බිඳ වැටීමට ලක්ව තිබූ රජයේ මාර්ගගත සේවාවන් (online) මේ වන විට සම්පූර්ණයෙන්ම විසදා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ශණ නියෝජිතායතන (ICTA) දන්වා සිටී.
ඒ අනුව අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කල හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ශණ නියෝජිතායතන ප්‍රකාශ කරයි.
මෙසේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන් රාජ්‍ය ආයතන මගින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට බාදා එල්ල වූ අතර රාජ්‍ය ආයතන 34 ක පමණ සේවාවන් සඳහා සතියකට අධික කාලයක් මෙමඟින් බලපෑම් එල්ල විය.
( Ada.lk )
පසුගිය සිකුරාදා ජනාධිපති අනුර දිසානායක ඉතාමත් හදිස්සි කැබිනට් සංශෝධනයක් කළා.
ඒ සංශෝධනයේදී අමාත්‍යවරු දෙන්නෙක්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය වුනා.
මෙතනදී කාගේත් විශේෂ අවධානයට ලක්වුනේ බිමල්ට තිබුණ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වරාය හා සිවිල් ගුවන් සේවා විෂයන් බිමල්ගෙන් ගලවලා අනුර කරුණාතිලකට දීමයි.
සති අන්තයේ ප්‍රධාන පුවත්පතක් වාර්තා කර තිබුනේ මෙම නව පත්කිරීම් දේශාපාලන තීරනයකටත් වඩා රජයේ අමාත්‍යාංශ සහ ආයතනයවල ඔඩුදුවා ඇති අකාර්යක්ෂමතාව දූෂණය සහ පරිපාලනය සම්බන්ධයෙන් මේ වන විට රජය වෙත එල්ලවන චෝදනාවලට ප්‍රතිචාරයක් ලෙස විචාරකයන් හදුන්වා දෙන බවයි.
ලංකාවේ ප්‍රමුඛතම වරාය තුල රජය විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්ත දෙකෙහි දිගු ප්‍රමාදයන් හේතුවෙන් අපනයනකරුවන් සහ ආනයනකරුවන් අතර ඇති වූ අතෘප්තිය සහ බොහෝ දෙනෙකු 'දේශපාලන' මාරුවීම් ලෙස දකින දේ සම්බන්ධයෙන් සේවකයින් අතර ඇති වූ කලකිරීම මෙම ප්‍රධාන ආයතනය භාර අමාත්‍යවරයා වෙනස් කිරීමට රජයට බල කිරීමට හේතු වන්නට ඇත.
සිකුරාදා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, හදිසි කැබිනට් සංශෝධනයකින් (වරාය සහ සිවිල් ගුවන් සේවා) අමාත්‍ය ධුර දෙකකින් ඉවත් කර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයට නැවත පත් කරන ලදී. නව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යි.
කෙසේවුවද, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, බිමල් රත්නායක ට දැන් වැඩි වගකීම් ඇති බව පවසමින් ඔහු තනතුරෙන් පහත හෙලා ඇති බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.
කොළඹ වරායේ දිගුකාලීන පවතින තදබදය සහ බාධක වෙළඳ ප්‍රවාහයන් පීලි පැනවීමට සහ ජාතියේ උපායමාර්ගික මුහුදු මාර්ගය වටා ඉහළ පන්තියේ ගෝලීය නැව් මාර්ග රටතුලින් තල්ලු කිරීමට හේතු වන බැවින් අපනයනකරුවන් සහ ආනයනකරුවන් කලකිරීමට පත්ව සිටී.
එය වරාය පරිපාලනයේ සහ රේගු සම්බන්ධීකරණයේ ගැඹුරු දුර්වලතා හෙළි කර ඇති අතර එවැනි ව්‍යුහාත්මක දුර්වලතා දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රතිනැව්ගත කිරීමේ සහ සැපයුම් මධ්‍යස්ථානය බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිලාෂයට බාධා කරන බව ආයෝජනයන්ගේ අදහසයි.
මේ අතර, රාජ්‍ය පරිපාලනනයේ පවතින වරාය අධිකාරියේ (SLPA) ප්‍රධාන මාරුවීම් කාර්ය මණ්ඩලය අතර කලකිරීමට හේතු වී තිබේ.
කාර්ය මණ්ඩලයෙන් ලැබෙන පැමිණිලි අධික වන අතර බොහෝ දෙනෙක් කියා සිටින්නේ ඔවුන් දැන් ඔවුන් නොදන්නා දෙපාර්තමේන්තු වෙත මාරු කර ඇති බවයි. මෙම මාරුවීම් වෙනුවට සමහර රජයට පක්ෂපාතී සේවකයින්ට එක රැයකින් ලබා දී ඇත.
මේ අතර මූල්‍ය විශ්ලේෂණයකු සදහන් කර සිටියේ මේ සියලූ කාරණවලට ඉහලින් ඇත්තේ වර්තමාන රජය බලයට පත්වී වසරක් ගත වී ඇතත් ගෝථාභය පරිපාලන සමයේ දැඩි විවේචනයට ලක්වූ කොලබ බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි දෙවන පර්යන්තය ඉදිකිරීම පිලිබඳ වර්තමාන රජය පවත්වාගෙන යන ඇල්මැරුන ක්‍රියාකලාපය මූල්‍ය පහසුකම් සහ ප්‍රධානය ලබාදෙන ජපන් රජයේ දැඩි විවේචනයට ලක්වීම මෙම අමාත්‍යාංශ වෙනස් කිරීමට හේතු වූ බවයි. ජනාධිපති වරයාගේ ජපාන සංචාරයේදී මේ පිලිබඳව දීර්ග වශයෙන් සාකාච්චා කර ඇති බවද වාර්තාවේ.
මුලාශ්‍රය :
සිය බිරිඳ ඉතා කෲර ලෙස පිහියෙන් ඇන ඝාතනය කළ බවට වරදකරු වූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියේ කාඩිෆ් ක්‍රවුන් උසාවිය (Cardiff Crown Court) විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
YouTube හි වැඩිම නැරඹුම් වාර ලැබූ ගීතය මොකක්ද කියලා ඔබ දන්නවාද? ඔස්කාර් වේදිකාව හොල්ලපු "Naatu Naatu" සිට මුළු ලෝකය ම උමතු කරපු "Kolaveri Di" දක්වා ඉන්දීය සංගීත ලොව අලුත් කළ දැවැන්තම ගීත.
අපරාධ රාජ්‍යයක සාපරාධී අත්දැකීම් සියල්ල කැටි කර ප්‍රින්ස් ගුණසේකර නම් මානව හිතවාදී නීතීඥයා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතා පැමිණීමෙන් පසු ‘‘A Lost Generation’’ නම් කෘතිය රචනා කළේ ය.
බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ බීබීසී ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් ගේ ඉල්ලා අස්වීම ජනමාධ්‍ය භාවිතයේ විශ්වාසනීයත්වය පිළිබඳ නැවතත් සංවාදයකට මුල පුරා ඇත.
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට (බීබීසී) එරෙහිව ඩොලර් බිලියන 10 ක් දක්වා වන්දි ඉල්ලා ෆ්ලොරිඩාහි ඉහළ පෙළේ අපහාස නඩුවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තාකර ඇත.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑමත් සමග ඇතැම් පිරිස්, එයට හේතුව ආසන්න කාලයේ ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීම නිසා බව ප්‍රකාශ වන පෝස්ට් පළ කර තිබුණා; ශෙයාර් කර තිබුණා. ඒවා පළ කරපු , ශෙයාර් කරපු පිරිස් අතර දැන උගත් බුද්ධිමත් යැයි සමාජය විසින් හඳුනන පිරිස් හිටියා.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.
මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ වුවමනා ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ. සුබසිංහ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඇයට ලිඛිතවම කනගාටුව පළ කළේය.
ලෝකයේ මෙතෙක් විසූ බුද්ධිමතුන් හට තමන් අතීතයේ දී කළ කී දෑ අමතක වී හෝ අමතක කර නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
කරුවලගස්වැව, ථෙරවාදී ධර්මායතනයේ වැඩ සිටින පුජ්‍ය මග්ගවිහාරී හිමි දැන හඳුනාගන්නට ලැබුණේ රංග කලන්සූරිය Ranga Kalansooriya මිතුරාගෙනි. උන්වහන්සේ ථෙරවාදී බුදු සමය සහ ශාසනය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.
සැබැවින් ම බුදු දහම අනතුරෙහි වැටී ඇති නම් ඒ සඳහා වගකිව යුත්තේ රජය නොව භික්ෂූන් වහන්සේලා ම යැයි පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වදාළේ ය.
මෙම අනුරුවෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 21 දා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බුද්ධ ශාසන ආගමික කටයතු සංස්කෘතික ඇමැති, ධනවර්ධන ගුරුගේ, මාස්ටර් ගයිඩ් අධිපතිනිය, තිලකවර්ධන අධිපතිතුමා, ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.
මෙවැනි ඓතිහාසික ලියවිල්ලක් සමාජගත කිරීම පිළිබදව මුලින් ම ලයනල් බෝපගේ සහෝදරයා වෙත ගෞරවයෙන් සුභ පැතිය යුතු ය.
ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබෙන බවට ව්‍යාජ ලෙස ලේබලයේ සඳහන් කර හිසකෙස් ආලේපන වර්ගයක් (Hair Miracle) මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් හතළිස් දහසක (40,000) දඩ මුදලක් නියම කර ඇත.
වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදි ඔහු මෙසේද පැවසිය.
“ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.
හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?
දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.
මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”
රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභවාප්‍රාප්ත විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

