ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ( මත්කුඩු) තොගයක් එනම් රුපියල් බිලියන 1.1 ක් ( රුපියල් කෝටි 110) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක, ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනා, එළඹෙන මැයි 02වන දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර ඊයේ (26) නියෝග කළා ය.
පසුගිය 25වන දින රාත්‍රී 10.30 ට පමණ අත්අඩංගුවට ගත් මෙම පිරිස තායිලන්තයේ සංචාරයක් නිම කර කටුනායක ගුවන්තොටුපළෙහි පිටවිමේ පර්යන්තයේදී ලද බුද්ධි තොරතුරක් මත ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්‍යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව ඊයේ (26) පස්වරුවේ එම සැකාර චීවරධාරීන් පිරිස අධිකරණයට ඉදිරිපත් කරමින් ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ ස්ථානාධිපති සනත් කුමාර, පොලිස් සැරයන්, අබේකොන්, පොලිස් සැරයන් මාරඹගේ, පොලිස් කොස්තාපල් ප්‍රසන්න යන නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධව අධිකරණයේ දී කරුණු දැක්වුහ.
ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසය මෙන්ම ගුවන් තොටුපළ ඉතිහාසය ද සම්පූර්ණයෙන් ම උඩුයටිකුරු කළ අතිශය කම්පනකාරී පුවතක් බවට මෙම පුවත පත්විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද විශේෂ බුද්ධි තොරතුරකට අනුව එම කාර්යාංශය විසින් සිදු කරන ලද මෙහෙයුමක දී මෙලෙස රුපියල් බිලියන 1.1 කට වඩා වටිනා මෙම කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 110ක් සමග මෙම තරුණ චීවරධාරීන් විසි දෙදෙනාව () අත්අඩංගුවට ගෙන ඇත.
එක මල්ලක කි. ග්‍රෑ. 05ක්...?
මෙම චීවරධාරීන් මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණේ අතිශය සූක්ෂම ආකාරයකට බව වැඩිදුරටත් වාර්තා වුණි. ඔවුන් විසින් ගෙන ආ ගමන් මලුවල ව්‍යාජ ලෙස පතුල් සකසා, ඒ තුළ මත්ද්‍රව්‍ය සඟවා ඊට ඉහළින් පෑන්, පැන්සල් වැනි පාසල් උපකරණ සහ විවිධ රසකැවිලි අසුරා ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් සගවා තිබූ බව වාර්තා වුණි. ඒ අනුව එක් චීවරධාරියකු ගේ ගමන් මල්ලක අවම වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ත් 05ත් අතර බැගින් සඟවා ගෙන තිබූ බව , එම නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්හ.
සිවුරු ඉවත් කළ චිවරධාරිහු
මෙම චීවරධාරින් කණ්ඩායම පසුගිය අප්‍රේල් 22 වැනිදා තායිලන්තයේ, බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් ලබාදුන් ගුවන් ටිකට්පත් මගින් බව ද මූලිකව කරන ලද විමර්ශනවල දී හෙළිවී තිබේ. මෙහි දී වඩාත් පුදුමය දනවන කරුණක් බවට පත්ව තිබුණේ, මෙම භික්ෂූන් චීවරධාරීන් ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේ දී, ඔවුන් විදෙස් රටේ දී සිවුරු ඉවත් කර සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරසී ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන පවා පොලිසිය විසින් සොයාගෙන තිබීමයි.
මේ සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත් වූ මෙම චීවරධාරීන් සියලු දෙනා ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරින් බවට හඳුනාගෙන ඇත. මේ අනුව වැඩිදුරටත් වාර්තා වන පරිදි, මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ මෙතෙක් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතරම, චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සමඟ මේ ආකාරයෙන් කොටුවූ පළමු අවස්ථාව ද , මෙම අවස්ථාව බවට ගුවන් තොටුපොළ පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත් මෙම සැකකාර චීවරධාරින් පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ලබන මැයි 02 යළි ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මෙම සැකකාර භික්‍ෂූන් චීවරධාරීන් වෙනුවෙන් නීතිඥ දුලීශා විජේසූරිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරන ගේ උපදෙස් මත, තරිඳු වික්‍රනායක බුද්ධි උදාර, සචිත් වෙල්ගම, නාමල් වනිගසූරිය යන නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
මූලාශ්‍ර -Meepura News
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
