ගෝඨාභය එළෙව්වේ CIA; කමල් ගුණරත්නත් මෙහෙයුමේ කොටස්කරුවෙක්...?

ගෝඨාභය එළෙව්වේ CIA; කමල් ගුණරත්නත් මෙහෙයුමේ කොටස්කරුවෙක්...?

ඔසී අබේගුණසේකරගේ පුත්‍රයකු වන අසංග අබේගුණසේකර පසුගියදා  youtube නාලිකාවක් සමග විශේෂ හෙළිදරව්වක් කර ඇත. අසංග අබේගුණසේකර යූඇන්පීයෙන් 2015 මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පරාජය වීමෙන් අනතුරුව යහපාලන  ආණ්ඩුවේ  ජාතික ආරක්ෂක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළේ ය.

දැනට ඔහු වොෂින්ටන්හි පිහිටි දකුණු ආසියානු ෆෝරසයිට් ජාලයේ වත්මන් විධායක අධ්‍යක්ෂවරයා වන අතර 2021 සිට වොෂින්ටන්හි මිලේනියම් ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

asangaabyegunasekara1අසංග අබේගුණසේකර

අසංග අබේගුණසේකර ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ආරක්ෂක වළල්ල ම සීඅයිඒ  සංවිධානය විසින් අල්ලා ගෙන තිබුණි.  මේ බව ඔහුට ප්‍රකාශ කර ඇත්තේ ද  ගෝඨාභය රාජපක්ෂ විසින් ම ය.

ගෝඨාභය පසුපස CIA

මෙම යූ ටියුබ් සාකච්ඡාව ප්‍රසිද්ධියට දින ගණනාවක් ගතවී ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ අසංග අබේගුණසේකර ගේ ප්‍රකාශ තවමත් ප්‍රතික්ෂේප කර නැත. ගෝඨාභය කියා ඇති පරිදි ඔහු ගේ සම්පූර්ණ ආරක්ෂක වළල්ල ම ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය වන සීඅයිඒ සංවිධානය විසින් අල්ලාඉගෙන සිට ඇත. ගෝඨාභය පසුපසින් සීඅයිඒ ඒජන්තයින් සිංගප්පූරුවට පවා ගොස් ඇත. ගෝඨාභය කියන පරිදි ඔහුට ජනාධිපති ධුරය අහිමි වූයේ එම පුද්ගලයින් අමෙරිකානු මධ්‍ය ඔත්තු සේවයේ අවශ්‍යතා අනුව කටයුතු කළ බැවිනි.

gota

දැන දැන ම සිදු වූ සිදුවීමක් ද...?

මෙම ප්‍රකාශයේ දී ගෝඨාභය ජනාධිපති ධුර කාලයේ දීත් රනිල් රාජපක්ෂ ජනාධිපති දුර කාලයේ දීත් ආරක්ෂක ලේකම් වශයෙන් සිටි  ජෙනරාල් කමල් ගුණරත්න සීඅයිඒ සංවිධානයට සහාය වූ පුද්ගලයකු ලෙස  සඳහන් කර ඇත. එසේ නමුත් රනිල් රාජපක්ෂට ජනාධිපතිධුරය ලබා දීමෙහි දී ඉදිරිපත් කරන ලද එක් කොන්දේසියක් වූයේ කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස තබා ගැනීම බව ඒ දිනවල දැන ගන්නට තිබුණි. ඉන් අදහස් වන්නේ ගෝඨාභය දැන දැනම සීඅයිඒ ඔත්තුකරුවකු ආරක්ෂක ලේකම් ලෙස තබා ගත් සහ දිගටම තබා ගැනීමට කටයුතු කළ බවයි.

kmkl ජෙනරාල් කමල් ගුණරත්න

අද්මිරාල් ජයන්ත කොළඹගේ ද සම්බන්ධ ය

සීඅයිඒ සංවිධානය විසින් බිලිබා ගත් තවත් අයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇති තවත් නමක් නම් ඔහුගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් සිටි අද්මිරාල් ජයන්ත කොළඹගේ ය. ඔහු තමා අමාරුවේ දැමීමට කටයුතු කළ අයෙක් බව පවසා ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ  ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ විදේශ කටයුතු උපදේශකවරයා ලෙසත් සේවය කළේය.

kolabageඅද්මිරාල් ජයන්ත කොළඹගේ

පාත් ෆයින්ඩර් පාර්ත් එක

ගෝඨාභය වටා සිටි චින්තන පර්දශදය පාත් පයින්ඩර් නම් මිලින්ද මොරගොඩ විසින් දියත් කරන ලද රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ වී සිටි අය බවත් අසංග අබේගුණසේකර අනියමින් සඳහන් කරයි. අදමිරාල් ජයන්ත කොළඹගේ ද එහි ප්‍රධානියෙකි.

ඊයේ (25.02.2026) අත්අඩංගුවට ගත් මේජර් ජෙනරල් සුරේශ් සලේ ඒ වන විට සේවය කරමින් සිට ඇත්තේ පාත් පායින්ඩර් ආයතනයේ ය.  මෙම සීඅයිඒ මෙහෙයුම සුරේශ් සලේද දැන සිටින්නට ඇතැයි අසංග අබේගුණසේකර අඟවයි. එමෙන්ම අසංග අභයගුණසේකර කරන තවත් හෙළිදරව්වක් නම් 2029 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා ලෙස මිලින්ද මොරගොඩ ගෙනෙ ඒමට විපක්ෂ කණ්ඩායම අතර සාකච්ඡාවක් පවතින බවයි. මිලින්ද මොරගොඩ යනු ප්‍රසිද්ධ ඇමෙරිකානු හිතවාදියෙකි. පාත් පායින්ඩර් ආයතනයේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක වළල්ලට සම්බන්ධ වී සිටි බව අනියමින් කියැවෙන  ප්‍රකාශයක් අසංග අබේගුණසේකර එම යූ ටියුබ් සාකච්ඡාවේ දී  කරයි.

suresh

වත්මන් ආණ්ඩුවත් බලපායි ද...?

ගෝඨාභය කී බව කියන මෙම සීඅයිඒ කා වැදීම සත්‍යයක් නම් ලංකාවේ ආරක්ෂක හමුදා තුළ අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ බලපෑම  ඉතා ප්‍රබල  විය යුතු බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. එය වත්මන් ජාතික ජනබලවේගයේ ආෟණඩුවට එල්ල විය හැකි තර්ජනයකි.

අසංග අබේසේකර කියන්නේ රනිල් බලයට ගෙන ඒම ද වක්‍ර ලෙස සීඅයිඒ සංවිධානයේ සැලැස්මක් විය හැකිව තිබූ බවයි. එමෙන්ම මෙම යූ ටියුබ් නාලිකාකරුවන චමුදිත සමරවික්‍රම, අසංග අභයගුණසේකර ගෙන් ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු ද සීඅයිඒ සංවිධානයේ කටයුතු සඳහා රැකියාවක් ලබා නොගත්තේ ද කියාය.  පිළිතුර වශයෙන් අසංග අබේගුණසේකර  කියන්නේ එය ද සීඅයිඒ සැලැස්මේ කොටසක් විය හැකි බවයි.  ඔහු ශ්‍රී ලංකාවේ ඇති වූ ජන අරගලය ගැන ඇමෙරිකානු සීඅයිඒ සංවිධානයේ අත්තක් ව තිබූ යුඑස්ඒඑයිඩ් වාර්තාවක් ලිවීමට බඳවා ගත්තේය. එහි දී ඔහුට පැයකට රුපියල් ලක්ෂය ඉක්ම වූ වැටුපක් ලැබුණි.

අසංග අබේගුණසේකර කරන ප්‍රකාශ සත්‍ය සත්‍ය ද නැද්ද යන්න තහවුරු වී නැති නමුත් මෙම ප්‍රකාශය ලංකාවේ ජනමාධ්‍ය විසින් මේ තාක් දුරටත් සාකච්ජාවට ගෙන නැත. රටක හිටපු ජනාධිපතිවරයකු තමා ගේ ආරක්ෂක ජාලය ම ඇමෙරිකානූ සීඅයිඒ සංවිධානය විසින් ගිල ගත් බවට කරන ලදැයි කියන ප්‍රකාශය, අතිශය තීරණාත්මක සහ ජාතික මාතෘකාවක් විය යුතු කරුණකි.

මූලාශ්‍ර - srilankabrief.org

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න