පෙර නොතිබුණු ආර්ථික විනයක් සහිත අය වැයක් - ක්‍රිෂාන් බාලේන්ද්‍ර

පෙර නොතිබුණු ආර්ථික විනයක් සහිත අය වැයක් - ක්‍රිෂාන් බාලේන්ද්‍ර

                                                                             ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

මෙවර අය වැය පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අය වැයක් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පවසයි.


2026 අය වැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අය වැය සාකච්ඡාවට එක්වෙමින් ක්‍රිෂාන් බාලේන්ද්‍ර සඳහන් කළේ, මෙමගින් නව ආයෝජන සඳහා පිවිසීමට පෞද්ගලික අංශයට විශ්වාසය ගොඩනැඟී ඇති බවය.

මෙවර අය වැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අය වැය සාකච්ඡාව සිකුරාදා රාත්‍රියේ කොළඹදී පැවැත්වුණි.

2026 අය වැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අය වැය සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැඩිදුරටත් මෙසේද කීය.

“වසර ගණනාවකට පසුව අපි දකිනවා අඩු උද්ධමනකාරී තත්ත්වයක් සහ කාලයක් පුරා පවතින අඩු පොලී අනුපාත තත්ත්වයක්. කාලයත් සමග පෞද්ගලික අංශයේ වැඩිවන මේ විශ්වාසය මෙරටට හොඳ වෙනසක් සිදුකරනු ඇති. මෙවර අය වැයේ තිබෙන වැදගත්ම සාධකය වනුයේ ආර්ථික විනය පවත්වාගෙන යෑමයි. මෙම විනය පෞද්ගලික ව්‍යාපාර ක්‍රියාත්මක වන හෝ සාර්ථක වන ආකාරය කෙරෙහි බෙහෙවින් බලපානවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න