ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ සිනමා නිර්මාණකරුවන්, සිනමා හා කලා සංවිධාන, ජන මාධ්‍ය ආයතන, සිනමා රසිකයින් අඛණ්ඩව ඉදිරිපත් කළ විරෝධතා මෙන්ම, මධ්‍යම රජයේ වාරණය ඉවත දමමින් ප්‍රදර්ශනය තහනම් කළ සියලුම සිනමාපට කේරළ උළෙල තුළ ප්‍රදර්ශනය කිරීමට කේරළ ප්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා පියවර ගන්නා බවට කළ දැඩි ප්‍රකාශයත් හේතුවෙන්, මෙතෙක් ප්‍රදර්ශනය අත් හිටුවා තිබූ සියලු සිනමාපට උදෙසා තිරගත කිරීමේ අවසරය (CENSOR EXEMPTION) ලබා දීමට ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය අද සවස පියවරගෙන තිබුණි.
ඒ අනුව අද (17) රාත්‍රී 9.45 ටත් , එළෙඹෙ 19 වෙනිදා උදෑසන 11.15 ටත් "රිවර්ස්ටන්" චිත්‍රපටය කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරේ.
(සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි)

