දිට්වා සුළ කුණාටුවේ අත්දැකීම් 03වන සැසිය 'සුළිසුළඟට පසුව' යන මැයෙන් මාර්තු 04 (අද) සවස 03. 45ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
එහි දී 'ආපදා අවදානම් සන්නිවේදනය සහ දුස් තොරතුරු කළමනාකරණය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය' යන මැයෙන් වූ අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසිනි. සර්වෝදය නායක දොස්තර වින්‍යා ආරියරත්න විසින් 'දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිචාර දැක්වීම ක්‍රියාවලියේ දී ප්‍රජාව සතු වගකීම හා ස්වේච්ඡා සේවය' යන මැයෙන් අදහස් දැක්වීමට නියමිත ය.
සංවාදය මෙහෙයවනු ලබන්නේ බෲනෝ දිවාකර විසිනි.


