පසුගිය නොවැම්බර් මස 02 සිට 15 දක්වා යුරෝපයේ පැවති ජාත්‍යන්තර ටේබල් ටෙනිස් සංගමය (ITTF) මගින් සංවිධානය කරන ලද කනිෂ්ඨ අංශයේ ශ්‍රේණිගත කිරීම් තරග තුනකට සහබාගී වීමට ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන තාවී සමරවීරට අවස්ථාව හිමි විය.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ ජීවන ගමනට නැවතුම තබා පසුවුන 15වන දාට සිවු වසරක් ගත විය. නවකයින් ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා ගෞරවයෙන් සිහිපත් කරමි.
පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ තේරී පත්ව තිබේ.
පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.
‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.
ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.
එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.
රජයේ සියලු ම රෝහල්වල පවතින සායනික අපද්‍රව්‍ය කළමනාකරණයේ දි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මත එය සිදු කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු කිරීම සහ එමගින් මූල්‍ය වංචාවක් සිදු කළ බව දන්වමින් 'පුරවැසියෝ සංවිධානය' ලේකම් කැළුම් අමරසිංහ ඊයේ (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් බාර දුන්නේ ය.
ලංකාවේ රාජ්‍ය ආයතන අතර පැරැණිතම රාජ්‍ය ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන කරුණු වගයක් හොයද්දි දැනගත්ත එකක් ඒකෙ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හිස්වෙලා සෑහෙන්න කලක් තාම අලුතින් කෙනෙක් පත්කරල නැහැ කියන එක.
මේ දිනවල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ප්‍රධාන පෙලේ පුවත්පත් සමාගමට කොළඹ දිසා අධිකරණය මගින් රුපියල් තිස් කෝටියක (රුපියල් මිලියන 300කට) දඩයක් නියම කර ඇත.
ඉන්දියාවේ හයිද්‍රාබාද් ඉන්දීය තාක්ෂණ ආයතනයේ අවසන් වසරේ පරිගණක විද්‍යා ඉංජිනේරු ශිෂ්‍යයෙකු වන එඩ්වඩ් නේතන් වර්ගීස්, වසරකට රුපියල් කෝටි 2.5 ක වැටුප් පැකේජයක් සහිත රැකියා අවස්ථාවක් දිනාගෙන ඇත.
ලංකාවේ සියලුම බුද්ධිමත් දෙමව්පියන් සෑම වර්ගයකම පූජකයින් ගෙන් ඇසිය යුතු සරල, සෘජු ප්‍රශ්නයක් ඇත. ඒ අන් කිසිවක් නොව පාසලේ ලෞකික අධ්‍යාපනය ලබන තම දරුවාට දිය යුතු අධ්‍යාපනය තීරණය කිරීමට නුඹලා කවු ද යන්නයි.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවස යි.
ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (24)අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනට පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට හේතුව ස්ථානමාරුවීම් නොවන බවත් රජය තම ඉල්ලීම් නෙතකා හරිමින් කටයුතු කරන බැවින් පෙබරවාරි 11 වෙනිදා රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොළඹට කැඳවීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.
සිය පැරණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කන්දර්මඩම් හි පදිංචි 25 හැවිරිදි තරුණ පරිගණක ඉංජිනේරුවරියක් බව පොලිසිය පවසයි.
තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයක් ඔස්සේ බෙදාහැර ඇති බවත් එය තම පෙර පෙම්වතිය විසින් සිදුකර ඇති බවත් කියමින් යාපනය ප්‍රදේශයේ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණී.
ඒ අනුව එම කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයකට මුදාහැර ඇත්තේ පැමිණිලිකරුගේ පෙර පෙම්වතිය බවට එහිදී අනාවරණය වී ඇත.
මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මීට වසර පහළොවකට පමණ පෙර සිට පැමිණිලිකරු හා පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පෙම්වතා මැයගෙන් වෙන් වීම හේතුවෙන් ඇය දැඩි සිත්තැවුලකට හා වේදනාවකට ලක්ව සිට ඇති බවත් ඒ හේතුවෙන් පළිගැනීමක් ලෙස මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති බවත් අනාවරණය වී ඇත.
සැකකාරිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. කරුණාරත්නගේ උපදෙස් මත උතුරු පළාත් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුකුමාර ඇතුළු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
( aruna | එෆ්. අස්ලම්)
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර
මෙවර අය වැය පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අය වැයක් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් දෙදෙනා ගේ මොළය වසර විස්සකින් පරිණාමය වී නොමැති බවත්, ඔවුන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවන බවටත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න චෝදනා කළේ ය.
දරුවන්ගේ මොළයේ වර්ධනය 70%ක් සිදු වන්නේ උපතේ සිට පෙරපාසල් සමයේ වුව ද මේ මුල් ළමා විය අප රටේ නිදහස් නිවහල් නොවන බැවින් පෙරපාසල දරුවන් ගේ පෝෂණ මට්ටම් පිලිබඳ ජාතික වැඩසටහනක් අවශ්‍ය යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන "මහාචාර්ය ඊ.ඕ.ඊ පෙරෙයිරා" රන් පදක්කම අදාළ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීය.
කළිඳු ගේ ප්‍රශ්නත් ප්‍රශ්න ද...?
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා සමග පසුගිය දා දෙරණ 360 ' වැඩසටහනේ දී කළිඳුට තිබුණු ' මාර ප්‍රශ්නය ' කුමක් දැයි අපේ අත්තම්මා සීයා ගෙන් ඇසුවා ය.
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.
එමෙන්ම එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනය මගින් සඳහන් කර තිබේ.
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන මෙම (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

