#newstube

  • පෙබරවාරි 11 වෙනිදා රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොළඹට - GMOA

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනට පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට හේතුව ස්ථානමාරුවීම් නොවන බවත් රජය තම ඉල්ලීම් නෙතකා හරිමින් කටයුතු කරන බැවින් පෙබරවාරි 11 වෙනිදා රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොළඹට කැඳවීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.

  • පෙම්වතාගේ නිරුවත ප්‍රසිද්ධ කළ ඉංජිනේරුවරිය අත්අඩංගුවට

    සිය පැරණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කන්දර්මඩම් හි පදිංචි 25 හැවිරිදි තරුණ පරිගණක ඉංජිනේරුවරියක් බව පොලිසිය පවසයි.

    තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයක් ඔස්සේ බෙදාහැර ඇති බවත් එය තම පෙර පෙම්වතිය විසින් සිදුකර ඇති බවත් කියමින් යාපනය ප්‍රදේශයේ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණී.

    ඒ අනුව එම කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයකට මුදාහැර ඇත්තේ පැමිණිලිකරුගේ පෙර පෙම්වතිය බවට එහිදී අනාවරණය වී ඇත.

    මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මීට වසර පහළොවකට පමණ පෙර සිට පැමිණිලිකරු හා පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පෙම්වතා මැයගෙන් වෙන් වීම හේතුවෙන් ඇය දැඩි සිත්තැවුලකට හා වේදනාවකට ලක්ව සිට ඇති බවත් ඒ හේතුවෙන් පළිගැනීමක් ලෙස මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති බවත් අනාවරණය වී ඇත.

    සැකකාරිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. කරුණාරත්නගේ උපදෙස් මත උතුරු පළාත් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුකුමාර ඇතුළු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

    ( aruna | එෆ්. අස්ලම්)

  • පෙර නොතිබුණු ආර්ථික විනයක් සහිත අය වැයක් - ක්‍රිෂාන් බාලේන්ද්‍ර

                                                                                ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

    මෙවර අය වැය පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අය වැයක් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පවසයි.

  • පෙරටුගාමිහු ඉරාන තානාපති හමු වෙති

    ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (26) ඉරාන තානාපති කාර්යාලයේ දී පැවැත්වුණි.

  • පෙරටුගාමීන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවනවා ද...? - Ideas front වීඩියෝවක්

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් දෙදෙනා ගේ මොළය වසර විස්සකින් පරිණාමය වී නොමැති බවත්, ඔවුන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවන බවටත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න චෝදනා කළේ ය.

  • පෙරපාසල් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    දරුවන්ගේ මොළයේ වර්ධනය 70%ක් සිදු වන්නේ උපතේ සිට පෙරපාසල් සමයේ වුව ද මේ මුල් ළමා විය අප රටේ නිදහස් නිවහල් නොවන බැවින් පෙරපාසල දරුවන් ගේ පෝෂණ මට්ටම් පිලිබඳ ජාතික වැඩසටහනක් අවශ්‍ය යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

  • පෙසපෙන් මහජන උපයෝගිතා කොමිසම වෙත පැමිණිල්ලක්

    2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික පද්ධති කළමනාකරණ සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එහි දී රුපියල් බිලියන 41ක පිරිවැය හිඟයක් පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 40% සිට 50% දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

  • පේරාදෙණිය සරසවියෙන් පිරිනැමූ පදක්කමක් ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

    2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන "මහාචාර්ය ඊ.ඕ.ඊ පෙරෙයිරා" රන් පදක්කම අදාළ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීය.

  • පොඩි එකාගේ ලියැවිල්ල

    කළිඳු ගේ ප්‍රශ්නත් ප්‍රශ්න ද...?

    වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා සමග පසුගිය දා දෙරණ 360 ' වැඩසටහනේ දී කළිඳුට තිබුණු ' මාර ප්‍රශ්නය ' කුමක් දැයි අපේ අත්තම්මා සීයා ගෙන් ඇසුවා ය.

  • පොන්නි සම්බා ආනයනය සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් වෙයි

    කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.

    එමෙන්ම එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනය මගින් සඳහන් කර තිබේ.

    කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන මෙම (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

  • පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පනී

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර්  බිලියනය ඉක්මවා ගොස් තිබේ.

  • පොල් තෙල් පාරිභෝගිකයින්ට එලොව පොල් පෙනෙන වැඩක්...

    ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට අනුව එළඹෙන අප්‍රේල් පළමුවෙනිදා සිට වෙළදපොළෙහි පොල්තෙල් මිල වැඩි වීමට නියමිත බවත්, එසේ විමෙන්  මේ රටේ පාරිභෝගිකයන් හට පොල්තෙල් මිලට ගැනීමට සිදුවන්නේ වැඩි මිලට යැයි පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

  • පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටි තාරක නීතිඥ සංගමයේ තනතුර අතහරි

    ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන්  ඉල්ලා අස් වී ඇත.

    ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාරට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසක ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.

    ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නීතිඥ තාරක නානායක්කාර විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.

    කෙසේ වෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.

    මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත් මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.

     (ක්‍රිෂාන් ජීවක ජයරුක් - lankadeepa)





  • පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත්  පත්කර තිබේ.

    එච්.එම්.සී.පී. හේරත්  මීට පෙර කොළඹ දකුණ කොට්ඨාසයේ රාජකාරී සිදුකර ඇත.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවශයෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත පොලිස් ක්ෂේත්‍ර බලකායේ වැඩබලන අණදෙන නිලධාරී තනතුරට මාරු කර යැවීමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුව සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත්  පත්කර ඇත.

  • පොලිස් සහතික ගන්න ගමේ NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය මොකට ද...?

    පොලිස් සහතික ලබාදීමට මාලිමාවේ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඉල්ලා සිටීම බරපතල කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

  • පොලිස්පති වහා තනතුරෙන් ඉවත් කරන්න - නව ජනතා පෙරමුණ ඉල්ලා සිටී

    දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහයේ අංක 01 සහ අංක 05 කඩ කළ පොලිස්පතිවරයා වහා තනතුරෙන් ඉවත් කරන්නැයි නව ජනතා පෙරමුණ ඉල්ලා සිටියි.

  • පොලිස්පතිගේ පැමිණිල්ලක් නිසා වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්?

    පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් මත වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කිරීමට අධිකරණ කොමිෂන් සභාව තීන්දු කර ඇත.

  • පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා - සජිත් ප්‍රේමදාස

    පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • පොලිස්පතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක්!

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට එරෙහිව තමා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රකාශ කරයි.

  • පොලිසිය, සමන් ඒකනායක සොයයි; ඔහු අතුරුදන්

    රනිල් වික‍්‍රමසිංහට අදාළ නඩුව අද (ජනවාරි 28) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැඳවීමට නියමිතව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න