තරුණ පරම්පරාව රටේ ආර්ථිකයකට එකතු කරගන්න - රවි, ආණ්ඩුවට යෝජනා කරයි

තරුණ පරම්පරාව රටේ ආර්ථිකයකට එකතු කරගන්න - රවි, ආණ්ඩුවට යෝජනා කරයි

එළඹෙන අයවැයෙන් කොටස් වෙළඳපොළ ඉලක්ක කර නොගෙන සාමන්‍ය මහජනතාවත් රැකෙන පරිදි යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, රටේ තරුණ පරම්පරාව රටේ ආර්ථිකයකට එකතු කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.

 

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (29) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක...


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මොකද කරන්නෙ...?

''ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබනවා කියලා හැමදාම කියනවා. නමුත් රජය මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. මෙහි නම වෙනස් කරලා පෞද්ගලික අංශයට පවරනව ද එහෙම නැත්තන් පාඩු ලබාගෙන රජය තියාගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ.

දැන් රාජ්‍ය සේවයට විශාල පිරිසක් බදවාගන්න හදනවා. මේවාට IMF එක අනුමැතිය දීලා ද තියෙන්නේ.


ආණ්ඩුවේ ඩබල් කැබ් මේනියාව

රජයේ වාහන 87800 ක් තියනවා. ආණ්ඩුව ඒකට තව ඩබල් කැබ් 2000ක් ගේන්න හදනවා. ඒවා ඔක්කොම ඉන්ධන භාවිතා කරලා ධාවනය වෙන ඒවා. ඒක විශාල වියදමක්. ඊට පස්සේ ඒ කැබ්වලට තෙල් වියදමත් වැඩියි. බිලියන ගාණක් ඒකට වියදම් කරන්න වෙනවා. ආණ්ඩුව සල්ලි ඉතුරු කරනවා කියලා ආවේ. මේ කරන්නේ ඉතුරු කරන එකද...? මුදල් ඉතුරු කර ගන්න නම් ඉලෙක්ට්‍රික් කැබ් ගේන්න පුළුවන්. ඇයි මෙහෙම මුදල් වියදම් කරගන්නේ...?''




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න