ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ඊයේ (05 ) වැඩ භාරගත් බදුල්ල බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමට පොදු ජන එක්සත් පෙරමුණේ නායක අනුර යාපා සහභාගි නොවීම පක්ෂ මාරුවක පෙරනිමිත්තක්දැයි දේශපාල අංශවල කතාබහක් ඇති වී තිබේ.
චාමර සම්පත් වැඩ භාර ගැනීමේ උත්සවය සඳහා පක්ෂ නායක නිමල් සිරිපාල පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක්ද සෙසු පක්ෂ වලින් රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, නිමල් ලංසා, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
අනුර යාපා මන්ත්‍රී චාමරගේ උත්සවයට සහභාගී නොවූවද ඒ අවස්ථාවේ පොහොට්ටුව කාර්යාලයේ පැවැති පින්කමකට සහභාගි වූ බවත් වාර්තා විය. මේ නිසා අනුර යාපා නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යමින් පවතී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
