ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandra මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සමග හමුවක් අද (30) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී රජය විසින් ආර්ථිකය මෙහෙයවනු ලබන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉමහත් ඇගයීමට ලක් වූ අතර, IMF මගින් සහාය ලබන වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ. බාහිර කම්පන මාලාවක් මධ්‍යයේ වුවද සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස රජයට සිය ප්‍රශංසාව පළ කළහ.
ආර්ථිකය ස්ථාවරභාවය ප්‍රමුඛතාවක්ව පවතින අතරම, රජයේ අවසාන අරමුණ වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලැබීමට සැලැස්වීම බව මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. ආර්ථික වර්ධනය, ජනතාව ගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වයෙහි දැනෙනසුලු දියුණුවක් බවට පරිවර්තනය කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තවත් වසරකටත් අඩු කාලයක් ඉතිරිව ඇති අතර, එම වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි රජයේ අඛණ්ඩ අවධානය යොමු වී ඇති බව අවධාරණය කරමින්, විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමස්ත කාලය පුරා ම දෙපාර්ශවය ම සැලකිය යුතු නම්‍යශීලීභාවයක් පෙන්නුම් කර ඇති බව ද, එම අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව හේතුවෙන් ප්‍රතිසංස්කරණ වැඩසටහන බාධාවකින් තොරව සුමටව ඉදිරියට ගෙන යාමට හැකි වූ බව ද සඳහන් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
