කාකි සූටි දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන කෙනෙකුගේ ගෙදර ලොකු ගෝරියක්ලු.
නෝනයි මහත්තයයි අතරේ ඇති වෙච්ච මෙම ගෝරියට හේතුව මහත්තයා කට පරිස්සම් කරගන්නෙ නැතුව එක එක ප්‍රකාශ නිකුත් කිරීම කියලා කියවෙනව.
"ඔයා මොකටද මේ අනුන්ගේ සීනි කිරන්න යන්නේ, දන්නවනේ ඔයාට කලින් හිටපු අයට වෙච්චච වැඩේ අර බන්දුට ඊට කලින් හිටිය සුන්දරට එහෙම වුන දේවල් මතක නැද්ද. ඒ නිසා දැන්වත් කට පියාගෙන ඉන්න. මොකක්ද අර කලුතර මනුස්සයා ගැන කියාපු ගොන් කතාව... "වගේ දේවල් කිය කිය නෝන මහත්තයට බනින්න පටන් ගත්තා ලු..
මහත්තයත් ඒවට එකට එක කිව්වාම ගෝරිය සැරටම ගිහින්..
"මට රාජකාරි කියල දෙන්න එන්න එපා" කියලා මහත්තයත් තදින්ම නෝනට බැනගෙන බැනගෙන ගිහින්..
අන්තිමට වලිය පුපුරල මල පැනපු නෝනා "ඕන මගුලක් කරගන්න. හැබැයි ඔහොම ගියොත් ඉස්සරහට අපිට පාරටවත් බහින්න බැරි වෙනවා. ඒක මතක තියාගන්නව." කියලා සැරටම මහත්තයට කියලා .
ඒත් එක්කම එයා මේ හුට පට නිසා ඕස්ට්‍රේලියාවට යන්නත් තීන්දු කරලා.. ඊළඟට ගමනට අවශ්‍ය ටිකටුත් ගත්තලු. වලිය කෙලවර වුණත් නෝනගෙ
තීන්දුව නම් වෙනස් කරගන්නම බැරි වෙලා.
අන්තිමට උන්නැහේට වුනේ ගෙදරට ඒකනායක වෙලා ඉන්නලු.

