*පශු සම්පත් කර්මාන්තයේ නියැලී සිටින්නන්ට ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් ඉහළ බඩ ඉරිඟු ලබා ගැනීමට අවස්ථාවක්...!!!!
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
තොග මිල පහළ යාම නිසා නාඋල, දඹුල්ල, ගලේවෙල බතල අස්වනු අලෙවි කළ නොහැකිව ගොවි පවුල් තුන් දහසක් පමණ අන්ත අසරණ තත්ත්වයට මුහුණපා සිටිති.
දඹුල්ල තොග වෙළෙඳපොළේ බතල කිලෝවක තොග මිල රුපියල් 80 දක්වා පහළ ගොස් තිබෙන බව ගොවීහු පැවැසූහ.
දෛනිකව බතල කිලෝ තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් දඹුල්ල තොග වෙළෙඳපොළට සැපයෙන බවත් ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ යාමට හේතුව මිල කඩා වැටීම බවත් තොග වෙළෙන්දෝ පවසති.
නාඋල, අඹන, කොන්ගහවෙල, දඹගොල්ල , දඹුල්ල කණ්ඩලම, පහළඇරව්වල, ඇරව්වල, ගලේවෙල පහළවැව, දඹේයාය ඇතුළු ප්‍රදේශ ගණනාවක උස්සාන වාරි ජල සැපයුම් යටතේ බතල වගා කර තිබේ.
මේ දිනවල පවතින වැසි සමග බතල වගාව කුණු වීමේ අවදානමට පත්වී තිබෙන බවත් බතල කිලෝවක අවම ගැණුම් මිල රුපියල් 150ක් විය යුතු බවත් පෙන්වා දුන් ගොවීහු තම වගාවට පසු ගිය කන්නයේ සිට සාධාරණ මිලක් නොලැබුණු බවද පැවැසූහ.
(aruna)
බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි ලෙස බදු දැලට ඇතුළත් කර ගනිමින් බදු පදනම (Tax Base) පුළුල් කිරීම රජයේ මූලික උපායමාර්ගය යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසී ය.
හල්දුම්මුල්ල නගරය ආසන්න මාර්ගයේ ඉහළින් පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (25) උදෑසන වන විට යථා තත්වයට පත්කර වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරුවරයා පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබේ.
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ආපදා තත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගමනාගමනයට බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි පවසයි.
පසුගිය ආණ්ඩුවල හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් විසින් භාවිත කරන ලද, කොළඹ ප්‍රධාන පෙළේ ප්‍රදේශවල පිහිටි වටිනා නිල නිවාස රැසක් මේ වන විට නැවත රජය යටතට පවරාගෙන ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අද පාර්මේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණි.
ගල්අඟුරු සැපයුම්කරුවන් තෝරාගැනීමේ දී අනුගමනය කරන ජාත්‍යන්තර තරගකාරී සීමිත ලංසු ක්‍රමය යටතේ සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීම සඳහා අනුගමනය කරන ලද්දේ එකම ක්‍රමවේදයක බවත්, ඒ අනුව මේ වනවිට සැපයුම්කරුවන් විසි (20) දෙනෙකු ම ලියාපදිංචි කර ඇති අතර කිසිම සැපයුම්කරුවකු වෙනුවෙන් පිරිවිතර වෙනස් කර නොමැති බව තහවුරු කළ හැකි යැයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
දූෂිත ගල්අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසට තමා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසී ය.
දූෂිත ගල්අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසට තමා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසී ය.
ඔහු මෙම අභියේගය එල්ල කළේ ඊයේ පාර්ලිමේන්තුවේ දී ය.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විසින් ගෙන ඇති ප්‍රධාන පියවර හතක සාරාංශය මතු දැක්වේ.
මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ පරිදිම වසර 2024 දී ද අප රටේ ජාතික ආර්ථික දියුණුවට ඉහළම දායකත්වය ලබාදුන් පළාත ලෙස බස්නාහිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
මේ වන වන විට බස්නාහිර පළාත් සභාව, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මැමෝග්රෑම් (Mammogram) යන්ත්‍රයක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා සීටී ස්කෑන් (CT Scanner) යන්ත්‍රක් මිලදී ගැනීමට කඩිනමින් කටයුතු සිදු කරමින් පවතී.
නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
කොළඹ වරාය හරහා කිසිදු භෞතික පරීක්ෂාවකින් තොරව පිටව ගොස් ඇති බව කියන ආන්දෝලනාත්මක බහාලුම් 323 පිළිබඳ සොයා බැලීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විපක්ෂය නියෝජනය කරන කාරක සභා සාමාජිකයන් ඉදිරිපත් කළ ප්‍රධාන සාක්ෂිකරුවන් සිවුදෙනකු කැඳවීමේ යෝජනාව, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

