ජනාධිපති අනුර කුමාර දිසානායක, ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව සඳහා සහභාගි විය.
එම අවස්ථාවේ දී දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු පළාතේ මාර්ග සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය මෙන්ම ගොවි ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බලමින් ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ සුබසාධනය ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල කටයුතු පිළිබඳව අවධානය යොමු කෙරිණ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීමේ දී සහ වසා දමා ඇති මාර්ග කොටස් විවෘත කිරීමේ දී මතුව ඇති ගැටලු සහ ඊට ලබා දිය හැකි සාධනීය විසඳුම් මෙන්ම ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.
2025 වසරේ පමණක් උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 1000ක් පමණ නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, අනෙකුත් ඉඩම් ද ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉඩම් නිදහස් කරන අතරම කර්මාන්ත සහ ආර්ථික කටයුතු වෙනුවෙන්, පවතින ඉඩම් කළමනාකරණය කර ගැනීම රජයේ අපේක්ෂාව බව ද මෙහිදී සඳහන් කළේ ය. ඒ සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳව සොයා බලන ලෙස ද උපදෙස් ලබා දුන්නේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
