14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද (05) චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රමුඛ පක්ෂ සහ රාජ්‍ය නායකයින් ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී ආරම්භ වුණා.
දින 08ක් පුරා චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ජනවාර්ගික සහ ඒ ඒ ක්ෂේත්‍ර නියෝජනය කරන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ 2700කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිනවා. එහි දී චීන අග්‍රාමාත්‍ය Li Qiang විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාව අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
2025 වසරේ දී ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක සහ කාර්යය සාර්ථකව අවසන් වූ බව Li Qiang මෙම සැසියේ දී පැවසුවා. පසුගිය වසර මුළුල්ලෙහි ම චීන ආර්ථිකය ස්ථාවර වර්ධනයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. එම වසරේ දළ දේශීය නිෂ්පාදිතය 5%කින් වර්ධනය වී ඇති අතර එහි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 140.19 දක්වා ළඟා වී ඇති බවයි අග්‍රාමත්‍යාවරයා එහි දී කියා සිටියේ.
15 වැනි පස් අවුරුදු සැලසුම් කෙටුම්පත මගින් ප්‍රධාන ඉලක්ක 20 ක් මෙහි දී ඉදිරිපත් කෙරුණා.
2026 වසරේ චීන ආර්ථික වර්ධන වේගය සියයට 4.5ත් 5ත් අතර මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5ක පමණ මට්ටමකට පාලනය කිරීම, පාරිභෝගික මිල දර්ශකය සියයට 2ක පමණ මට්ටමක පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 700කට වැඩි ප්‍රමාණය මෙන්ම ජාත්‍යන්තර ආදායම් හා වියදම් මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම මෙම වසරේ චීනයේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ඉලක්ක ලී ච්‍යං අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වුණා.
එමෙන්ම එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ - චීන මාධ්‍ය සමූහය


