Image

ජාතික මට්ටමේ ක්‍රීඩා කුසලතා දක්වන ක්‍රීඩකයින්ට රජයේ රැකියා

ජාතික මට්ටමේ ක්‍රීඩා කුසලතා දක්වන ක්‍රීඩකයින්ට රජයේ රැකියා

ජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රඳවා තබාගැනීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දිරිදීම අරමුණු කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමට හැකි වන පරිදි රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.

ඒ අනූව විනිවිද පෙනෙන, සාධාරණ හා කුසලතා මත පදනම් වූ තෝරා ගැනීමේ ක්‍රියාවලියක් තුළින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා අවස්ථා ලබාදීමට යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත හා ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහිවී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

එම තත්ත්වය අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා රඳවාගැනීම, උසස් කාර්යසාධනයක් පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා හ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න