2021 ජනවාරි 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ කතාවක් බීබීසී ආයතනය විසින් සංස්කරණය කොට ඉදිරිපත් කළ ආකරයෙන් ජනතාව නොමග යවනසුලු පුවතක් ප්‍රකාශවු බවට චොදනා කර තිබුණි.
කලකට ඉහත සිදුවීමක නැවත කරළියට පැමිණියේ කිසියම් දේශපාලන අවශ්‍යතාවක් මත බව අතැම් අයගේ විවෙචනයක් ද තිබුණි.
කෙසේ වෙතත් නීතිඥවරුන් මාර්ගයෙන් බීබීසී මාධ්‍ය ආයතනය වෙත ලිපියක් යවමින් අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ප්‍රසිද්ධියේ සමාව අයැදින ලෙසත් දන්වා ඇති අතර, එසේ නොකළහොත් ඩොලර් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ට්‍රම්ප් පාර්ශ්වය පසුගියදා ප්‍රකාශ කර තිබුණි. එය “විනිශ්චයේ දෝෂයක්” ලෙස හැඳින්වූ අතර “වීඩියෝ පටය සංස්කරණය කළ ආකාරය ගැන අවංකවම කනගාටු වනවා,” යැයි ඔවුන් ප්‍රකාශ කර ඇත.
සමාව ගත්ත ද, වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි
මේ අතර වගකියුතු නිලධාරි ඉල්ලා අස්වු අතර බීබීසී සභාපති සමීර් ෂා, ධවල මන්දිරයට පෞද්ගලික සමාව අයැදීමේ ලිපියක් යවා ඇත. නමුත්, ට්‍රම්ප්ගේ ඩොලර් බිලියන 1ක හිමිකම් පෑමට නීතිමය පදනමක් නොමැති බව පවසමින් ඔවුන් වන්දි හෝ අපහාස විසඳුමක් සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. කෙටියෙන් කිවහොත් ඔවුන් වැරැද්දට සමාව අයැද සිටිය ද, අපහාස කිරීමක් පිළිබඳව පිළිගත්තේ හෝ ඊට වන්දී ගෙවීමට එකඟ වූයේ නැත.

මාධ්‍යයේ කාර්යභාරය දේශපාලනඥයින් සතුටු කිරීම නොව මහජනතාවට සේවය කිරීමයි. ධෛර්යය, නිරවද්‍යතාවය සහ වගවීම අත්‍යවශ්‍යයි. වගකිවයුතු පුවත්පත් කලාව තුළ බියට කිසිදු තැනක් නැති බව මින් ඔප්පුකර තිබේ ද? එයට හේතුව තේරුම් ගැනීමට, බීබීසී ව්‍යුහගත කර ඇති ආකාරය, එහි ක්‍රියාකාරිත්වය සහ කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය නීතියෙන් ආරක්ෂා කර ඇත්තේ කුමන ආකාරයෙන් දැයි විමසා බැලිය යුතු ය.
ජනාධිපතිවරයෙකුට, අගමැතිවරයෙකුට හෝ දේශපාලකයකුට ප්‍රවෘත්ති න්‍යාය පත්‍රය නියම කළ හැකි ද?
බීබීසීය රාජකීය ප්‍රඥප්තිය යටතේ ක්‍රියාත්මක වන අතර එය සංවිධාන හෝ දේශපාලන මැදිහත්වීම්වලින් නිදහස්ව පවතින බව සහතික කරන නීතිමය රාමුවකින් ක්‍රියාත්මක වෙයි. එක්සත් ජනපද ජනාධිපතිවරයා හෝ බ්‍රිතාන්‍ය අගමැතිවරයා වේවා, කිසිදු දේශපාලනඥයකුට සමාව අයැදීමට, එහි ආවරණය නිවැරදි කිරීමට හෝ එහි කර්තණ්ඩලයට බලපෑම් කිරීමට බීබීසීයට නියෝග කළ නොහැකි බව මෙම ප්‍රඥප්තිය සහතික කරයි.
යම් විදියකින් බලවත් නායකයකු තම වාර්තාකරණයට අකමැති වූ නිසා බීබීසීය සමාව අයැද සිටියේ නම්, එය එහි මූලික වගකීම වන දේශපාලනඥයින්ට නොව මහජනතාවට සේවය කිරීම ඇති බැඳීම පාවා දීමක් වනු ඇත. මෙයින් අදහස් කරන්නේ කිසිදු ජනාධිපතිවරයෙකුට, අගමැතිවරයෙකුට හෝ දේශපාලකයකුට එහි ප්‍රවෘත්ති න්‍යාය පත්‍රය නියම කළ නොහැකි බවයි. බ්‍රිතාන්‍ය හෝ විදේශීය දේශපාලනඥයෙකුගෙන් ලැබෙන ඕනෑම ඉල්ලීම් ලිපියක් බීබීසීයේ කර්තෘ මණ්ඩල තීරණ සම්බන්ධයෙන් කිසිදු නීතිමය බලයක් දරන්නේ නැත.
චේතනාන්විත වැරැද්දක් සිදුවී නොමැත
බීබීසීයට අරමුදල් සපයනු ලබන්නේ රජයේ පරිත්‍යාග හෝ දේශපාලන මූල්‍යකරණයෙන් නොව, එක්සත් රාජධානියේ මහජනයා විසින් කරනු ලබන බලපත්‍ර ගාස්තුව හරහා ය. (ගුවන් විදුලි සහ රුපවාහිනි බලපත්‍ර ක්‍රමය මෙරට පැවැති ඇතර චන්ද්‍රිකා ආණ්ඩු සමයෙ එය ඉවත් කරන ලදි.) මෙම මූල්‍ය ස්වාධීනත්වය නිසා දේශපාලන නායකයින්ට ඊට බලපෑම් කිරිම්කිරිමේ හැකියාව වළක්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, බලහත්කාරයෙන් හෝ තර්ජනාත්මක ලිපියක් පවා බීබීසී වාර්තාකරණයට බලපෑම් නොකරනු ඇත.

ඊළඟ හේතුව බීබීසීයේ සාක්ෂි මත පදනම් වූ නිවැරදි කිරීමේ ප්‍රතිපත්තික් අනුගමනය කරයි. ඔවුන් සමාව අයැද සිටින්නේ සැබෑ දෝෂයක් සිදුවී ඇති බව තහවුරු කළ විට පමණි. සෑම පැමිණිල්ලක් ම කර්තෘ කණ්ඩායම් හෝ සමහර අවස්ථාවල එක්සත් රාජධානියේ ස්වාධීන මාධ්‍ය නියාමකයා වන ඔෆ්කොම් විසින් පරික්ෂා කරනු ලබයි. ට්‍රම්ප් සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් ද මෙම සමාලෝචන සිදු කර අති අතර එමගින් කිසිදු සත්‍ය සාවද්‍යතාවයක් සහ කර්තෘ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමක් සොයා නොගන්නා ලදී. චේතනාන්විත වැරැද්දක් සිදුවී නොමැති වුවත් සංස්කරණයේ දී වැවරැද්දක් සිදුවී ඇති බැවින් බීබීසීය සමාව අයැදීමට පසු බට නොවී ය.
වගකීමෙන් ඔබ්බට නොයන බීබීසී
වැරැදදක් සිදුවු විට සමාව ඇයදීම පිළිගත් මාධ්‍ය ආචාර ධර්මයකි. ඒ අනුව යමින් සැබවින් ම වැරදි වූ විට සමාව අයැදීමේ දිගු ඉතිහාසයක් බීබීසීයට ඇති බව අතීත වාර්තා තහවුරු කරයි.
ප්‍රධාන උදාහරණ අතර මාටින් බෂීර්–ඩයනා කුමරිය අපකීර්තියට පත්වන ලෙස කළ වැරදි වාර්තාකරණය මෙහි දී අදාළ වේ. ගැඹුරු පරීක්ෂණ මගින් කර්තෘ මණ්ඩල අසාර්ථකත්වය තහවුරු කිරීමෙන් පසුව මෙම සමාව අයැදුම් සිදු කර ඇත.
මෙයින් පෙනී යන්නේ බීබීසී වගකීමෙන් ඔබ්බට නොයන බවයි. සමාව අයැදීමෙන් එහා නීතිමය කරුණු සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීම් ප්‍රයෝගික නොවන දේශපාලනික කරුණක් බව ඔවුන්ගේ ස්ථාවරය යි.එම ඉල්ලිම ප්‍රතික්ශේප කිරිම. ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යවල තීරණාත්මක මූලධර්මයක් ඉස්මතු කිරීමක් ලෙසයි විචාරකයන් දක්වන්නේ. මාධ්‍ය නිදහස දේශපාලන පීඩනයට යටත් විය නොහැකි ය.
තමන්ව ම ආරක්ෂා කර ගැනීමට නම්...
බීබීසී යනු එක්සත් රාජධානිය පදනම් කරගත් මහජන විකාශකයෙකි. එයට එරෙහිව ඕනෑම නීතිමය නඩුවක් සාමාන්‍යයෙන් ගොනු කළ යුත්තේ එක්සත් ජනපදයේ නොව ‘එක්සත් රාජධානියේ අධිකරණවල ය. විදේශීකයකු ලෙස ට්‍රම්ප්ට තවමත් එක්සත් රාජධානියේ නඩු පැවරිය හැකි ය, නමුත් එය එක්සත් රාජධානියේ නීතිය අනුගමනය කරනු ඇති අතර ඔහුට එහි නීතිමය නියෝජනය අවශ්‍ය වනු ඇත.

මෙය නඩුව සාමාන්‍යයෙන් ‘අපහාස හෝ ව්‍යාජ වාර්තාකරණය’ යන පදනම මත ගොනුකිරිමේ හිමිකම් පවතී . එක්සත් රාජධානියේ නීතියට අනුව “දැඩි අපහාස සහ අපහාස නීති’ තදින් ක්‍රියාත්මකවේ. නමුත් “මහජන අවශ්‍යතා’’ Public Interest ආරක්ෂාව යටතේ මාධ්‍ය සඳහා ශක්තිමත් ආරක්ෂාවක් ලොව පුරා බොහෝ රටවල මෙන් බ්‍රිතාන්‍යයේ ද ඇත. මෙය අධිකරණයට ගියහොත් තම වාර්තාකරණය ‘නිවැරදි, සාධාරණ සහ මහජන අවශ්‍යතා සඳහා’ සිදු කළ එකක් බව ඔප්පු වුව හොත් බීබීසීයට තමන්වම ආරක්ෂා කර ගත හැකි ය.
බීබීසී, දේශපාලන ඉල්ලීමකට අවනත වුවහොත්...?
ශ්‍රී ලංකාවේ ද මෙම මහජන අවශ්‍යතා Public Interest ආරක්ෂාව යටතේ ජන මාධ්‍යට වාර්තාකරණයේ යෙදිය හැකි ය. එසේ ජයගත් අවස්ථා තිබේ. විශ්වසනීය, විශ්වාසදායක පුවත්පත් කලාව සඳහා ඉන් රැකවරණක් සපයයි. නමුත් තවදුරටත් අපේ වැනි රටවලට ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් අත්‍යවශ්‍ය වන්නේ මන්දැයි මෙම නඩුවෙන් උගන්වන පාඩම යි. හේතුව බීබීසී හි නීතිමය පදනම තුළ මුල් බැස ඇත. බී බී සී ය රාජකීය ප්‍රඥප්තියක් යටතේ ක්‍රියාත්මක වන අතර එය එහි කතුවැකි ස්වාධීනත්වය සහතික කරයි. මෙයින් අදහස් කරන්නේ කිසිදු ජනාධිපතිවරයකුට, අගමැතිවරයකුට හෝ දේශපාලකයකුට එහි ප්‍රවෘත්ති න්‍යාය පත්‍රය නියම කළ නොහැකි බවයි.
බ්‍රිතාන්‍ය හෝ විදේශීය දේශපාලනඥයෙකුගෙන් ලැබෙන ඕනෑම ඉල්ලීම් ලිපියක් බීබීසීයේ කතුවැකි තීරණ සම්බන්ධයෙන් කිසිදු නීතිමය බලයක් දරන්නේ නැත. බීබීසී ආයතනය ස්වාධීන සන්නිවේදන නියාමකයකු වන ඔෆ්කොම් විසින් ද නිරීක්ෂණය කරනු ලැබේ. ඔෆ්කොම් ආයතනයට අපක්ෂපාතීත්වය, නිරවද්‍යතාවය සහ සාධාරණත්වය දැඩි ලෙස පිළිපැදීම අවශ්‍ය වේ. බීබීසී දේශපාලන ඉල්ලීමකට අවනත වුවහොත්, එය මෙම ප්‍රමිතීන් සහ අවදානම් නියාමන සම්බාධක උල්ලංඝනය කරනු ඇත.
විශ්වසනීයත්වය ගොඩනැගෙන්නේ බලයට කීකරු වීමෙන් නොවේ
අවසාන වශයෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් හෝ ඕනෑම දේශපාලන නායකයෙකුගෙන් ලැබෙන ඉල්ලීම් ලිපියක් මහජන අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමේ Public Interest බීබීසීයේ යුතුකම ඉක්මවා යන්නේ නැත. එහි ව්‍යුහය පුවත්පත් කලාව ස්වාධීන, වෘත්තීය සහ දේශපාලන බලපෑමෙන් තොර බව සහතික කරයි. මෙය ලොව පුරා මාධ්‍ය සංවිධානවලට වැදගත් පාඩමක් ඉදිරිපත් කරයි. විශ්වසනීයත්වය ගොඩනැගෙන්නේ බලයට කීකරු වීමෙන් නොව ස්වාධීනත්වය මත ය. පුවත්පත් කලාවේ , වෘත්තීයමය භාවිත තුළ සිට සිදුකෙරෙන වාර්තාකරණයේ දී මහජන අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමේ Public Interest මූලධර්මය ස්වභාව ධර්මය මෙන් ඔබව ආරක්ෂාකරනු ඇත.
(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)
Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation
Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)
Former Media consultant at Sri Lanka CERT
උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..
November 15

