සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද ( 09) පැවැත්වේ.
ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 51ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
දකුණු කැලිෆෝර්නියාවේ දරුණු වැසි හට ගෙන තිබේ.
දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය හැන් ඩක්-සූ හට වසර 23ක සිරදඬුවමක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දකුණු කොරියාවේ දත්ත මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් එරට මාර්ගගත සේවා රැසක් අඩාල වේ. අද (29) දවස තුළ යථාවත් කිරීමට හැකි වූයේ, ඉන් දහයෙන් එකකටත් අඩු සංඛ්‍යාවක් පමණක් බව රජය පවසයි.
දකුණු කොරියාව ලොව අධිකතර රැහැන් ගත රටවල් අතුරින් ප්‍රධාන තැනක් ගනී. මාධ්‍ය සාකච්ඡා ඇතුළු එරට බොහෝ රාජ්‍ය සේවා මාර්ග ගතව ක්‍රියාත්මක කෙරේ. ගින්න හේතුවෙන්, එරට පොලිස් සේවය, ගිනි නිවීම් සහ රේගු අධිකාරි ඇතුළු සේවා රැසක් අඩාල වී ඇතැයි වාර්තා වේ.
එරට ජාතික තොරතුරු සම්පත් සේවයේ දත්ත මධ්‍යස්ථානයක දෛනික නඩත්තු කටයුත්තක් අතරවාරයේ හට ගත ගින්නකින් අත්‍යවශ්‍ය මාර්ග ගත සේවා 647ක් මුළුමනින්ම අකර්මණ්‍ය විය. මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත්තේ ඉන් 62ක් පමණක් බව බලධාරීහු පවසති.
මාර්ග ගත සේවා අඩාල වීම සම්බන්ධයෙන් එරට ජනපති ලී ජේ ම්යුඞ් (Lee Jae Myung) ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. 2023 වසරේ ද, එරට මාර්ග ගත සේවා බිඳ වැටීමේ සිදුවීමක් වාර්තා විය.
බදු ගෙවීම් ඇතුළු කටයුතු රැසක් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අවසන් දින නියමයන් දීර්ඝ කර ඇති බවත්, ගාස්තු අය කිරීමකින් තොරව අත්‍යවශ්‍ය මහජන ලේඛන නිකුත් කිරීම් සිදු කරන බවත් මහජන ආරක්ෂක උප අමාත්‍ය, කිම් මින්-ජේ (Kim Min-jae) පැවසීය. ගින්නෙන් මුළුමනින්ම විනශයට පත් මාර්ග ගත සේවා 96ක් යථාවත් කිරීමට අවම වශයෙන් සති හතරක්වත් ගත වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/29/2025
South Korea scrambles to restore digital services after server fire
දකුණු කොරියානු රජය අනුබද්ධ සෙමවුල් උන්ඩොං සංවිධානය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබාදීම නැවත ආරම්භ කිරීමට එකඟතාව පළ කර ඇත.
එමෙන්ම ශ්‍රි ලංකාව සමඟ නැවත ජාත්‍යන්තර සහකාරත්වය තුළ මූලික මට්ටමේ ප්‍රගතින් අත්පත් කර ගැනිමට ඔවුන්ගේ කැපවීම තහවුරු කර තිබේ.
මෙම නිවේදනය සිදු කරන ලද්දේ පසුගිය දා (19) දකුණු කොරියාවේ දී පැවැති සෙමවුල් උන්ඩොං සමුළුවේදී ය.
මෙම සමුළුව ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව ලෝක රාජ්‍ය නායකයින්, අමාත්‍යවරු, නිලධාරීන් හා නියෝජිතයින් එක් කෙරෙන ජාත්‍යන්තර වේදිකාවක් වු අතර මෙවර ඒ සඳහා ලෝකයේ රටවල් 46 ක නියෝජිතයින් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මන්ත්‍රණයට සහභාගී වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න සහ අමාත්‍යාංශ ලේකම් එස්. අලෝකබණ්ඩාරය යන අයයි.
දකුණු කොරියාවේ 1970 දශකයේ ආරම්භ වූ සැමුවෙල් උන්ඩොං (saemual Undong) මගින් දකුණු කොරියාව දරිද්‍රතාවයෙන් මුදවා ගෙන සංවර්ධනය කරා ගෙන ගිය ආකාරය පිළිබඳව වෙනත් රටවල් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට පිහිටුවා තිබේ.
2025 සමුළුව ඇමතූ අමාත්‍ය චන්දන අබේරත්න විසින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා සහ වර්තමාන රජයේ අනාගත දර්ශනය පිළිබඳව පෙන්වා දුන් අතර කොරියානු සැමුවෙල් උන්ඩොං ආයතනය සමඟ සහ විවිධ රටවල අමාත්‍යවරු හා නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා නව අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථා කීපයකට ද සහභාගී විය.
මෙම සමුළුවේදී ශ්‍රීලංකාව වෙනුවෙන් මූල්‍ය සහාය ලබාදීමට එකඟ වූ මූල්‍ය ප්‍රදානය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමටත් පළාත් මට්ටමේ කුඩා ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කළ හැකි බවටත් සඳහන් කෙරුණි.
මෙම මූල්‍ය සහාය ලබාදීම සමඟ දැනට නතර වී ඇති කොරියානු මූල්‍ය සහාය නැවත ආරම්භ වීමක් ලෙස සැලකිය හැකි වෙයි.
මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වූ ක්ෂේත්‍ර වූයේ ග්‍රාමීය පද්ධති නවීකරණය, ජනතා සහභාගිත්වය මත පදනම් වූ සංවර්ධන ක්‍රමවේද, තරුණ හා කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීම, ආර්ථික හා සංස්කෘතික ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සමඟ තිරසර සංවර්ධනයයි.
(ජේ . මුණසිංහ)
"දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව" නිකුත් කර වසර 10ක් ගත වීමෙන් පසු පිලිපීනය, ජපානය සහ ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම තීන්දුව යළි හුවා දැක්වීමට කටයුතු කර ඇති බව චීනය පවසනවා. එහෙත් එය, එම බේරුම්කරණ තීන්දුව සම්බන්ධව ඇතැම් රටවල් නීතියට මුවාවී සිදු කළ දේශපාලන නාඩගමක් පමණක් බව චීනය පෙන්වා දෙනවා.
දකුණු ලෙබනනයේ ක්‍රියාන්විතවල නිරතව සිටි ඊශ්‍රායල සෙබළෙකු විසින් ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට හානි කිරීමේ පුවත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකරට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට කතානායකවරයා ඉඩ නොදීම හේතුවෙන් ජයසේකර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක දිගට කෑ කෝ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ, මියගිය දර්ශන හඳුන්ගොඩ යන අයට අයත් අධිකරණය බාරයේ තිබූ නඩු භාණ්ඩ වන ඔහුට අයත් පරිගණක ය සහ ජංගම දුරකතන ඔහුගේ බිරිඳ වෙත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර ඇත.
කිනම් බසකින් කියන්න ද
කෙබඳු කවියක් ලියන්න ද
කවර න්‍යායෙන් හිතන්න ද
කොතැන ලා දුක දරන්න ද
1972 වසරේ ඇපලෝ (Apollo) මෙහෙයුම් නිමාවීමෙන් පසු, ප්‍රථම වතාවට ගගනගාමීන් පිරිසක් සඳ වෙත රැගෙන යන නාසා (NASA) ආයතනයේ Artemis II මෙහෙයුම එළඹෙන මාර්තු 6 වනදා දියත් කිරීමට තීරණය කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශයට බලපා ඇති ඓතිහාසික හිම කුණාටුවක් හේතුවෙන් එරට ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සත්කාරයෙන් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝකයේම අවධානය ලැබී තිබෙන තරගාවලියක්.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණය හෙට පැවැත්වීමට නියමිතව ඇත.
මුන්නේෂ්වරම් කෝවිලට ගොස් පැමිනි පිරිසක් දැදුරු ඔයේ දිය නැමට ගොස් දියේ ගිලී තිබෙනවා.
'දිට්වා' සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් හානිවූ ජල යෝජනා ක්‍රම 156 කින් 120ක් යථා තත්ත්වයට පත් කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමය තුළ ඇමරිකානු යුගය අවසන් යැයි මහාචාර්ය ටියුඩර් වීරසිංහ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

