දෙව්නිමෝරි පුරාවිද්‍යාව ප්‍රෝඩාව පිළිබඳව මීට පෙර ද යම් යම් තොරතුරුහෙළිදරව් කළ ''සක්වල පවුර - Sakwala Pawura''youtube පිටුවෙන් මේ වන විට එම ප්‍රෝඩාවේ තවත් පියවරක් හෙළිදරව් කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉන්දීය සාගරයේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් රජය ඉතා වගකීමෙන් සහ අවධානයෙන් පසුවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ''පොදු ප්‍රවාහන බලපත්‍රය'' ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදී පැවසීය.
බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවත් එහිදී අමාත්‍යවරයා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,
"දැන් සීට් බෙල්ට් අනිවාර්ය කරානේ. මම පිළිගන්නවා සමහර බස් නිෂ්පාදනය කරලා එනකොට සීට් බෙල්ට් තිබුණේ නෑ. හැබැයි බස් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් සීට් බෙල්ට් එක දාගන්න බෑ. දැන් දරුවාගේ පාසල් බෑග් එකේ පටිය දාගෙන යනවා මාව, පොලීසියේ මහත්වරුන්ව රවට්ටන්න. මේ අයට මිනිස්සු 50ක් භාර දෙන්න සුදුසු නෑ ඇත්තටම ගත්තොත්. අපි තීන්දුවක්ම අරන් තියෙනවා පොදු ප්‍රවාහනයට එන්න ඕනේ සීරියස් මිනිස්සු. ඒ නිසා අපි හිතන් ඉන්නවා මිනිස්සු ප්‍රවාහනය කරන හැම රියදුරු මහත්මයාම පොදු ප්‍රවාහන බලපත්‍රය ගන්න ඕනේ. දැන් අපි සැලසුම් හදලා ඉවරයි දෙසැම්බර් 31 වෙනකොට අනිවාර්යයෙන්ම PT කියන බලපත්‍රය ගන්න ඕනේ..."
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම නිසා ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.
දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,900 ත් 2,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ දිනවල දෙහි හිඟයක් පැවැතීම නිසා මෙලෙස දෙහි මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.
දෙහි තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනකු පැඟිරි රහිත දෙහි ගැට පවා කඩා තොග වශයෙන් අලෙවි කරන බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.
මෙලෙස වෙළෙඳපොළට ලැබෙන දෙහි ප්‍රමාණය සීමිත වීමත්, මිල අධික වීමත් හේතුවෙන් දෙහි ගෙඩිය දෙකට කපා බෑය අලෙවි කරන බව පැවැසේ.
(සාලිය කුමාර ගුණසේකර/ ප්‍රසංග පාවුළුහේවා - කටුනායක | aruna.lk)
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය පුරා පාලක පන්තිය LGBTIQ ප්‍රජාව කෙරෙහි දක්වන මන්දගාමී සහ නිද්‍රාශීලී පිළිවෙත පුදුමයට කරුණක් නොවේ;
මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් රචිත 'The Sri Lanka Peace Process' (ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය) කෘතිය පිළිබඳව වන් ටෙක්ස්ට් ඉනිෂියේටිව් (One Text Initiative) ආයතනය විසින් ඊයේ (12 වනදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද සුවිශේෂී සම්මන්ත්‍රණයට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි.
රාජ්‍යයක දියුණුව යහපැවැත්ම තහවුරු කරන නිහඬ සාධකය වන්නේ සංස්කෘතිය යි.
මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ සුගීෂ්වර බණ්ඩාර ප්‍රමුඛ කණ්ඩායමට අශුචි (ගොම යනු ද අශුචි ම ය) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා විවිධ අදහස් පළ විය.
ප්‍රචණ්ඩත්වය සහ හාස්‍යය ආත්ම කොටගත් වත්මන් සිනමා රැල්ල ලාංකීය සිනමාවේ නව ප්‍රබෝධයක් ලෙස උත්කර්ෂයට නැගුණු අවදියක සිනමාව යනු ජීවිතය සහ සමාජය විනිවිද දැකිය හැකි ප්‍රබල මාධ්‍යයක්ය යනු යළිත් අවධාරණය කළ චිත්‍රපටයකි, ලලිත් රත්නායකගේ රිවර්ස්ටන්.
දේශපාලනය යනු Propaganda (ප්‍රචාරණය) පමණක් නොවනවා සේ ම ඒ සඳහා කළමණාකරණය පමණක් නොව ආර්ථික දැක්මක් ද තිබිය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
1977 වසරෙන් පසු එළඹි යුගය තුළ පොදුවේ ''රට'' යම් පමණකට සංවර්ධනය වුව ද, එලෙස සංවර්ධනයට යෙද වූ මුදලට වඩා සිය දහස් ගුණයක මුදලක් ඉතා සූක්ෂ්ම අනදමින් කොල්ලකන්නට රාජ්‍ය පාලකයෝ සමත් වූහ.
ඩිජිටල් අවකාශයට එක්වන නවතම පුවත් වෙබ් අඩවිය 'ලංකා ලෝකය' (lankalokaya.lk) 2026 ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත බව අප වෙත වාර්තාවෙයි.
මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේදී රුපියල් බිලියන 50ක අතිරේක ආදායමක් වාර්තා කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.
2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි දේශිය ආදයම් සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළැඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ නියාමනය, සැපයුම සහ බෙදා හැරීම බරපතළ අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවක රට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ දියුණු ඖෂධ පරීක්ෂණාගාර ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජයේ තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති සහ සමගි ජන බලවේගයේ දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සන්දේශයක් යොමූ කර ඇත.
දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12.28 ට යළි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

