ඉන්දියානු රංගන ශිල්පිනියක් වන සායි පල්ලවී (Sai Pallavi) ඇගේ සහෝදරිය වන පූජා කන්නන් සමඟ වෙරළ තීරයක නිවාඩුවක් ගත කරමින් සිටියදී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළවීමත් සමඟ එම ඡායාරූප සම්බන්ධයෙන් ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මෙම ඡායාරූප අතර සායි පල්ලවීගේ සහෝදරිය වන පූජා, වෙරළේ විවේක ගන්නා ආකාරය, ඔවුන් දෙදෙනාගේ සමීප සෙල්ෆි ඡායාරූප සහ සායි පල්ලවීගේ ඡායාරූප කිහිපයක් ද ඇතුළත්ව තිබුණා.
ඒ අතර සායි පල්ලවී පිහිනුම් ඇඳුමකින් සිටින ඡායාරූප කිහිපයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වෙමින් තිබෙනවා.

මෙලෙස විවේචනය කරන පුද්ගලයින් සඳහන් කරන්නේ, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී සිටින සායි පල්ලවීගේ ප්‍රතිරූපයට මෙය හානියක් බවයි.
කෙසේවෙතත්, නිතේෂ් තිවාරිගේ රාමායන චිත්‍රපටයේ සීතාගේ චරිතයට රංගනයෙන් දායක වන සායි පල්ලවී, පිහිනුම් ඇඳුම් ඇඳ සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කිරීම පිළිබඳව ඇතැම් පිරිස් දැඩි ලෙස ඇය විවේචනයට ලක් කර තිබෙනවා.
එමෙන්ම බොහෝ රසිකයන් සායි පල්ලවී හට සහය පළ කරමින් පවසන්නේ, වෙරළ තීරයක නිවාඩුවක් ගත කරමින් සිටිනා විට මෙවැනි ඇඳුමක් ඇඳීම වරදක් නොවන බවයි
මේ සම්බන්ධයෙන් සායි පල්ලවී මෙතෙක් කිසිදු අදහසක් පළ කර නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් මේ වන විට ඇයගේ සහෝදරියගේ ඉන්ස්ට්‍ර්ගෑම් පිටුවෙන් සායි පල්ලවී පිහිනුම් ඇඳුමෙන් සැරසී සිටින අදාළ ඡායාරූප සියල්ල ඉවත් කර තිබෙනවා.
(news19.lk)
Sai Pallavi trolled for wearing swimsuit, because saree girl can't be a beach babe
Actor Sai Pallavi trolled for wearing swimwear at beach, fans defend her
'Ramayana' Actress, Sai Pallavi Dons Swimsuit During Beach Vacation, Fans Defend Her Over Trolling
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය ( Cancer Early Detection Centre) වසර 20 ට වැඩි කාලයක් නාරාහෙන්පිට, ඇල්විටිගල මාවතේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියේ රොටරි සමාජයෙහි (Rotary Club) අනුග්‍රහය මගිනි.
වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යළි මතක් කර දීමකි.
හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.
පසුගිය නොවැම්බර් මස 02 සිට 15 දක්වා යුරෝපයේ පැවති ජාත්‍යන්තර ටේබල් ටෙනිස් සංගමය (ITTF) මගින් සංවිධානය කරන ලද කනිෂ්ඨ අංශයේ ශ්‍රේණිගත කිරීම් තරග තුනකට සහබාගී වීමට ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන තාවී සමරවීරට අවස්ථාව හිමි විය.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ ජීවන ගමනට නැවතුම තබා පසුවුන 15වන දාට සිවු වසරක් ගත විය. නවකයින් ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා ගෞරවයෙන් සිහිපත් කරමි.
පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවාවන් අද (20) සිට යළි ආරම්භ කර තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ තේරී පත්ව තිබේ.
පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.
‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.
ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.
එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.
රජයේ සියලු ම රෝහල්වල පවතින සායනික අපද්‍රව්‍ය කළමනාකරණයේ දි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මත එය සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු කිරීම සහ එමගින් මූල්‍ය වංචාවක් සිදු කළ බව දන්වමින් 'පුරවැසියෝ සංවිධානය' ලේකම් කැළුම් අමරසිංහ ඊයේ (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් බාර දුන්නේ ය.
ලංකාවේ රාජ්‍ය ආයතන අතර පැරැණිතම රාජ්‍ය ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන කරුණු වගයක් හොයද්දි දැනගත්ත එකක් ඒකෙ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හිස්වෙලා සෑහෙන්න කලක් තාම අලුතින් කෙනෙක් පත්කරල නැහැ කියන එක.
සමාජ මාධ්‍ය තුළ මෑතක සංසරණය වන දිනිති සහ සංගීත් ගේ මේ රොමෑන්තීය ඡායාරූපය තුළින්, මා පෞද්ගලිකව අත්විඳි ආසන්නතම අත්දැකීමක ප්‍රතිබිම්බය දකිනු ලැබූයේ, සංවේදී හැගීම් කලාපයකට මා තල්ලුකර දමමිනි.
මේ දිනවල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ප්‍රධාන පෙලේ පුවත්පත් සමාගමට කොළඹ දිසා අධිකරණය මගින් රුපියල් තිස් කෝටියක (රුපියල් මිලියන 300කට) දඩයක් නියම කර ඇත.
ඉන්දියාවේ හයිද්‍රාබාද් ඉන්දීය තාක්ෂණ ආයතනයේ අවසන් වසරේ පරිගණක විද්‍යා ඉංජිනේරු ශිෂ්‍යයෙකු වන එඩ්වඩ් නේතන් වර්ගීස්, වසරකට රුපියල් කෝටි 2.5 ක වැටුප් පැකේජයක් සහිත රැකියා අවස්ථාවක් දිනාගෙන ඇත.
ලංකාවේ සියලුම බුද්ධිමත් දෙමව්පියන් සෑම වර්ගයකම පූජකයින් ගෙන් ඇසිය යුතු සරල, සෘජු ප්‍රශ්නයක් ඇත. ඒ අන් කිසිවක් නොව පාසලේ ලෞකික අධ්‍යාපනය ලබන තම දරුවාට දිය යුතු අධ්‍යාපනය තීරණය කිරීමට නුඹලා කවු ද යන්නයි.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවස යි.
ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (24)අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මිල සූත්‍රයට අනුව පෙට්‍රල් තව රු 100කින් සහ ඩීසල් රු 200කින් වැඩි විය යුතුව තිබුන ද ආර්ථිකයට සහ ජනතාවට වන බලපෑම නිසා අවම මට්ටමකින් මිල වැඩි වීමක් සිදු කළ ද යුද්ධයේ අවසානයක් නොමැති වීම නිසා පවතින ලෝක ආර්ථික අස්ථාවරත්වය හමුවේ ලෝක තෙල් හා ගෑස් ම්ල සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

