මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය රහසිගත සංවේදී තොරතුරු යූටියුබ් මාධ්‍යකරුවන්ට ලබාදී පොලිස්පතිවරයාගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පහළින් ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ ඔප්පු සහිත පන්සල් භූමිය තුළ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල් ගල තබා එදින පන්සල් භූමියේ තැන්පත් කළ බුදු පිළිමයට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතු වූ බවත්, බුදු පිළිමය ඊයේ රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කරන්නේ ආරක්ෂාව තහවුරු කිරීමට බවත් රජය පවසයි.
පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
මාතර දුම්රිය පොල ඉදිරිපිට දී පාසල් සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා ඇතුළු සිසුන් දෙදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඊයේ (10) නියෝග කලේය.
පසුගියදා කෝට්ටේ සෝලිස් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති එම පක්ශයේ වෛද්‍යවරුන්ගේ රැස්වීමට සහභාගිවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය තිලිණ දම්සිරිට අද උදෑසන පැවති GMOA විධායක සභා රැස්වීමේදී දැඩි විරෝධයක් එල්ලවී ඇත.
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පෝලන්ත බලධාරීහු අද (17) එරට ගුවන්තොටුපොළ දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත්හ.
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.
ජනවාරි මස 1වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර ඇත.
උත්සව සමයෙන් පසු ජනතාවට සිය දෛනික රාජකාරී සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් අද (16) සිට බස් සහ දුම්රිය ධාවනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව අදාළ බලධාරීන් ප්‍රකාශ කරයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ.
බංග්ලාදේශ ඇඟලුම් කම්හලක සහ ඊට ආසන්නයේ පිහිටි රසායනික ද්‍රව්‍ය තැන්පත් කළ ගබඩාවක ඊයේ (14) හටගත් ගින්නකින් 16 දෙනකු ජීවිතක්ෂයට පත් විය. අනතුරින් තවත් පිරිසක් තුවාළ ලබා සිටිති. මිය ගිය පුද්ගල සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවට බලධාරීහු අනතුරු අඟවති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඇඟලුම් කම්හලේ දෙවන සහ තෙවන මහල් වෙතින් දැවී ගිය මළ සිරුරු හමු වූ බව එරට ගිනි ආපදා සේවය පවසයි. මිය ගිය තවත් පුද්ගල මළ සිරුරු සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
එරට ධකා අගනුවර තදාසන්නයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලකින් යුත් ඇඟලුම් කම්හලක ගින්න හටගෙන තිබිණි. පසුව, එය අසල වූ රසායනික ගබඩාවක් වෙත ද පැතිරුණු බව වාර්තා වේ. පැය තුනකට ආසන්න මෙහෙයුමකින් අනතුරුව ගින්න පාලනය කළ බව ගිනි ආපදා සේවය පැවසීය. ඇඟලුම් කම්හල හෝ රසායන ගබඩාව සතුව ගිනි ආරක්ෂණ සහතික නොපැවති බවට ද වාර්තා වේ.
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් (Muhammad Yunus) සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පල කර සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/15/2025
Bangladesh garment factory fire kills 16, toll may rise
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) එරට ශිෂ්‍ය අරගලයෙන් පසු ප්‍රථම මැතිවරණ ජය ඊයේ (12) තහවුරු කර ගත්තේය.
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) සහභාගි විය.
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබේ.
බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.
බංග්ලාදේශයේ හිටපු අගමැතිනියක් සහ රටේ ප්‍රමුඛතම දේශපාලන නායිකාවක් වූ බෙගම් කලීඩා සියා 2025 දෙසැම්බර් 30 උදෑසන 6:00 ට ඩකා හි එවර්කෙයාර් රෝහලේ දී අභාවප්‍රාප්ත වූවා ය. ඇයට වයස අවුරුදු 80 කි.
බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබේ.
බංග්ලාදේශයේ බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් ඇතුළු ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් ඝාතන, ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජානිපෙ නායක විමල් වීරවංශ සඳහන් කරයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, සිය මුහුණුපොතේ සටහනක් පළකරමිනි.
එම සටහන මතු පළවේ.
බංග්ලාදේශයේ බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් ඇතුළු ආගමික සුළුතරයන් ඉලක්ක කරගත් ඝාතන, ප්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම් පිළිබඳ වාර්තා ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි.
අහිංසක සිවිල් වැසියන්ට සහ ඔවුන්ගේ ආගමික ස්ථානවලට එල්ල කරන ප්‍රහාර ම්ලේච්ඡ හා අමානුෂික වන අතර ලෝක ප්‍රජාව විසින් හැකි තරම් දැඩි ලෙස හෙළා දැකිය යුතුය.
බංග්ලාදේශයේ හින්දු සහ බෞද්ධ සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් බංග්ලාදේශ හමුදාව ඒකපාර්ශ්විකව වගකිව යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. චාරි හි කග්‍රා හි මුස්ලිම් නොවන පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාවට එරෙහිව විරෝධතා දැක්වූ විරෝධතාකරුවන්ට බංග්ලාදේශ හමුදාව වෙඩි තැබූ බව වාර්තා වේ. පළාත් පාලන ආයතනය විසින් බංග්ලාදේශ නීතිය යටතේ මහජන රැස්වීම් තහනම් කරන 144 වන වගන්තිය පැනවීමෙන් පසු මෙම රාජ්‍ය මර්දනය තීව්‍ර වී ඇත.
දිස්ත්‍රික්කය පුරා “හර්තාල්” හෝ වැඩ නතර කිරීමක් ඉල්ලා සිටිමින් විරෝධතාකරුවන් 144 වන වගන්තිය නොසලකා හැරියහ. 2024 අගෝස්තු මාසයේ සිට, වාර්තාවලින් පෙනී යන්නේ සුළුතර කාන්තාවන්ට එරෙහි ලිංගික අපයෝජන සිදුවීම් වලට අමතරව අවම වශයෙන් බෞද්ධ සහ හින්දු ආගමික ස්ථාන 152 කට හානි සිදුවී ඇති අතර නිවාස 157 ක් විනාශ වී ඇති බවයි. යුක්තිය සඳහා අඛණ්ඩ විරෝධතා මධ්‍යයේ, චැටෝග්‍රෑම් වැනි නගරවල මෙම සුළුතර බෞද්ධ සහ හින්දු ප්‍රජාවන්ට එරෙහිව නව ආකාරයේ වෛරී ප්‍රකාශ දක්නට ලැබේ.
ආගමික නිදහස යනු සෑම තැනකම ආරක්ෂා කළ යුතු සහ ගරු කළ යුතු මූලික මානව අයිතියකි. සෑම පුද්ගලයෙකුටම, ඔවුන්ගේ ආගම හෝ විශ්වාසය නොසලකා, ආරක්ෂිතව සහ පීඩාවන්ට බියෙන් තොරව ජීවත් වීමට අයිතියක් ඇත.
මෙම ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සහ එහි ආගමික සුළුතරයන් ඇතුළුව එහි සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට වහාම සහ තීරණාත්මක පියවර ගන්නා ලෙස මම බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටිමි. සියලු ප්‍රජාවන් එකට එකතු වී වෛරය සහ බෙදීම ප්‍රතික්ෂේප කරන ලෙස මම ඉල්ලා සිටිමි.
මෙම දුෂ්කර කාලය තුළ අපගේ සිතුවිලි වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් සමඟ ය. දකුණු ආසියාවේ සහෝදර ජාතීන් ලෙස, අපි සියලු ආකාරයේ ආගමික නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව එක්සත් වී සියලු මිනිසුන්ට සාමකාමීව සහජීවනයෙන් සිටිය හැකි ලෝකයක් කරා කටයුතු කළ යුතුය.
බංග්ලාදේශයේ සුළුතර බෞද්ධ සහ හින්දු ජනතාවට පීඩනය, අපයෝජනය, කුරිරු සහ පහත් සැලකිලි සහ වෙනස්කම් කිරීම් වලට බියෙන් ජීවත් වීමට හේතු වන සියලු තත්වයන් තුරන් කිරීමට බංග්ලාදේශ රජය පියවර ගනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.
( විමල් වීරවංශ )
2025.10.02
ඊශ්‍රායල හමුදාව අද (28) ගාසා තීරයේ බටහිර ඉවුරේදී පලස්තීන සන්නද්ධ සාමාජිකයින් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කළහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

