මිල සූත්‍රයට අනුව පෙට්‍රල් තව රු 100කින් සහ ඩීසල් රු 200කින් වැඩි විය යුතුව තිබුන ද ආර්ථිකයට සහ ජනතාවට වන බලපෑම නිසා අවම මට්ටමකින් මිල වැඩි වීමක් සිදු කළ ද යුද්ධයේ අවසානයක් නොමැති වීම නිසා පවතින ලෝක ආර්ථික අස්ථාවරත්වය හමුවේ ලෝක තෙල් හා ගෑස් ම්ල සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ සම්මුඛ අදහස් දැක්වීමක දී ය.
හැකි ඉත්මනින් අප ලෝක වෙළඳපළ මිලට අපේ මිල ගැළපීමට ලක් කල යුතු බවත්, ජනාධිපතිතුමා ගේ පාර්ලිමෙන්තු කථාව අනුවත් අප සිටින්නේ අවදානම් ස්ථානයක බවත්, වැඩි මිලට හෝ තෙල් ලැබීම තෙල් නැත්තට ම නැතිවීමට වඩා හොද යැයි ද ඔහු පැවසී ය.
මතු පළ වන්නේ ඔහු මේ සම්බන්ධයෙන් කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
