#newstube

  • ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර දිවි සැරිය නිම කරයි

    ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර ඊයේ (07) දහවල් අභාවප්‍රාප්ත වුණි.

  • ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි සැරිය නිමා කරයි

    ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී ඇත.

  • ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සේන සමරසිංහ දිවි සැරිය නිම කරයි

    සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වී ඇත.

  • ප්‍රංශ තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

    ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  අතර හමුවක් අද (13) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

    එම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සහකාර මෙහෙයුම් ප්‍රධානී මැතිව් ජෝන් (Matthiev JOHN) සහ මාධ්‍ය නිලධාරි දිනේෂා ඉලේපෙරුම  එක්ව සිටි අතර, ජනාධිපති අනුර දිසානායක  ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රංශ තානාපතිවරයා සිය ප්‍රශංසාව පළ කරන ලදී.

    විශේෂයෙන්ම ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියේ දී වඩාත් ශක්තිමත් ව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවීම ගැන සිය සතුට පල කළ තානාපති රෙමී ලැම්බට්, මාලිමා ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු වසරක කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රශංසාව පල කරන ලදී.

    එමෙන්ම වංචා දූෂණ පිටු දැකීම සහ ජාතික සමගිය ඇති කිරීමට දැනට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තානාපතිවරයා සිය ප්‍රසාදය පල කරන ලදී.




    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, තානාපති රෙමී ලැම්බර්ට් හමුවේ ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දූෂණය පිටුදැකීම මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා ගෙවුණු කාලය තුළ වැඩි අවධානයක් යොමු කළ බවත් 2026 වසරේ ආර්ථිකය ශක්තිමත් කරමින් මෙන්ම ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව කයටුතු කරමින් සිටින බවත්ය.

     




    කාන්තා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමටත් සාගර සම්පත් සුරැකීම සහ කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට සූදානම් බවත් ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් එහි දී සඳහන් කරණ ලදී.

    ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට සූදානම් බවත් ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේදී ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දිරිමත් කිරීමටත් මෙම හමුවේ දී ඔහු පොරොන්දු විය.

    ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රංශයට කිසිසේත්ම සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවද ඉදිරියේදී රාජ්‍ය නායකයින්ට ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද මෙහි දී ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට්  ආරාධනා කර තිබේ.

     

     

    tilwin

  • ප්‍රංශයේ අන්තර්ජාතික සිනමා උලෙළකදී ලංකාවේ පැරණි චිත්‍රපටි 12ක් ප්‍රදර්ශනයට

    ‘ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුමය’ ව්‍යාපෘතියේ අංගයක් ලෙස නොවැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා දක්වා ප්‍රංශයේ නැන්ටෙස් හි පැවැත්වෙන ‘ෆෙස්ටිවල් ඩෙස් 3 කොන්ටිනන්ට්’ හිදී සම්භාව්‍ය ශ්‍රී ලාංකික චිත්‍රපට දොළහක් ප්‍රදර්ශනය කෙරෙන බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

  • ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීමට පියවර

    ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් සහය දක්වන ලද යෝජනාවකට වයස අවුරුදු 15 ට අඩු අය සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කරන පනතකට ප්‍රංශ ජාතික සභාව සහාය ලබා දී ඇත.

  • ප්‍රශ්න ගත ලුණු ටොන් විසිතුන්දහසක් වරායේ හිරවේ

    මෙම වසරේදී මෙරටට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

    නිසි ප්‍රමිතියට නොමැතිවීම සහ පසුගිය මැයි මාසයේ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ලුණු ආනයනය කිරීමට ලබාදුන් අවසන් දිනය පසුවී මෙරටට ආනයනය කර තිබීම එම මෙට්‍රික් ටොන් 22,950 ලුණු තොගය රඳවා ගැනීමට ප්‍රධාන හේතු වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.

    එක් අවස්ථාවකදී නැවක තිබූ සම්පූර්ණ ලුණු තොගයකටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණ සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොලැබීමෙන් අදහස් වන්නේ එම ලුණු තොගයේ නිසි ප්‍රමිතියට නොමැති බවත් යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    මෙරටට මෙම වසරේදී වැඩිම ලුණු තොගයක් ආනයනය කර ඇත්තේ ආනයන සීමා ලිහිල් කළ පසුගිය ජූනි මාසයේදී බවත් පසුගිය ජූනි මාසයේදී මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 99,217 ක් ආනයනය කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    ආනයනය කළ එම ලුණු තොගයේ විටිනාකම රුපියල් කෝටි 396.61 ක් බවද ආරංචි මාර්ග පැවැසුවේය.


    (විමුක්ති එස් රුද්‍රිගු -lankadeepa)

  • ප්‍රශ්නගත ඉන්දීය එන්නත ගැන බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් !

    ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව පළවී ඇති මාධ්‍ය වාර්තාවලට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

  • ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තහනම් කරයි

    'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

  • ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

    හිටපුඅමාත්‍යප්‍රසන්නරණතුංගටපනවාතිබූවිදේශගමන්තහනමතාවකාලිකවලිහිල්කරනලෙසටකොළඹමහේස්ත්‍රාත්අධිකරණයනියමකරතිබේ

  • ප්‍රසන්න රණතුංගව අත්අඩංගුවට - කෝටි හතරහමාරක කේස් එකක්!

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන සහකාරවරුන් වහාම ස්ථිර කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    අයවැයෙන් පොරොන්දු වූ පරිදි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන සහකාරවරුන් වහාම ස්ථිර කරන්නැයි විපක්ෂ නායකවරයා පැවසීය.

  • පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

    පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය පසවයි.

    පක්ටිකා පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා මෙලෙස මියගොස් ඇත.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.


    Three Afghan cricketers killed in Pakistani attack, says Afghanistan Cricket Board

    Afghanistan Boycotts Pakistan Tri-Series After 3 Cricketers Die In PAK Airstrike

  • පාකිස්ථාන - ලිබියා අවි ගනුදෙනුවක්; වටිනාකම ඩොලර් බිලියන 4කට වැඩියි

    පාකිස්ථානය විසින් ලිබියාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ට අධික වටිනාකමකින් යුත් අවි අලෙවි කිරීමේ ගිවිසුමකට එළැඹේ.

  • පාකිස්ථාන කාශ්මීරයේ භූ කම්පනයක්

    පාකිස්ථානයට අයත් වයඹදිග කාශ්මීර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවේ.

  • පාකිස්ථානයේ දේශපාලන පක්ෂයක් තහනම් කෙරේ

    පාකිස්ථාන  රජය ඊයේ (23) සිව් වසරක් තුළ දෙවන වරටත්, එරට මුස්ලිම් පක්ෂයක් තහනම්  කිරීමට පියවර ගත්තේය. නොබෝදා, එහි සාමාජිකයින් සහ පොලිසිය අතර ගැටුමකදී පුද්ගලයින් පස්දෙනකු මරණයට පත්වීමෙන් අනතුරුව රජය විසින් එම තීරණය ගෙන තිබේ.

  • පාතාල දේශපාලඥයින්ගේ නම් හෙළි නොකරන හේතුව මෙන්න

    මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දේශපාලනඥයින්ගේ සම්බන්ධයක් ඇති බවට පැහැදිලිව පෙනීයද්දී, ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

    ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර්  පැවසුවේ, යම් හෙයකින් නමක් ගමක් විමර්ශනයකදී එළිදැක්වුවහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා වන බවයි.

    එබැවින් ඉතාමත්ම සංවේදීව සහ පැහැදිලිව විමර්ශන කටයුතු සිදු කරමින් යන බවත් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  සඳහන් කළේ, පරීක්ෂණ අංශ කලබලයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවත්, මෙය සුළුපටු කාරණයක් නොවන බවත් ය.

    “මේ ජාලය සැලකිය යුතු පදාසයක විහිදිලා තියෙන්නේ. සමහර ආරක්ෂක අංශ, සමහර දේශපාලන යාන්ත්‍රණ මේවාට සම්බන්ධයි. ඒවා පරීක්ෂණවලින් හෙළිදරව් වෙමින් පවතිනවා,” යනුවෙන් පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ජනතාව කලබල විය යුතු නැති බවත්, විශ්වාසයෙන් බලා සිටින ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.

    මෙම ජාලය කෙතරම් දුරට විහිදී ඇත්දැයි පරීක්ෂණ ඔස්සේ සොයා ගන්නා බවත්, ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ අභිරහස් මරණය සම්බන්ධයෙන් ආරම්භ වූ පොලිස් විමර්ශනයේදී මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ ඉඩම් දෙකක සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 284ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420ක් ඇතුළුව, මුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බවයි.

    මෙම මෙහෙයුමේදී, T-56 අවියක්, රිවෝල්වර පහක්, යතුරුපැදියක් සහ ලොරි රථ තුනක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ වනවිට එක් සැකකරුවෙක් අත්අඩංගුවේ පසුවන බව ඔහු සඳහන් කළේය.

    අදාළ ඉඩමේ අයිතිකරු පිළිබඳව විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බව එෆ්.යූ. වුට්ලර් පැවසිය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1,243ක්, අයිස් කිලෝග්‍රෑම් 1,845ක්, හෂීස් කිලෝග්‍රෑම් 472ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක් සහ ගංජා කිලෝග්‍රෑම් 14,057ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    මෙම වැටලීම් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් හරහා විමර්ශන ක්‍රියාත්මක වන බවත්, අනාගතයේදී මේවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ජනතාවට තොරතුරු ලබා දිය හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


  • පාතාලය සැලකිය යුතු මට්ටමෙන් අඩුවෙලා -මහින්ද ජයසිංහ

    පාතාල මර්ධනය ඉතා හොදින් සිදුවෙනමින් පවතින බව මහින්ද ජයසිංහ පවසයි.ඔහු තව දුරටත් සදහන් කලේ,


    "විශේෂයෙන්ම අපි මේ වන විටත් රටම එකට කියන ජාතික ව්‍යාපාරය ගොඩ නගන්න අවශය කරන මැදිහත් වීම කරලා තිබෙනවා ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්.

    අපි ඒ වැඩසටහන හරහාත් ඉදිරියේදී තව දුරටත් අපේ රට මතින් තොර රටක්  බවට පරිවර්තනය කරන්න ඕන කරන මැදිහත් වීම සිදු කරමින් තිබෙනවා. ඉතින් ඉදිරියේදී තව දුරටත් මෙම ජාතික ව්‍යාපාරය පුළුල් කරමින් මුළු රටම එක මිටකට අරගෙන මුළු රටම ඒ වෙනුවෙන් මෙහෙයවන්න අපි ආන්ඩුවක් ලෙස සූදානමින් ඉන්නවා.
     
    ඒ වගේම තමයි පාතාල අපරාධ මේ වන විට සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියනවා.මොකද මේ පාතාලයේ සැලකිය යුතු පිරිසක් දැන් හසුවෙමින් තිබෙනවා.ඒ වගේම පාතාලය සමග දේශපාලන සම්බන්දතාවය සහමුලින් අපි ඉවත් කරලා තිබෙනවා ඉතින් ඒකත් එක්ක අපි විස්වාශ කරනවා අපේ රට එක පැත්තකින් මත්ද්‍රව්‍ය වලිනුත් අනිත් පැත්තෙන් අපරාධ වලින් තොර රටක් බවට පරිවර්තනය කරගන්න අපිට ඉදිරියේදි හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි  අධිෂ්ඨානශීලීව අපේ රට මෙහෙයවමින් ඉන්නවා."
     
     
     
  • පානදුරේට මත්ද්‍රව්‍ය බෙදූ පොලිස් කොස්තාපල් සහ කාන්තාවක් අත්අඩංගුවට

    පානදුර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බව හඳුනාගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු සහ කාන්තාවක් කළුතර කොට්ඨාස අපරාධ අංශය විසින් නුගේගොඩ මිරිහානේදී අත්අඩංගුවට ගෙන තිබේ.

  • පාපන්දු ආයතනයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචා, මුදල් අවභාවිතය හා අනිසි මූල්‍ය පරිපාලනය පිළිබදව විමර්ෂණයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව වෙත පාපන්දු ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු සුනිල් සෙනවීර  පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ඒ මහතා කොළඹදී ඊයේ (30) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ, මීට පෙර පාපන්දු ආයතනයට තමන් මෙම චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විමර්ෂණයක් ඉල්ලා සිටියත් එය අද දක්වා ඉටු නොවූ බැවින් තමන්ට කේෂ්ත්‍රයෙන්ම බොරු චෝදනා නගන්නන් බවට චෝදනා එල්ල වෙමින් තිබෙන තත්වයක් තුළ අල්ලස් කොමිසමට ගිය බවයි.

    එහිදී සුනිල් සෙනවීර  මෙසේද පැවැසීය.


    ''පාපන්දු සභාපති ජස්වර් උමාර් ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න''



    අප විසින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේ වූ එම සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

    නමුත් අද වෙන කන් ඒ දේවල් ඉටු වුණේ නෑ. දැන් අපිට රටේ පාපන්දු කේෂ්ත්‍රයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඔයාලා බොරු චෝදනා ගෙනල්ලා මිනිස්සු අපහසුතාවයට පත් කරනවා කියලා. අපි දැන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ සාධාරණ සුදුසු විමර්ෂණයක් කරලා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියලා.

    එහෙම නැතිනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරන්න පියවර ගන්න කියලාත් අපි අල්ලස් කොම්සමෙන් ඉල්ලා සිටිනවා.

    "රුපියල් 1,27,75,000 ක් වටිනා පාපන්දු මිලදී ගැනීම, ඇමැරිකානු ඩොලර් ලක්ෂ පහක් රුපියල් ගිණුමකට මාරු කිරීම, සෝලා ශූරතා ලීග ක්‍රීඩා සමාජ ඇදුම් මුද්‍රණය කිරීමේ ගනුදෙණුව, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීමේ ගණුදෙනුව ආදී සිදුවීම් කීපයක් පිළිබදව චෝදනා කරමින් ගම්පොල පාපන්දු ලීගයේ හිටපු ලේකම්වරයෙකුද වන සුනිල් සෙනවීර  අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබේ.

    මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දුන් සෙනවීර මහතා පැවැසුවේ තමන්ට එරෙහිව ප්‍රතිපාර්ශව සැගවී නගන දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හැකි නම් එම චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නඩු පවරන ලෙස ඔවුන්ට අභියෝග කරන බවත්ය.


    ''දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි''


    "මම හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයෙක්. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් ගැන කතා කර ඉදලා වැඩක් නෑ. දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි. ඒකට හේතුව පාපන්දු ආයතනයේ දූෂණය හා අනිසි මුල්‍ය පරිපාලනයයි.

    අල්ලස් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී සුනිල් සෙනවීර  ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් පැවැති විමර්ෂණ අලලා හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වාර්තාවේ ප්‍රකාශ, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ෂණ ඒකකයේ වාර්තා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක්ද ඇතුළුව ඇමුණුම් ලිපි ගණනාවක්ද බාරදී තිබේ.



    ''නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ''


    මාධ්‍ය හමුව ඇමැතූ හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු හා පාපන්දු ආයතනයේ විනිසුරු කමිටුවේ හිටපු සභාපති ඒ. එම්. යාපා  පැවැසුවේ, දේශීය තරග මාලා වලින් තොර පාපන්දු දියුණුවක් රට තුළ අපේක්ෂා කළ නොහැකි බවත් පාපන්දු ආයතනයේ වත්මන් පරිපාලනය හමුවේ අද වන විට දේශීය තරග මාලා නැත්තටම නැතිවී ගොස් තිබෙන බවයි.

    " අද ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. කතා කරන්න කෙනෙකුත් නෑ. ලීග් ඔක්කොම නිහඩයි. මහ සභාවට එන අය හැමදේටම අත් උස්සලා එළියට එනවා. අපි පාපන්දු ක්‍රීඩාවත් එක්කම හිටපු අය. ඒ නිසා ඒ ගැන නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ."යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    මෙම මාධ්‍ය හමුවට වත්තල පාපන්දු ලීගයේ ලේකම් ජූඩ් ප්‍රනාන්දු  ද සහභාගි විය.

    (නාමල් පතිරගේ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න