පෙරටුගාමිහු ඉරාන තානාපති හමු වෙති

පෙරටුගාමිහු ඉරාන තානාපති හමු වෙති

ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (26) ඉරාන තානාපති කාර්යාලයේ දී පැවැත්වුණි.

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් ඉරාන ජනතාවට එරෙහිව ගෙන යනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගින් දිගටම විරුද්ධ වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඉරාන ජනතාව මත එල්ල කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එරට ජනතාව ගේ අරගලයට සහාය පළ කරයි. එසේම ඉරානයේ දේශපාලන අනාගතය තීරණය කිරීමට අයිතිය ඇත්තේ එරට ජනතාවට බව අවධාරනය කරන පෙ.ස.ප., බටහිර අධිරාජ්‍යවාදීන්ට හෝ ඔවුන්ගේ රූකඩයන්ට එය තීරණය කිරීමට අයිතියක් නැති බව අවධාරණය කරයි.

ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර ඇතුළු බලහත්කාර පීඩනය වහාම නවතන ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කළ පෙ.ස.ප. විදේශවල දී ද පැවති එවැනි විරෝධතාවලට සහභාගි විය.

ඉරාන තානාපතිවරයා සමඟ පෙ.ස.ප. නියෝජිතයන් කළ සාකච්ඡාවේ දී ලංකාවේ වාමාංශික ව්‍යපාරයේත් ප්‍රගතිශීලි ජනතාවගේත් සහයෝගය ඉරාන ජනතාව වෙත ප්‍රකාශ කරන ලදී.

පෙරටුගාමිහු ඉරාන තානාපති හමු වෙති 01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න