කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ පුවත සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් (Select Committee), වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11වන ද්විපාර්ශ්විග දේශපාලන උපදේශන වටය කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී, 2026 අප්‍රේල් දෙවන දා පැවැත්විණි. දෙපාර්ශ්වය ම දෙරට අතර සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කළ අතර, සම්බන්ධතාවේ විෂය පථය සහ වැදගත්කම වැඩි දියුණු කිරීම සඳහා වන ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
ශ්‍රී ලාංකීය ගොවි පරපුර කෘෂි ව්‍යවසායකයන් බවට පරිවර්ථනය කරමින් ජීවිත උසස් කරවන බ්‍රවුන්ස් කෘෂි අංශය, බ්‍රවුන්ස් සුමෝ වර්ල්ඩ් හාවස්ටරය වෙනුවෙන් 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානයේදී "Glocal Brand of the Year" ලෙස කීර්තිමත් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
ජනාධිපතිතුමා හට බ්‍රික්ස් සමුළුවට ආරාධනා කළ මොහොතේ ඒයට සහභාගි වූයේ නම් තෙල් ලබාගැනීම මීට වඩා පහසු වන්නට තිබූ බවත් නමුත් ඒ මොහොතේ ඔහු සමුළුව මගහැරි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු ලබන සතියේදී අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව බකිංහැම් මාළිගය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ සහ පොත්පත් පිරිනැමීමේ උත්සවය පසුගිය 10දා බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.
මෙරට විදුලි සැපයුම අඛණ්ඩව සහ ස්ථාවරව සැපයීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළ ඊට මූලික හේතුවක් ලෙස සලකනු ලබන්නේ ලක්විජය බලාගාරයට සපයන ගල් අඟුරුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්
ගල් අඟුරු ගෙන්වීම සඳහා ටෙන්ඩරය ලබා දුන් ට්‍රයිඩන් චැම්පර් නැමැති ආයතනය අගෝස්තු මාසයේ 18වන දා ටෙන්ඩරය කැඳවන විට ලියාපදිංචි වී නොතිබුණ සමාගමක් යැයි විගණන වාර්තාවලින් ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
නොරොච්චෝල විදුලි බලාගාරයට බාල ගල් අඟුරු යෙදවීම නිසා නිශ්චිත මෙගාවොට් ප්‍රමාණය නිපදවීමට අපොහොසත් වී ඇති බව විපක්ෂය පෙන්වා දුන්න ද 12වන දා සිට 21වනදා දක්වා නිපදවූයේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවත්, 21වන දා ද විදුලිය නිෂ්පාදනය කර ඇත්තේ මෙගවොට් 181ක් අඩුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ෆේස්බුක් හි සිටින ආණ්ඩුවේ ආධාරකරුවනි,
බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර ප්‍රධාන මාර්ගයක කොටසක් හදිසියේ ගිලා බසී. ඒ හේතුවෙන්, එහි දැඩි හදිසි තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
මධ්‍යම බැංකොක් හි වජිර රෝහල (Vajira Hospital) අසල මාර්ගයක කොටසක් මෙසේ ගිලා බැසීමට ලක් වී තිබේ. ගිලා බැසීමෙන් මාර්ගයේ වර්ග කිලෝමීටර 900 ක ප්‍රදේශයක මීටර 50ක පමණ ගැඹුරින් යුත් ආවාටයක් හට ගෙන ඇත.
යළි දැනුම් තෙක්, එම රෝහළට රෝගීන් ඇතුළු කර නොගන්නා බව දැනුම් දී තිබේ.
භූගත දුම්රිය ආශ්‍රිත ඉදිකිරීමක් හේතුවෙන් අභ්‍යන්තර නාය යාමක් සිදු වී ඇතැයි ද වාර්තා වේ. සිද්ධියෙන් මාර්ග අභ්‍යන්තරයේ එලා තිබූ ජල නල පධතියක් පුපුරා ගිය අතර, විදුලියද විසන්ධි විය.
අනතුරින් කිසිවකු තුවාළ ලබා නැතැයි, තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්වර්කුල් (Anutin Charnvirakul) කියා සිටී. අවට පිරිස් ඉන් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කර තිබේ.
අනතුර සිදු වූ ස්ථානය සමීප නිරීක්ෂණයේ තබා කටයුතු කෙරෙන බව බලධාරීහු ප්‍රකාශ කරති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/24/2025
මුලාශ්‍රය :
Thailand works to tackle massive sinkhole in capital
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ඔක්: 09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් ඒ බව දැනුම් දුන්නා ය.
දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට
විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ලිතුවේනියානු ගුවන් අවකාශයේ පවතින බැලුන් තොගයක් හේතුවෙන් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව එරට රජය පැවසුවේය.
‘මෙ රජ් හී නොබෝසත්තු නොරජ් වෙත්වැයි’
‘අනාරාධයෙන්ම එන්නේ ය. අනාරාධනයෙන්ම යන්නේ ය.’ මේ ප්‍රකට බෞද්ධ ඉගැන්වීම හැම ජීවියෙකුට ම අදාළයි. අනුබුද්ධ නාගාර්ජුනයන් වියවුල් වූ මගේ මනස සකසන්න උත්සාහ කරනව.
අනුබුද්ධ නාගාර්ජුනයන් කියන හීනයේ ඇත්තටම ජීවත් වෙන මිනිස්සු මට මුණ ගැහුණෙ සමූල ඝාතන ගම්මානවල දී. සිංහල - දෙමළ සමූල ඝාතන ගම්මාන සිය ගණනක් අපේ රටේ තියෙනව.
‘කොතැන ඉඳන් එනවද ඇල්ලි මැල්ලියේ
බටලන්ද වධකාරය හොයන්න ගියේ 1994 අග.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

