‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය 14වෙනි දා එල්ෆින්ස්ටන් රඟහලේ දී...

‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය 14වෙනි දා එල්ෆින්ස්ටන් රඟහලේ දී...

කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සමාජ සත්කාරක ක්‍රියාවලියට ආධාර පිණිස, කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව මගින් සංවිධානය කරනු ලබන ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය මෙම මස 14වෙනි දා පස්වරු 6.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත කිරීමට නියමිත ය.

මෙම නාට්‍ය දැක්ම හුදෙක් රසවින්දනය සඳහාම පමණක් නොව, උදාර මානුෂීය අරමුණු රැසක් පෙරදැරි කරගෙන සංවිධානය වන්නකි. මෙයින් ලැබෙන ආදායම ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර දෙකක් සඳහා යෙදවීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇත.

පළමුවැන්න, කැලණිය විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලබන, ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම යි. දෙවැන්න, දිවයිනේ පිටපළාත්වල පිහිටි දුෂ්කර පාසල් තෝරාගෙන, එහි අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ (උසස් පෙළ) හදාරන දරුවන් වෙනුවෙන් පොත්පත් හා අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කිරීම යි.

මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ මාධ්‍ය ලේකම් සරත් කුමාර පෙරේරා ඇතුළු කණ්ඩායම උපරිම දායකත්වය ලබා දෙමින් සිටිති.

අසීරු තත්ත්ව යටතේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ගේ අනාගතය ආලෝකමත් කිරීම වෙනුවෙන් පෙළ ගැසෙන මෙම උදාර කර්තව්‍යයට සහය වීමටත්, ගුණාත්මක වේදිකා නාට්‍යයක් රසවිඳීමටත් එක්වන ලෙස සියලු නාට්‍ය ළැදි රසික ජනතාවට සහ ආදි විද්‍යාර්ථීන්ට සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටියි.

ජේ.මුණසිංහ

 

mamanewewenakenek

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න