#newstube

  • ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන තුනක සභාපතිවරු ඉල්ලා අස්වෙති!

    ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන තුනක සභාපතිවරුන් ඉල්ලා අස්වි තිබේ.

  • ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) දින දහවල් 12.15 ට නිකුත් කරන ලදී.  

  • ප්‍රබල කාව්‍ය චින්තාවලියක් වූ මගේ මර්යාදාව

    රංජිත් මල්ලියාවඩු ලියූ “මගේ මර්යාදාව” ඔහු ගේ අටවෙනි කාව්‍ය සංග්‍රහය යි. කවියකු හැටියට ඔහු ගේ පරිණත භාවය පිළිබිඹු කරන මේ කවි සමුච්චය කවිය පිළිබඳ ව ඇති කවර මානයකින් විමසා බැලුව ද ජීවිතය නමැති මහා වෘක්ෂයෙහි අග්‍රතර කුසුම් සම්පත් ලෙස රසිකයන් ගේ චමත්කාරයට හේතු වනු දැනෙයි.

  • ප්‍රමිතියෙන් අඩු සූර්ය පැනල (Solar Panels) ගැන අවධානමක් !

    *පාරිභෝගිකයින් රැවටන ආයතන වලින් පරිස්සම් වන්න!

    *විශ්වාසනීය නොවන කුඩා සෝලා ආයතන නිසා පාරිභෝගිකයින්ට අසාධාරණයක්!

  • ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුව: ඖෂධ හිඟය හමුවේ ගත් හදිසි තීරණ සහ වෛද්‍ය විද්‍යාත්මක කරුණු මහාධිකරණයේ දී සාකච්ඡාවට

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම හරහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංචා කිරීමේ චෝදනාවට අදාළ නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (03) කැඳවූයේ ය.

  • ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු  ආනයනයෙන් රජයට විශාල පාඩුවක් - සංජීව ධම්මික

    ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු  ආනයනය කිරීමත් සමග අවශ්‍ය විදුලි ධාරිතාව ලබාගැනීමට විශාල ගල් අඟුරු තොගයක් දහනය කිරීමට සිදුවී තිබෙනබැවින්  රජයට විශාල පාඩුවක් සිදුවන්නේ යැයි සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සංජීව ධම්මික පැවසී ය.

  • ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරය අනතුරේ

    ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ලබන මාර්තු මස 01 වනදා සිට පූර්ණ වශයෙන් භාවිත කිරීමට සිදුවීම තුළින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට දැඩි හානි සිදුවීමේ අවදානමක් පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.

  • ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා ඉල්ලන්නේ පගාවක් නොවෙයි ද...? (විඩියෝ)

    රටට බස් ගෙන්වීමේ දී අදාළ බස් සමාගම්වලින් පගාව ඉල්ලා, තම ආණ්ඩුව කිසිදු දූෂිත කටයුත්තක නොයෙදෙන්නේ යැයි ලජ්ජාවක් නොමැතිව ම ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ යයි චාමර විජේසූරිය පැවසී ය.

  • ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.

  • ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න දිවි ගමනට සමු දෙයි

    නූතන සිංහල චිත්‍ර කලාවට පමණක් නොව සිංහල පුවත්පත් කලාවට ද විශිෂ්ට සේවාවක් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න සූරීන් අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

  • ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර දිවි සැරිය නිම කරයි

    ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර ඊයේ (07) දහවල් අභාවප්‍රාප්ත වුණි.

  • ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි සැරිය නිමා කරයි

    ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී ඇත.

  • ප්‍රවීණ රංගවේදී ගාමිණී සමරකෝන් දිවි සැරිය නිම කරයි

    ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

  • ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සේන සමරසිංහ දිවි සැරිය නිම කරයි

    සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වී ඇත.

  • ප්‍රංශ තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

    ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  අතර හමුවක් අද (13) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

    එම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සහකාර මෙහෙයුම් ප්‍රධානී මැතිව් ජෝන් (Matthiev JOHN) සහ මාධ්‍ය නිලධාරි දිනේෂා ඉලේපෙරුම  එක්ව සිටි අතර, ජනාධිපති අනුර දිසානායක  ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රංශ තානාපතිවරයා සිය ප්‍රශංසාව පළ කරන ලදී.

    විශේෂයෙන්ම ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියේ දී වඩාත් ශක්තිමත් ව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවීම ගැන සිය සතුට පල කළ තානාපති රෙමී ලැම්බට්, මාලිමා ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු වසරක කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රශංසාව පල කරන ලදී.

    එමෙන්ම වංචා දූෂණ පිටු දැකීම සහ ජාතික සමගිය ඇති කිරීමට දැනට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තානාපතිවරයා සිය ප්‍රසාදය පල කරන ලදී.




    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, තානාපති රෙමී ලැම්බර්ට් හමුවේ ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දූෂණය පිටුදැකීම මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා ගෙවුණු කාලය තුළ වැඩි අවධානයක් යොමු කළ බවත් 2026 වසරේ ආර්ථිකය ශක්තිමත් කරමින් මෙන්ම ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව කයටුතු කරමින් සිටින බවත්ය.

     




    කාන්තා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමටත් සාගර සම්පත් සුරැකීම සහ කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට සූදානම් බවත් ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් එහි දී සඳහන් කරණ ලදී.

    ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට සූදානම් බවත් ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේදී ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දිරිමත් කිරීමටත් මෙම හමුවේ දී ඔහු පොරොන්දු විය.

    ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රංශයට කිසිසේත්ම සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවද ඉදිරියේදී රාජ්‍ය නායකයින්ට ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද මෙහි දී ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට්  ආරාධනා කර තිබේ.

     

     

    tilwin

  • ප්‍රංශයේ අන්තර්ජාතික සිනමා උලෙළකදී ලංකාවේ පැරණි චිත්‍රපටි 12ක් ප්‍රදර්ශනයට

    ‘ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුමය’ ව්‍යාපෘතියේ අංගයක් ලෙස නොවැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා දක්වා ප්‍රංශයේ නැන්ටෙස් හි පැවැත්වෙන ‘ෆෙස්ටිවල් ඩෙස් 3 කොන්ටිනන්ට්’ හිදී සම්භාව්‍ය ශ්‍රී ලාංකික චිත්‍රපට දොළහක් ප්‍රදර්ශනය කෙරෙන බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

  • ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීමට පියවර

    ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් සහය දක්වන ලද යෝජනාවකට වයස අවුරුදු 15 ට අඩු අය සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කරන පනතකට ප්‍රංශ ජාතික සභාව සහාය ලබා දී ඇත.

  • ප්‍රශ්න ගත ලුණු ටොන් විසිතුන්දහසක් වරායේ හිරවේ

    මෙම වසරේදී මෙරටට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

    නිසි ප්‍රමිතියට නොමැතිවීම සහ පසුගිය මැයි මාසයේ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ලුණු ආනයනය කිරීමට ලබාදුන් අවසන් දිනය පසුවී මෙරටට ආනයනය කර තිබීම එම මෙට්‍රික් ටොන් 22,950 ලුණු තොගය රඳවා ගැනීමට ප්‍රධාන හේතු වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.

    එක් අවස්ථාවකදී නැවක තිබූ සම්පූර්ණ ලුණු තොගයකටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණ සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොලැබීමෙන් අදහස් වන්නේ එම ලුණු තොගයේ නිසි ප්‍රමිතියට නොමැති බවත් යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    මෙරටට මෙම වසරේදී වැඩිම ලුණු තොගයක් ආනයනය කර ඇත්තේ ආනයන සීමා ලිහිල් කළ පසුගිය ජූනි මාසයේදී බවත් පසුගිය ජූනි මාසයේදී මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 99,217 ක් ආනයනය කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    ආනයනය කළ එම ලුණු තොගයේ විටිනාකම රුපියල් කෝටි 396.61 ක් බවද ආරංචි මාර්ග පැවැසුවේය.


    (විමුක්ති එස් රුද්‍රිගු -lankadeepa)

  • ප්‍රශ්නගත ඉන්දීය එන්නත ගැන බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් !

    ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව පළවී ඇති මාධ්‍ය වාර්තාවලට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

  • ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තහනම් කරයි

    'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න