Image

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය: රීච්ස්ටැග් ගින්නේ කූට උපක්‍රමයක් මෙන් නැවත ඇතිවීමක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය: රීච්ස්ටැග් ගින්නේ කූට උපක්‍රමයක් මෙන් නැවත ඇතිවීමක්

අවම වශයෙන් පුද්ගලයින් 290 දෙනකු ඝාතනය කරමින් සහ සිය ගණනක් තුවාල කරමින් කළ ප්‍රහාරය වෙනුවෙන්  (නවසීලන්ත මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයන්ට පළිගැනීමක් ලෙස) ISIS සංවිධානයට චෝදනා එල්ල කරමින් 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාරය දැන් ප්‍රෝඩාවක් බව හෙළිවෙමින් ඇති අතර එය ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.

කගුස්තාන් ආරියරත්නම් නම් මෙම කතුවරයා, ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ සන්දර්භය තුළ නිල ආඛ්‍යානයන්හට අභියෝග කරයි.

කගුස්තාන් ආරියරත්නම්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක තේරී පත්වීමෙන් පසු, කොළඹ නව පරිපාලනය 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ සත්‍යය නව පරීක්ෂණයක් හරහා අනාවරණය කරන බවට පොරොන්දු වී තිබේ. මෙම ප්‍රහාරය පිටුපස මහ මොළකරුවන් ශ්‍රී ලංකා හමුදාව (යම් කොටසක්)  සහ බුද්ධි අංශ (යම් කොටසක්)  විය හැකි බව ආරියරත්නම් යෝජනා කරයි. බෝම්බ ප්‍රහාර පිටුපස ඇති සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා සහ සැබෑ කණ්ඩායම  ආරක්ෂා කිරීමට රජය ගන්නා ඕනෑම උත්සාහයක් හෙළිදරව් කිරීම සඳහා මෙම සිදුවීම තවදුරටත් විමර්ශනය කිරීමට මෙම කතුවරයා කැපවී සිටී.

 

0b298070 4ca8 11ee 9b58 cb80889117a8.jpg

 

රසල් ෆ්‍රෑන්ක් ගේ අදහස

අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකා රජය තම වසන් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන බව, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක උපදේශක මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රහාරයේ මහ මොළකරුවන් ආරක්ෂා කරන පොතකින් පැහැදිලි වේ. පෙන්ගුයින් රැන්ඩම් හවුස් විසින් ප්‍රකාශයට පත් කරන ලද "ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය: ජාත්‍යන්තර ප්‍රජාව සඳහා පාඩම්" යන ගුණරත්න ගේ කෘතිය ආගමික අන්තවාදය පැහැදිලි කිරීමට උත්සාහ කරන නමුත් ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවන බව රසල් ෆ්‍රෑන්ක් විසින් the Journal of American Folklore හි සඳහන් කර ඇත. කැනේඩියානු විද්වතකු වන අමර්නාත් අමරසිංහම් පවා වෙස්ට් පොයින්ට් හි ත්‍රස්තවාදයට එරෙහි මධ්‍යස්ථානයට කළ ප්‍රකාශනයෙන් පවා  මෙම  ප්‍රවෘත්ති ව්‍යාජ සහ වැරදි තොරතුරු බව ස්ථිර කරයි.

 

පාලන තන්ත්‍ර වෙනසක් අපේක්ෂා කිරීම

thumbs b c 75eff98c3349ee8013ca3ad87549f42e

මෙම ලිපිය ගෝලීය බලවතුන් ගේ සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වය ගැඹුරින් විමසා බලයි. එය ආසියා-පැසිෆික් කලාපයේ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික තත්ත්වය සහ ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යනාදි ප්‍රධාන ක්‍රීඩකයින් කෙරෙහි එහි බලපෑම කෙරෙහි අවධානය යොමු කරයි. කතුවරයා, අභ්‍යන්තර සංවාද සහ විවෘත මූලාශ්‍ර සාක්ෂිවලින් උපුටා දක්වමින්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේදී ශ්‍රී ලංකා හමුදාව (යම් කොටසක්) සහ දේශපාලන නායකත්වය (යම් කොටසක්)  විසින් සිදු කරන ලද අසාධාරණය පිළිබඳව ආලෝකය විහිදුවයි. ශ්‍රී ලංකාව එහි අවශ්‍යතා සමග වඩාත් සමීපව පෙළගැස්වීම සඳහා පාලන තන්ත්‍ර වෙනසක් අපේක්ෂා කරමින්, චීන මැදිහත්වීමක් (ගෝලීය භූ දේශපාලනික, ආර්ථික සහ තාක්ෂණික භූ දර්ශන හරහා තීරණාත්මක බලපෑමක් නියෝජනය කරන අතර, එහි 15 වන පස් අවුරුදු සැලැස්ම (2026–2030) යටතේ චීනයේ ජාතික ආරක්ෂාව සහ එහි තාක්ෂණික ස්වයං විශ්වාසය කෙරෙහි බීජිනයේ අවධානය යොමු කිරීම මගින් මෙම මැදිහත්වීම මෙහෙයවනු ලැබේ.) ගැන යෝජනා කෙරේ.

 

ඩිජිටල් තොරතුරු යුගයේ සත්‍යය සෙවීම

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ISIS සංවිධානය සිටින බවට ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම දේශීය ජනතාව ද විශ්වාස කිරීමට උනන්දු කරවීම ගැන  ශ්‍රී ලංකා හමුදාවට (යම් කොටසක්)  සහ බුද්ධි ප්‍රජාවට (යම් කොටසක්)  චෝදනා එල්ල වෙමින් පවතී. මෙම ත්‍රස්තවාදී සංවිධානය ගෝලීය තර්ජනයක් බවට පත්ව ඇති බව ජනතාවට සිතීමට මෙම සිද්ධිය හේතු වී තිබේ. කෙසේ වෙතත්, ISIS වෙනත් කෙනකුගේ උපායමාර්ගික රැවටීම් සහ කළු ක්‍රියාවලින් ප්‍රයෝජන ගනිමින් සිටින බවට ද බොහෝ ඉඩ තිබේ. මෙම ප්‍රචාරයට එරෙහිව සටන් කිරීම සඳහා, මෙම පාඨයේ කතුවරයා තොරතුරු බෙදා හැරීම, දැනුවත්භාවය පතුරුවා හැරීම සහ ඵලදායී ප්‍රති-ආඛ්‍යාන නිර්මාණය කිරීම සඳහා සමාජ මාධ්‍ය සහ වෙනත් ඩිජිටල් වේදිකා භාවිතා කිරීමට තීරණය කර ඇත. ඩග්ලස් අයිමන් ඔහුගේ 2015 කෘතියේ සඳහන් කළ පරිදි, ඩිජිටල් වාචාලකම විශ්ලේෂණාත්මක මෙවලමක් සහ ඒත්තු ගැන්වීමේ සන්නිවේදනය නිෂ්පාදනය කිරීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කළ හැකි අතර, එය ඩිජිටල් තොරතුරු යුගයේ සත්‍යය සෙවීම සඳහා කදිම මාධ්‍යයක් බවට පත් වී තිබේ.

 

සාම්ප්‍රදායික අර්ථකථන රාමු ඉක්මවා යෑමේ වැදගත්කම

WhatsApp Image 2026 06 17 at 6.47.37 AM

මෙම ප්‍රති-ආඛ්‍යානය ISIS සහ ජාතික තව්හීද් ජමාත් (NTJ) වෙත නිල වශයෙන් සෘජුවම වරද පැටවීම  ගැන ප්‍රශ්න කරයි. කතුවරයා සිදුවූ  හානිය අවධාරණය කරන අතර ප්‍රහාරය “රීච්ස්ටැග් ගින්න” වැනි කුමන්ත්‍රණයකට සමානව මහජන මතයට බලපෑම් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් (යම් කොටසක්) විසින් උපායමාර්ගිකව ගණනය කරන ලද පියවරක් ද යන්න පිළිබඳව සැක මතු කරයි. මෙම අධ්‍යයනය විවේචනාත්මක ඉදිරිදර්ශනයක් වෙනුවෙන් පෙනී සිටින අතර, රජය විසින් පාලනය කරනු ලබන මාධ්‍ය ආඛ්‍යාන මත පමණක් රඳා නොසිටීමට අනතුරු අඟවයි. බ්‍රිතාන්‍ය රූපවාහිනිය වන චැනල් 4 නිවුස් විසින් විකාශනය කරන ලද වාර්තා චිත්‍රපටයක් කතුවරයා ගේ නිගමන ශක්තිමත් කරන අතර සාම්ප්‍රදායික අර්ථකථන රාමු ඉක්මවා යෑමේ වැදගත්කම ඉන් ඉස්මතු කරයි.

 

ත්‍රස්තවාදය දේශපාලන මෙවලමක් ලෙස හැසිරවීම

ආරියරත්නම් ගේ විමර්ශනය, ආසියා-පැසිෆික් කලාපයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරයි, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යනාදි ගෝලීය බලවතුන් සමග එහි අන්තර්ක්‍රියා විශ්ලේෂණය කරයි. ඔහු ගේ විමර්ශණවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව එහි භූ දේශපාලනික කක්ෂයට ගෙන ඒම සඳහා පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීම සඳහා චීනයට යම් උනන්දුවක් තිබෙන්නට ඇති බවයි. විවෘත මූලාශ්‍ර බුද්ධි සහ අභ්‍යන්තර ගිණුම් හරහා, සාමාන්‍යයෙන් ප්‍රධාන අපරාධකරු ලෙස සැලකෙන ISIS, පුළුල් බුද්ධි මෙහෙයුමක දී පහසු ගොදුරක් ලෙස සූරාකෑමට ලක් වූවා ද යන්න පිළිබඳව අරියරත්නම් සැක මතු කරයි. ආරියරත්නම් ගේ විවේචනාත්මක  කේන්ද්‍රීය මූලධර්මවලින් එකක් වන්නේ ත්‍රස්තවාදය දේශපාලන මෙවලමක් ලෙස හැසිරවීමයි. මෙම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ භූමිකාව ප්‍රශ්න කරන අතර රාජ්‍ය පාලිත මාධ්‍යවලින් ඔබ්බට පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය ශක්තිමත් කරයි.

රජයේ නිල සිදුවීම් ප්‍රකාශනවලට එරෙහිව සටන් කිරීම සඳහා සමාජ මාධ්‍ය සහ ප්‍රති-ආඛ්‍යාන යොදා ගනිමින් සත්‍යය පතුරුවා හැරීමේ දී ඩිජිටල් යුගයේ කාර්යභාරය ද අරියරත්නම් ඉස්මතු කරයි. ඩග්ලස් අයිමන් ගේ කෘතිය උපුටා දක්වමින්, ප්‍රචාරණය විසංයෝජනය කිරීම සහ සැඟවුණු සත්‍යය අනාවරණය කිරීම සඳහා ඩිජිටල් වාචාලකම තීරණාත්මක මෙවලමක් ලෙස සේවය කළ හැකි ආකාරය ඔහු තදින් අවධාරණය කරයි. මාධ්‍ය සහ රජය බොහෝ විට වගවීම අපැහැදිලි කිරීම සඳහා එක්වන ලෝකයක ඩිජිටල් සන්නිවේදනයේ වැදගත්කම මෙම විමර්ශන ප්‍රවේශය තුළ  අවධාරණය කරයි.

 

සත්‍යය සෙවීමට දිගට ම බාධා

eastersundayattackw2

 

"ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය: ජාත්‍යන්තර ප්‍රජාව සඳහා පාඩම්" කෘතියෙහි  කර්තෘ රොහාන් ගුණරත්න සහ කැනේඩියානු විද්වතෙක් වන අමරනාත් අමරසිංහම් බඳු පුද්ගලයින් හරහා තම ආඛ්‍යානය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා රජය දක්වන නොපසුබට උත්සාහය, ආරියරත්නම් ගේ සත්‍යය සෙවීමට දිගට ම බාධා කරයි. හමුදාවේ (යම් කොටසක්) මැදිහත්ව සඟවන සහ එළිදක්වන වැරදි තොරතුරු ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර අවබෝධ ජාලය තවදුරටත් මඩ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයට ම චෝදනා එල්ල වී තිබේ.

අවසාන වශයෙන්, මෙම විවේචනාත්මක ප්‍රති-ආඛ්‍යානය නිල වශයෙන් දොස් පැවරීම ප්‍රශ්න කරන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවල පුළුල් භූ දේශපාලනික අභිප්‍රායන් සහ ප්‍රතිවිපාක ගවේෂණය කරයි. ඉදිරිපත් වන්නාවූ  වැරදි තොරතුරු බොහෝ විට වරදවා වටහා ගැනීමට සහ දොස් පැවරීමට හේතු වන ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී රාජ්‍ය අනුග්‍රහය ලත් ආඛ්‍යාන අඛණ්ඩව පරීක්ෂා කිරීම ඉල්ලා සිටී.

https://projectofive.ca/the-2019-easter-sunday-bombings-a-recurrence-of-the-reichstag-fire-like-ruse/

(2025 ඔක්තෝබර් 21 දින ප්‍රකාශයට පත්  කළ ලිපියකි)

WhatsApp Image 2026 06 15 at 8.42.17 AM 2

කගුස්තාන් ආරියරත්නම්

 

 

 

 

 

WhatsApp Image 2026 06 15 at 8.42.16 AM 

 

 

 සිංහල පරිවර්තනය - ඒ. චානක තිලකරත්න

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න