රටේ දසදහස් ගණනක ගුරු හිඟයක් පැවැති අවස්ථාවේ රජයේ ඉල්ලීම මත වසර 5, සිට10 දක්වා සංවර්ධන නිලධාරීන් නිදහස් අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කර රජයේ වැටුප් පවා ලබා ඇති බවත්, මේ තරම් කාලයක් දරුවන්ට ඉගැන්වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ උපවාසයේ යෙදී සිටින ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ඊයේ (01) ගිය අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
දේශපාලන වහලුන් බොරුව සමාජගත කරමින් යනවා
''සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ මෙන්ම පක්ෂ භේදයෙන් තොරව උපරිම සහයෝගය ගුරු සංවර්ධන නිලධාරින්ට ලබා දෙනවා. බවත් ඊයේ මේ අවස්ථාවේ මෙතැනට පැමිණි පසු ඇත්ත තත්ත්වය ඉදිරිපත් නොකර සත්‍ය විකෘති කරන දේශපාලන වහලුන් බොරුව සමාජගත කරමින් යනවා. අප රටේ දසදහස් ගණනක ගුරු හිගයක් පැවැති අවස්ථාවේ රජයේ ඉල්ලීම මත වසර 5, 6, 7, 8 සහ 10 වශයෙන් මේ සංවර්ධන නිලධාරීන් නිදහස් අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කර රජයේ වැටුප් පවා ලබා තිබෙනවා. මේ තරම් කාලයක් දරුවන්ට ඉගැන්වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් තිබෙනවා.
වත්මන් රජය වේදිකාවක් වේදිකාවක් පාසා ගොස් රටේ ජනතාව රැවටුවා
කොරෝනා කෝවිඩ් සමයේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාත්මක කරන විට වහල උඩ නැග දරුවන් ඉගෙන ගන්නා අවස්ථාවේ පවා මේ අය දරුවන් වෙනුවෙන් ඉගැන්වීම සිදු කළත් අද මේ අයට ගුරු සේවයට ඇතුළත් වීමට තහංචි දමා තිබෙනවා. මේ අය වෙනුවෙන් පැහැදිලි විසඳුමක් ඇතිමුත් රජය පොරොන්දු වූ දේ ඉටු නොකර, මේ ප්‍රශ්නයෙන් පැන යමින්, සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන මඩගසමින්, බොරුව සමාජගත කරමින් යනවා. රජයේ මන්ත්‍රීවරයකු කියන ආකාරයට මාරාන්තික උපවාස කිසිදින සාර්ථක වෙලා නැහැ. එවැනි මරණයක් සිදු වූයේ කොටි සංවිධානයෙන් නිසා මෙවැනි මරණවලට රජය වගනොකියන බව පවසනවා. මේ අය අද මාරාන්තික උපවාසයක් සිදු කරන්නේ මේ අය රවටපු නිසා. වත්මන් රජය වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාව රැවටුවා. මැතිවරණ 3ක් දිනා ගෙන දැන් ගුරු සංවර්ධන නිලධාරීන් අමතක කරලා. මොවුන් නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරීන්. අද මොවුන් මහපාරට වැටිලා. මහා ප්‍රේඩාකාරී දේශපාලනයක් ක්‍රියාත්මක කර මේ අය රවටා තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමතිවරු ආදී ගුරු සංවර්ධන නිලධාරින්ට පොරොන්දු දුන් අය අද සොයා ගැනීමට නොහැකි යි. අද: අධ්‍යාපනයත්, සංස්කෘතියත්, ආගම දහමත් විනාශ වී නිරාගමික රටක් නිර්මාණය කරන්න යන ගමන තුළ සෑම දෙයක්ම විනාශ කරමින් මේ රජය අධ්‍යාපනය පවා අසභ්‍යකරණය කරලා.
රජය, අගරු චෙක්පත් නිකුත් කර රටේ නීති කඩ කරලා
සංවර්ධන නිලධාරින් ලෙස ගුරු සේවයේ සිදු කළ විශිෂ්ට ක්‍රියාවලියට නිසි ඇගයීමක් නොමැති වුවත් වත්මන් රජය රටේ අනුමත කර ගෙන ඇති නීති රීති පවා කඩ කරමින් යනවා. 2025 නීතියක් හරහා අගරු චෙක්පත් නිකුත් කළ නොහැකි බවට නීතියක් ගෙන ආවත් වත්මන් රජය දිට්වා සුළු කුණාටුවෙන් විපතට පත් අයට සහන දෙනවා කියා දුන් චෙක්පත් සියල්ල අගරු වෙලා. මොවුන් ද රටේ නීතිය කඩකරලා. මේ චෙක්පත් දෙන එකත් තවත් ජවනිකාවක් වෙලා. මේ රජය ගුරුවන්ට ආගමික නායකයන්ට පවා සිදු කරන්නේ බොරුව.''


