මාලිමාව ඩීල් දමා කොළඹ මහ නගර සභාවේ අය වැය දිනාගෙන ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.
කොළඹ මහ නගර සභාවේ අය වැය දෙවන වර කියැවීමේ ඡන්දයට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙකු සහභාගී නොවීම සම්බන්ධව පක්ෂයෙන් පියවරක් ගන්නා බව මන්ත්‍රිවරයා පැවසීය.
එසේ ම, මාලිමාවට ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරයා ගැන එම පක්ෂය තීරණය කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කීවේය.
කොළඹ මහ නගර සභාවේ අය වැය දෙවන වර කියැවීමේදී පක්ෂව ඡන්ද 58ක් සහ විපක්ෂව ඡන්ද 56ක් ලැබී ඇති බවට නගරාධිපතිනි විරායි කැලී බල්තසාර් ඊයේ (දෙසැ. 31) නිවේදනය කිරීම සම්බන්ධව විමසීමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මෙසේ වැඩිදුරට ත් සඳහන් කළේ ය.
“විපක්ෂයේ දෙදෙනෙක් ආවේ නෑ. ඉන් එක්කෙනෙක් සමගි ජන බලවේගයේ. අනෙක් කෙනා නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගේ පක්ෂයේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් සභාවට ඇවිත් ඡන්දය නොදී නැගිටලා ගියා. මුස්ලිම් කොංග්‍රසයේ එක්කෙනා මාලිමා පැත්තට ඡන්දය දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වැඩි වුණේ එක ඡන්දයයි. ඒගොල්ලන්ගේ 57ක් තිබුණ එක 58 වුණා. ඒ වුණේ අපේ විපක්ෂයේ එක ඡන්දයකින්. ඩීල් තමයි ඉතින්. පක්ෂයේ තීන්දුවට පිටින් ඡන්දය දෙනවා කියන්නේ ඉතින් ඩීල්නේ. මුස්ලිම් කොංග්‍රසය අවශ්‍ය පියවරක් ගනී. විපක්ෂව ඡන්දය දීලා තියෙන්නේ එයාලගේ පක්ෂයේ කෙනෙක්. අපේ කෙනෙක් නෙමෙයි. සමගි ජන බලවේගයේ කෙනෙක් සභාවට ආවේ නැහැ. එයාට සජබ පියවර ගන්නවා අනිවාර්යයෙන් ම.”
( Anuradha Herath - mawbima)

