වසර ගණනාවක් පුරා කලාකරුවන්ගේත්, කලාකාමී ජනතාවගේත් හදවත් තුළ තිබූ දීර්ඝකාලීන බලාපොරොත්තුවක් මල්ඵල ගන්වමින් ජාතික කලාභවන ලබන සැප්තැම්බර් මාසයේ දී නැවත විවෘත කරන බවට ගරු සංස්කෘතික කටයුතු භාර අමාත්‍යතුමන් ලබා දුන් පොරොන්දුව අපි ඉතා අගය කොට සලකමු. එම උතුම් අරමුණ ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
කලා ලොවේ දියුණුව වෙනුවෙන් මෙවැනි යහපත් තීන්දු තීරණ ගන්නා ගරු අමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නිරෝගී සුවය, චිර ජීවනය සහ ශක්තිය නොඅඩුව ලැබේවායි ආශීර්වාද කරමු. නමුත්... අපගේ කනගාටුව සහ කෝපය වෙනත් දෙසකට යොමු වී ඇත. මෙවැනි යහපත් වැඩපිළිවෙළ පිටුපස සිටිමින්, අමාත්‍යවරුන් ව නොමග යවන, වැඩ පස්සට අදින, තමන් ගේ පටු අරමුණු වෙනුවෙන් කලාකරුවන් ගේ සිහින බිල්ලට දෙන මුග්ධ, අකාර්යක්ෂම නිලධාරී තන්ත්‍රය හමු වේ දේශපාලනඥයින් තීන්දු ගත්තද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී කකුලෙන් අදින, ඇමැතිවරුන්ගේ ඇසට වැලි ගසන ඇතැම් නිලධාරීන් ගේ අදක්ෂකම නිසා අවසානයේ බැණුම් අසන්නේ අමාත්‍යවරයා සහ රජයයි!

අප අමාත්‍යතුමා ගෙන් ඉල්ලා සිටින්නේ එකම දෙයකි:
කලාකරුවන්ගේත් ජාතියේත් අයිතියක් වූ ජාතික කලාභවන සැප්තැම්බරයේ දී ජනතා අයිතියට පත් කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන, ඔබතුමා ව නොමග යවන එම අදක්ෂ නිලධාරීන්ව වහා හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි තීන්දු ගන්න.
සැප්තැම්බර් මාසයේදී ජාතික කලාභවනේ දොරටු විවර වන තෙක් මුළු මහත් කලා ලෝකයම දෑස් දල්වා බලා සිටී...
Crishaantha Subhaash
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
