විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ 'ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ' - විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය 2026 මාර්තු 03වනදා අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරෙයි.
එදින ප්‍රමුඛ දේශනය පවත්වනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා විසිනි.
දේශීය හා විදේශීය සමාජවිද්‍යාඥයින්, මානවවිද්‍යාඥයින් සහ ප්‍රකට ශාස්ත්‍රඥයින් වන වන එච්. එල්. සෙනෙවිරත්න, ජොනතන් ස්පෙන්සර්, අසංග තිලකරත්න, කාලිංග ටියුඩර් සිල්වා, ප්‍රදීප් ජෙගනාදන්, සසංක පෙරේරා, ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, දරිණි රාජසිංහම්-සේනානායක, මාර්ක් පී. විටකර්, ප්‍රේමකුමාර ද සිල්වා, ෆර්සානා හනිෆා, ගීතිකා ධර්මසිංහ, පත්මනේසන් ෂන්මුගේස්වරන්, අනුෂ්කා කහඳගමගේ සහ දයා සිසිර හේවාගමගේ යන විද්වත් පර්ෂදයේ ශාස්ත්‍රීය දායකත්වයෙන් රචිත ලිපි ඇතුළත් මෙම උපහාර ලිපිසරණිය විදර්ශන ප්‍රකාශනයකි.


