අනුර කුමාර ජනාධිපතිවරයා කොන්ද පණ නැති වැඩකරන්නේ යැයි සර්ව ජනබල පක්ෂ නායක දිලිත් ජයවීර පවසයි.
ඔහු මෙම අදහස් පළ කලේ පසු ගිය 14වන දින ශ්‍රි ලංකාව සහ ඇමරිකාව අත්සන් කළ යුද සහයෝගිතා ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින්.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර
''ඊයෙ පෙරේදා අත්සන් කරා ගිවිසුමක් ඇමරිකානු එක්සත් ජනපදයත් සමග, මේ රටේ මිනිස්සු දන්නව ද ඒ ගිවිසුමෙ තියෙන්නෙ මොනවද කියල. අනුර කුමාර ජනාධිපතිතුමගෙන් අහන්නෙ... කොන්ද පණ තියාගෙන කරන්න පුළුවන් වැඩක්ද මේ කරෙ...? ඉන්දියාවත් සමගත් ගිවිසුම් ගැහුවා; ඒ මොනව ද කියල අදටත් අපි දන්නෙ නැ. කාගෙ බූදලයකට ද මෙහෙම ගිවිසුම් ගහන්නෙ....?
මේ කුමන්ත්‍රණය ප්‍රශ්න කරන්න එන්න කියල විපක්ෂයට ආරාධනා කරනව. නැතුව කොහෙ හරි හන්දියක පොල් කොටන් හතරක් ගහගෙන කෑ ගහල වැඩක් නෑ. රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළ ගැන කතා කරන්න මුළු රටම එකතු වෙන්න ඕනා.''

