‘Rebuilding Sri Lanka’ අරමුදලට මලෛයිගම් ජනතාවගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට මලෛයිගම් ජනතාවගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක  මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඊට අදාළ චෙක්පත මලෙයිගම් ජනතාව නියෝජනය කරමින් இரத்தினபுரி உதவும் கரங்கள் அமைப்பு ( රත්නපුර උපකාරක දෑත්) සංගමයේ උප සභාපති එස්. දයාලන් විසින් ඊයේ ද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිරිනමනු ලැබීය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, එම සංගමයේ ලේකම් ආර්. මනෝහරන්, කාන්තා සංවිධායිකා ජී. මනෝරංජිදම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් එස්. ශිවනේෂන් යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2025 12 25 at 09.06.30

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න