයස් කාණ්ඩවල දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස පහත සඳහන් පරිදි කුසලාන සහ සහතික පත් ලබා ගැනීමට සමත් විය.

අවු. 8 න් පහළ

බාලක ඉසව්වේ - යෙවින් කුඩාලියනගේ

බාලිකා ඉසව්වේ- ලෙසන්දි ගමගේ

 

අවු. 10 න් පහළ

බාලක ඉසව්වේ- සදෙව් ජිත්සර

බාලිකා ඉසව්වේ - ලසන්සා දෙව්දිනී පෙරේරා

 

අවු. 12 න් පහළ

බාලක ඉසව්වේ - යසිදු හංසක රත්නවීර

බාලිකා ඉසව්වේ - සනුති මහිංසා

 

අවු. 14 න් පහළ

බාලක ඉසව්වේ - යසත් ජයසූරිය

බාලිකා ඉසව්වේ - එස් . එච් ලියනගේ

 

අවු. 16 න් පහළ

බාලක ඉසව්වේ - ජුලාන් සෙන්සිත්

බාලිකා ඉසව්වේ - දිල්නේශි ෆොන්සේකා

 

 

සටහන - සමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න