පුරාවිද්‍යාවත් මාලිමාකරණයේ ද ?

පුරාවිද්‍යාවත් මාලිමාකරණයේ ද ?

ලංකාවේ රාජ්‍ය ආයතන අතර පැරැණිතම රාජ්‍ය ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන කරුණු වගයක් හොයද්දි දැනගත්ත එකක් ඒකෙ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හිස්වෙලා සෑහෙන්න කලක් තාම අලුතින් කෙනෙක් පත්කරල නැහැ කියන එක.

හැබැයි ඒකෙ වෙබ් සයිට් එකේ නම් තුසිතා මෙන්ඩිස් මහත්මයා තමා ඒ තනතුරේ ඉන්නෙ කියල තියෙනවා.

ලෝකයේ වැඩිපුරම පුරාවස්තු තිබෙන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාව වැනි රටක පුරාවස්තු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර ඉතාම වැදගත්. ඉස්සර සෙනරත් දිසානායක මහත්තය එක්ක එහෙම විවිධ අවස්ථාවන්වල වැඩ කරල තියෙන හින්ද දන්නවා ඒක ඉතා බලවත් තනතුරක්.

සෙනරත් පරණවිතාන වැනි කීර්තිමත් පුද්ගලයන් තමයි මේ තනතුරුවල කටයුතු කළේ. දැන් මේ දෙපාර්තමේන්තුවත් ඉතාම ශෝචනීය විදියට දේශපාලනීකරණය කරන්න යනවා කියල තමයි තොරතුරු ලැබුනෙ.

226සෙනරත් පරණවිතාන

මේ ඉතා වැදගත් තනතුරට සම්මුබ පරීක්ෂණයක් පහුගිය දවසක තිබුන වගේම ලකුණු 71ක් ලබාගෙන ඒකෙන් මුල්තැනට පත්වුනේ  මහාචාර්ය මංගල කටුගම්පොල මහත්තය.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීයෙක් උනාට මංගල මාලිමාවෙ ගොට්ටෙක් නෙමේ හින්ද ඒ තනතුරට ලකුණු 53ක් ගත්ත මාලිමාවෙ සට්ටැඹියෙක් වෙන දෙවනියව දාන්න ආන්ඩුවට ඕනෙ වෙලා තියෙනවා.

මේ ආන්ඩුව ටෙන්ඩර් දාද්දි  තමන් ඉලක්ක කරගත්ත කරගත්ත එක්කෙනෙක් වෙනුවෙන් පිරිවිතරයන් දාන එක දිගටම කරනවා. අලුත්ම වැඩේ නම් මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරටත් වයස අවු 50 කියන අවශ්‍යතාව දාගන්න හදනවා. එතකොට මංගල කැපෙනවා.

දෙවනියා කෙලින්ම ඇතුලෙ .

'සුනිල් සෙනවි' ඇමති උනාම කවි ගී ලිව්ව අයට ලැජ්ජ හිතෙයිද දන්නෙ නෑ. හැබැයි මනුස්සයා තමා මේක පිටිපස්සෙ ඉන්නෙ. මම හිතන්නෙ නෑ එ වගේ ඇමතිකෙනෙක්ට මේ වගේ තීරනයක් ගන්න පුලුවන් කියල, අනුර ගෙ හරි ටිල්වින් ගෙ හරි අවශ්‍යතාවක් නැතුව.

විගණකාධිපති වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කියන්නෙ ලංකාවේ ලොකුම බලතල තියෙන තනතුරක්

ඇයි මේව හිස් ?

ටිල්වින් නම් අදාලම නැහැ. හැබැයි ලැජ්ජයි අනුර .


(උපුටා ගැනීම - Sanjeewa Batuwatta ගේ ෆේස්බුක් පිටුවෙන් )

Image ©️Paul Williams 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න