පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් දෙදෙනා ගේ මොළය වසර විස්සකින් පරිණාමය වී නොමැති බවත්, ඔවුන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවන බවටත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න චෝදනා කළේ ය.
ඔහු මෙලෙස චෝදනා කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ප්‍රායෝගිකත්වය කප්පරක් ඇති අය මේ වන විට බලය ලබා ගෙන තිබුණ ද රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටින්නේ එම පක්ෂයේ පිරිස නොවන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

