ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.
ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමක දී ඇයව මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගත් බව සඳහන් වේ.
ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනාගැනීමට ඇය සමත්ව තිබේ.
64 හැවිරිදි ඇයව ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරාගැණුනේ මීට දෙසතියකට පෙරයි.
ඒ පාලක පක්ෂය තුළ ඇතිවිය හැකි බෙදීම වළක්වා ගැනීමට හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීම වෙනුවෙනි.
කෙසේ නමුත් ඒ සමඟම මෙතෙක් පාලක පක්ෂය සමඟ සිටි කොමෙයිතෝ පක්ෂයේ සහාය තකයිචිට අහිමිවිය.
කෙසේ නමුත් විපක්ෂයේ දක්ෂිණාංශික පක්ෂයක් වන ජපාන නව්‍යකරණ පක්ෂය සමඟ සන්ධානගතවී සිය බලය තහවුරු කරගැනීමට ඇය ඊයේ දිනයේදී සමත්වූයේ අගමැති ධුරය සඳහා වන සිය ගමන් මඟ පැහැදිලි කරගනිමිනි.
මන්දගාමී ජපාන ආර්ථික යළි ගොඩනැගීම, ගිලිහෙමින් පවතින ජපාන - අමෙරිකා සබඳතා තර කරගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම ඇය හමුවේ ඇති අභියෝග වේ.
1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි 1996 වසරේදී පළමුවරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසි අතර මේ වනවිට අවස්ථා 10 කදී සිය පාර්ලිමේන්තු අසුන රැකගැනීමට ඇය සමත්ව තිබේ.
ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසට ද ප්‍රකටව සිට ඇත.
නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රක්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කලක් දිවයිනේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය ලෙස වැජඹුණ සමාගමක් සිතා මතා බංකොලොත් කොට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන දූෂිත විධායක නිලධාරියකුගේ මෙහෙයැවීමෙන් එම ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන ප්‍රකාශන තුනක් ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට ක්‍රියා කරමින් සිටින බව එහි සේවකයෝ පවසති.
නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේ 2025 වර්ෂයට අදාළ ඉදිරිපත් වූ අත්පිටපත් අතරින් හොඳම අත්පිටපත් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ දෙවන අදියර 2026 ජනවාරි මස 21 වන දින මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සිදුකරන ප්‍රකාශනාධාර ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂයේ අනුග්‍රහය ලත් අත්පිටපත් වෙනුවෙන් නියමිත ආධාර මුදල් සඳහා චෙක්පත් ප්‍රදානය 2025.12.05 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
මම කවදත් ‘කොන්දේසි විරහිත කලාවක්’ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කර 2026 ජනවාරි මස 24වෙනි දාට වසර 16ක් සපිරෙ.
ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SMJDSL) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට අද ලිපියක් බාර දුන්නේ ය. ඒ, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ ඒකාධිපති වියරුවකට තල්ලු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දැනුවත් කිරීම සඳහා ය.
ඕනෑම පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදීව මහජනයා ගේ ජන්දයෙන් බලයට පත්වුව ද ඔවුන්ට විවිධ කණ්ඩායම්වල සහය ලබාගැනීමට සිදුවන්නේ යැයි කෘතහස්ත සාහිත්‍ය පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.
එක්සත් ජනපද - දකුණු කොරියා ආරක්ෂක සාකච්ඡා පිලිබඳ දැඩි විරෝධය පල කරන බව, උතුරු කොරියාව අද (08) නිවේදනය කළේය.
මේ වන විට ලංකාවේ ඉහළ මධ්‍යම පංතියේ පුද්ගලයින් පවා සිර ගෙට යන තත්ත්වයක් උදා වී ඇති බවත්, ඒ නිසා ම නොව සාමාන්‍ය පරිදි සලකා බැලුව ද, ලංකාවේ අධිකරණ පද්ධතිය සහ බන්ධනාගාර පද්ධතිය භෞතිකව ද, ආත්මීයව ද ප්‍රතිසංස්කරණය විය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
2026 වසරේ Silver Level කාණ්ඩයේ මළල ක්‍රීඩා තරගාවලියක් වන ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩඩ්නි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේ දී මේ දිනවල පැවත්වේ.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවේ .
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය:
කළුතර දිස්ත්‍රික්කය:
කෑගල්ල දිස්ත්‍රික්කය:
නුවරඑළිය දිස්ත්‍රික්කය:
රත්නපුර දිස්ත්‍රික්කය:
"දිට්වා" Ditwah සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍ර ගතව වී ඇති අතර මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

