Image

දිලිත් එදා කියපු ඇත්ත; ජවිපෙ තරම් දූශිත දේශපාලන ව්‍යාපාරයක් රටේ නැහැ

දිලිත් එදා කියපු ඇත්ත; ජවිපෙ තරම් දූශිත දේශපාලන ව්‍යාපාරයක් රටේ නැහැ

දිලිත් ජයවීර මේ කතාව කියන්නේ අද ඊයේක ඉඳන් නෙවෙයි.

එදා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලෙත්, තර්කයක් නැතිව හිස් සටන්පාඨ කියවපු ජේවීපීකාරයින්ට ඔහු කෙළින් ම අභියෝග කළා. පසුව ජාතික දේශපාලනයේ හැම වේදිකාවක ම, හැම සාකච්ඡාවක ම ඔහු එකම දෙයක් කිව්වා,  "ජේවීපී එක කියන්නේ මේ රටේ තියෙන දූෂිතම දේශපාලන බලවේගයයි" කියලා. එදා බොහෝ අය ඔහුව විශ්වාස කළේ නැහැ. සමීපතම මිතුරන්, ව්‍යාපාරිකයින්, ඇයි ඔහුගේ ම කාර්ය මණ්ඩලයේ අය පවා හිතුවේ මේක දිලිත්ගේ දේශපාලන උපාය මාර්ගයක්, නැත්නම් බොරු අතිශයෝක්තියක් කියලයි. හැබැයි අද දිලිත්ට ගාල්ලට ඇහෙන්න හිනාවෙන්න පුළුවන්! ඊටත් වඩා, තමන් එදා කියපු දේ අද ඇස් පනාපිට ඔප්පු කරලා පෙන්නපු ජේවීපී නායකයින්ට ඔහු ස්තූති කරන්න ඕනේ. 

JVP

ලාල්කාන්ත, වටගල, වසන්ත, ජයකොඩි ඇතුළු පසුගිය මාස 18 දී මාක්ස්වාදයයි, විජේවීරවයි පෙන්නලා ධනවාදයයි, වික්‍රමසිංහ හාමු මහත්තයාව හුරතල් කරනවාට.  දැන් මේ විප්ලවවාදී කියලා කෑගහන ජේවීපී සහෝදරයා, සහෝදරියෝ විකිණෙන්නේ කුණු කොල්ලයටයි. ආත්මය පවා පාවාදීලා. ආත්මය සහ පක්ෂය පාවා නොදුන් දහස් ගණන්ක් ජවිපේ පාක්ෂිකයන් අන්ත අසරණ වෙලා; නිහඬ වෙලා. කොලඹ හතේ, කළු මුදලාලියි, හාමු මහත්තයා ගේ කල්ලියයි, රාජ්‍ය පාලනය ඩැහ ගෙන. ඒ අස්සේ, ලොකු පුටුවල ඉන්න ජවිපේ නායකයෝ, එකපරට ම ධනවත් වෙලා; නැහැ, ඒ ගොල්ලෝ ඉස්සරත් ධනවත්ලු.  අවුරුදු හතළිහක් තිස්සේ මාක්ස්වාදි ප්‍රතිපත්ති ගැන කියවපු ලාල්කාන්තලා අද මෙතරම් වත්කම් ගොඩගහගන්නේ කොහොමද? කෝ ඒ ශුද්ධ වු ප්‍රතිපත්ති?

දැන් තියෙන නියම තරඟය මොකක්ද දන්නවා ද? රටට සේවය කරන එක නෙවෙයි. රුපියල් මිලියන 270ක මිනිහා වුණු වසන්තව පරද්දන්න ලාල්කාන්තට පුළුවන්ද කියන එකයි! කවුද වඩාත් දක්ෂ ලෙස මහජන මුදල් කොල්ලකන්නේ? ඒකයි අද ප්‍රශ්නය. දිලිත් ජයවීර ජනාධිපතිවරණය වෙලාවේ තමන්ගේ වත්කම් ප්‍රකාශ කළා. මාසික ආදායම රුපියල් මිලියන 16ක් බව බය නැතිව ලෝකෙට ම කිව්වා. එදා මිනිස්සු ඔහුට හිනා වුණා, සැක කළා. හැබැයි ඔවුන්ට එක දෙයක් අමතක වුණා. දිලිත් ඒ හැම රුපියලකට ම නිසි පරිදි බදු ගෙවනවා. ඔහු ළඟ තිබුණේ  විනිවිදභාවයක්. ලාල්ට වගේ අනුගෙන් හිඟාකන සමාජ ප්‍රාග්ධනයක් දිලිත්ට තිබුණේ නැහැ.

සමාජ ප්‍රාග්ධනය. හොරකමට අද කියන අලුත්ම වචනය.

දැන් ජේවීපී කට්ටියගෙන් අහන්න, ඔවුන්ගේ බදු වාර්තා කොහේද කියලා? විපක්ෂයේ ඉන්නකොට "විනිවිදභාවය" ගැන බෙරිහන් දුන්න මේ උදවියගේ වත්කම් එළියට එද්දි, රට ම අහන්න ඕනේ, ප්‍රශ්නයක් ඒක. දිලිත් ජයවීර ජේවීපී එකට එරෙහිව නැගී සිටියේ ඒක "දේශපාලන මරාගෙන මැරීමක්" වගේ වෙලාවක යි. හැමෝම ජේවීපී එකට බයෙන් ඉන්නකොට, ඔවුන් මූල්‍යමය වගේම සදාචාරාත්මකවත් දූෂිතයි කියලා ඔහු ලෝකෙට ම කිව්වා. සර්වජන බලය උරුම කරගත්තේ ඒ අභීත පෞරුෂයයි. අනිත් විපක්ෂ කණ්ඩායම් හිරේ යන්න වෙයි කියලා බයේ ඇඹරෙනකොට, සර්වජන බලය ගම් දනව්වලට ගියා. පන්සලට, පල්ලියට, කෝවිලට ගිහින් ජනතාව එක්ක හිටගත්තා. වේදිකාවේ දී ආණ්ඩුවේ අදක්ෂකම තිතට පෙන්වා දුන්නා. මර්දනය ආවා, තර්ජන ආවා. ප්‍රජාතන්ත්‍රවාදී වෙස් මුහුණ ගැලවිලා ආණ්ඩුවේ නියම ඒකාධිපති ස්වරූපය එළියට ආවා. හැබැයි මේ පීඩක පාලනයට එරෙහිව බය නැතුව හිටගන්න එකම පක්ෂය සර්වජන බලය පමණයි. ඔවුන් ඉන්නේ ජනතාව වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන්, සැබෑ සමාජ සාධාරණත්වය වෙනුවෙන්.sr

දිලිත් එදා කිව්වේ සහතික ඇත්ත. අදටත් වඩා හෙට මේ ජේවීපී ආණ්ඩුවේ කුණු එකින් එක එළියට එනකොට, සර්වජන බලය එතන ඉන්නවා. ඒ හැම බොරුවක් ම පරාජය කරන්න, ඒ හැම දූෂණයක් ම හෙළි කරන්න ඔවුන් සූදානම්. මොකද, තමන්ගේ වාසියට වඩා රට ගැන හිතන මිනිස්සු සාධාරණය ඉල්ලලා අඬන්නේ නැහැ. ඔවුන් සාධාරණය තමන් විසින් ම නිර්මාණය කරගනු ලබනවා.

නවම් මීගොඩ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න