තරුණ තරුණියන්ගේ රැකියා විරහිත භාවය රටේ සමස්ත ආර්ථියකට ම බලපානවා - සජිත් ප්‍රේමදාස

තරුණ තරුණියන්ගේ රැකියා විරහිත භාවය රටේ සමස්ත ආර්ථියකට ම බලපානවා - සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත ආර්ථියකට ද අහිතකර ලෙස බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

රැකියා විරහිතභාවය අවම කළ යුතුයි

''ශ්‍රී ලංකාවේ රැකියා විරහිතභාවය සමස්ත සමාජයට මෙන්ම ආර්ථිකයකට ද දැඩි බලපෑමක් සිදු කරනවා. අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත ආර්ථියකට ද අහිතකර ලෙස බලපානවා. මේ නිසා තරුණ තරුණියන් නීතිවිරෝධී ක්‍රියා, අපරාධ සහ මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ ක්‍රියා ද වැඩි වෙනවා. මේ නිසා රැකියා විරහිතභාවය අවම කිරීමට සෑම රජයක්ම ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතු යි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයත් එය සංඛ්‍යාත්මකව අපොස සා/පෙළ, උසස් පෙළ/ උපාධිධාරීන් වැනි අධ්‍යාපන සුදුසුකම් අනුව ඉදිරිපත් කරන ලෙසත් රැකියා විරහිතභාවය සමාජය තුළ ව්‍යසනකාරී දෙයක් විය හැකි බවට රජය පිළිගන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසී ය.


රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා දෙන කාලය ඉදිරිපත් කරන්න


එසේම රැකියා විරහිතභාවය අවම කිරිමට රජය විසින් ගෙන ඇති කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන පියවර ඉදිරිපත් කරන්න. මෙය අවම කිරිම සාර්ව ආර්ථික ඉලක්ක ලෙස සැලකිය හැකි බැවින් 2025, 2026, 2027 යන වර්ෂවල රජය අපේක්ෂා කරන රැකියා විරහිතභාවය අවම කිරීමේ ප්‍රතිශතාත්මක ඉලක්ක ඉදිරිපත් කරන්න. එසේම උපාධිධාරීන් 40000ක් පමණ රැකියා විරහිතව සිටිනවා.

20000ක් ගුරු වෘත්තියට, 3000ක් STEM ක්ෂේත්‍රයටත් තවත් 9000ක් Non - STEM ක්ෂේත්‍රයටත් ඇතුළු 35000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා කියපු රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා දෙන කාලය ඉදිරිපත් කරන්න. අගමැතිවරියගේ ප්‍රකාශයක් අනුව උපාධි ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු 50000ක් ඇති නිසා මේ 35000ටත් ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු වෘත්තියේ රැකියා ලබා දිය හැකි නිසා කඩිනමින් ඒවා කරන්න.''




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න