මනුෂ්‍යයකු මිය යෑම ඛේදවාචකයක් බව කණගාටුවට කරුණක් වුව ද කිසියම් මනුෂ්‍යයකු මිය නොගිය ද එම පුද්ගලයා සතු සියලු දේපළ සහ ආදායම් මාර්ග අහිමි වීම මිය යෑමට වඩා ඛේදවාචකයක් යැයි මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
මිල පාලනය කිරීම නමැති සංකල්පයට තමන් අකමැති බවත්, මිල පාලනය කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩ හිඟය වර්ධනය වීම පමණක් බවත් ඔහු වැඩි දුරටත් පැවසි ය.
මතු පළ වන්නේ මහාචාර්ය රොහාන් සමරජීව Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විසිනි.

