දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් සිසුන්ට මහ බැංකු වෘත්තිකයින් ගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික සහනාධාර

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් සිසුන්ට මහ බැංකු වෘත්තිකයින් ගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික සහනාධාර

පසුගිය වසරේ අප රට මුහුණ දුන් දරුණු ස්වභාවික ව්‍යසනය, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සිසු දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී.

විධායක නිලධාරින්ගේ සංගමය මහ බැංකුවේ සියලු ම ශ්‍රේණිවල කාර්ය මණ්ඩල සහෘදයින් සමග එක් ව ඔවුන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් සහ සංගමයේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් මෙම කර්තව්‍ය සඳහා යොදවා ඇත. පාසල් සිසු දරුවන් ගේ තොරතුරු එක් රැස් කිරීමේ දී මහ බැංකුවේ මාතලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යයාල කළමනාකරුවන් ගේ සහ අදාළ ප්‍රදේශවල කලාප අධ්‍යාපන අධක්ෂවරුන් ගේ සහයෝගය ද ලබා ගෙන ඇත.

ප්‍රථමයෙන් ම නුවර, මාතලේ, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වල සිසු  දරුවන් 1,300කට පමණ පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාව පසුගිය දෙසැම්බර් 29, 30 සහ 31 යන දින තුන පුරා සාර්ථක ව සිදු කර ඇත. මේ සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 45ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරින්ගේ සංගමයේ  සභාපති තරංග විජේකෝන් ප්‍රකාශ කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න