පෙරපාසල් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පෙරපාසල් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දරුවන්ගේ මොළයේ වර්ධනය 70%ක් සිදු වන්නේ උපතේ සිට පෙරපාසල් සමයේ වුව ද මේ මුල් ළමා විය අප රටේ නිදහස් නිවහල් නොවන බැවින් පෙරපාසල දරුවන් ගේ පෝෂණ මට්ටම් පිලිබඳ ජාතික වැඩසටහනක් අවශ්‍ය යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

''අද වන විටත් කාලයක් පුරාවටම අප රටේ පෙරපාසල අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අවිධිමත් හා නියාමන පද්ධතියක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව යි. එය වාණිජ කරණයට ලක්විම නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී තිබෙනවා. ගාස්තු අවධිමත් ආකාරයට අය කිරීම නිසා අපහසුතාවට පත්ව තිබෙනවා. ඊට අමතරව ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියන් හා පාලිකාවන්ට ලැබෙන දීමනා ද අඩු නිසා ඒ අයට ආර්ථික රැකවරණය ද අහිමි වෙලා. ඒ නිසා ඔවුන් ද බහුවිධ ප්‍රශ්න අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. එබැවින් පෙරපාසල් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කර පළාත් සභාවලට අවශ්‍ය ආකාරයට ප්‍රඥප්ති නිර්මාණය කිරීමට ඉඩ නොදිය යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න