Image

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7යි: දිවයින පුරා දේවස්ථානවල විශේෂ අනුස්මරණ මෙහෙයන්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7යි: දිවයින පුරා දේවස්ථානවල විශේෂ අනුස්මරණ මෙහෙයන්

අහිංසක බැතිමතුන් සිය ගණනකට දිවි අහිමි කරමින් 2019 වසරේ එල්ල වූ බිහිසුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 7ක් සපිරෙයි.

එම මියගිය සහ විපතට පත් වූවන් සිහිපත් කරමින් දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම අද පෙරවරුවේ විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ප්‍රහාරය එල්ල වූ වේලාවන් ඉලක්ක කරගනිමින් දේවස්ථානවල සීනු නාද කිරීම සහ විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. මීට අමතරව ඉටිපන්දම් හා පහන් දල්වා මළවුන්ට පින් පැමිණවීමේ සහ යුක්තිය ඉල්ලා කෙරෙන යාඥා මෙහෙයන් ද පැවැත්වීමට නියමිතය.

මෙදින පැවැත්වෙන ප්‍රධානතම අනුස්මරණ දේව මෙහෙය කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී පැවැත්වෙයි. එය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර, ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් වැඩිම හානියක් සිදු වූ මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් ද විශේෂ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මකයි.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7ක් ගත වුවද, එහි මහමොළකරුවන් හෙළි කරගැනීම සහ විපතට පත් වූවන්ට පූර්ණ යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව තවමත් සිය විරෝධය සහ බලපෑම රජය වෙත එල්ල කරමින් සිටියි. අද දින පැවැත්වෙන දේව මෙහෙයන්හි දී ද මෙම යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න