‘සජබ-එජාප එකතු කිරීම අභියෝගයක්’- තිස්ස අත්තනායක

‘සජබ-එජාප එකතු කිරීම අභියෝගයක්’- තිස්ස අත්තනායක

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් පක්ෂයක් බවට පත් කිරීම අභියෝගයක් බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සජබ කාර්යාලයේදී ඊයේ (ජන. 20) පැවසීය.

අනාගතයේදී පක්ෂ නායකයන් දෙපළ මේ සම්බන්ධයෙන් තීරණයකට පැමිණෙනු ඇති බවත් මහජනතාව අපේක්ෂා කරන තැනට පැමිණෙන්නට පක්ෂ නායකයන් දෙපළට යම් කාලසීමාවක් ලබා දිය යුතු බවත් සජබ ජාතික සංවිධායකවරයා කීවේය.

එක්වීමේ ආරම්භක පියවර වන්නේ සන්ධානගත දේශපාලනයක් ආරම්භ කිරීම බවත් තිස්ස අත්තනායක කීවේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වී තිරණාත්මක තීන්දු ගත් බවත් ඒ හරහා පක්ෂ දෙක තුළ හොඳ හිත තවත් වර්ධනය වූ බව ත් ඔහු පැවසීය.

පසුගිය 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විකෘති වූයේ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයෙත් බෙදීම හේතුවෙන් බව ඔහු කීවේය.

එබැවින් එකට වැඩකොට ජයග්‍රහණය කළ යුතුය යන ස්ථාවරය පාක්ෂිකයන් විසින් ඇති කර ගැනීම වරදක් නැති බව සඳහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න