අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින, අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම හේමරතන හිමියන් විසින් බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන ලද බවට චෝදනා එල්ල කර ඇති නඩුව (නඩු අංක 22424/2026 බී), කාර්ය පටිපාටිමය සහ වින්දිතයින් ආරක්ෂා කිරීම සම්බන්ධ බරපතල ගැටලු මතු කරන බව 'නීතිය හා සමාජ භාරය' සඳහන් කරයි.
බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතව (නවලෝක රෝහල සහ රජයේ රෝහලක) සිටි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුවට අද අනුරාධපුර අධිකරණයෙන් ඇප ලැබී තිබෙනවා.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් බිඳ වැටුණු සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්, කර්මාන්තකරුවන් යළි ඉක්මනින් නඟා සිටුවීම සඳහා ඉතාම අඩු පොළී අනුපාත යටතේ නව ආයෝජන සිදුකිරීමට කඩිනමින් මූල්ය පහසුකම් සපයන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව MSME Chember Of Sri Lanka හි මාධ්ය ප්රකාශක සුසන්ත ලියනාරච්චි ප්රකාශ කළේය.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් ලවා බලහත්කාරයෙන් හෝ යම් බලපෑමකින් 'වොයිස් කට්' (Voice Cuts) ලබා ගැනීම සහ එම දර්ශන මාධ්ය සහ සමාජ මාධ්ය වෙත නිකුත් කිරීම ශ්රී ලංකා පොලිසියේ ම ආශීර්වාදයෙන් සිදුවන බව තම සංගමයේ නිරීක්ෂණය යැයි වෘත්තීය වෙබ් මාධ්යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ දී හෘද සැත්කමකට ලක්කර ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කර ඇත.
කොළඹ අහස උසට පෙනෙන මෙම අති දැවැන්ත ගොඩනැගිලි පෙනෙන විට රාජ්යයට ඉතා වේදනාකාරී හැගීමක් ඇති කරයි. ප්රධාන බහු කාර්ය ඉදිකිරීම් ව්යාපෘති කිහිපයක් වන ග්රෑන්ඩ් හයට් හෝටලය, ද වන් (ක්රිෂ් ටවර්) , ඩෙස්ටිනි රෙසිඩන්සීස් සහ කොටුව වාහන නවතා තැබීම සඳහා ඉදිකර ඇති මහල් 10 කින් සමන්විත ගොඩනැගිල්ල ඇතුළු තවත් ව්යාපෘතිය ගණනාවක් කාලයත් සමග නටබුන් බවට පත් වී ඇති අතර, එය රටේ ආයතනික දුර්වලතා පිළිබඳ සංකේතයක් ලෙස පවතී.
තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද (05) අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනු කර තිබේ.
ලංකා ධීවර සමාගමේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබිය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ විමර්ශන හා වැටලීම් අරඹා තිබේ.
අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්රභාත් චන්ද්රකීර්ති පත් කර තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්යවශ්ය සේවා හැර අනෙකුත් රාජ්ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
නිවසේ සිට රාජකාරී කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්යංශ ලේකම්වරුන්ට අද (15)උපදෙස් ලබා දුන්නේය.
රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සාමාජිකයින් වශයෙන්, රාජ්ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණය ක්රියාත්මක කිරීම සහ ශ්රී ලංකාවේ ආර්ථික අවශ්යතා ආරක්ෂා කිරීම අප වෙත පැවරී ඇති ව්යවස්ථාපිත වගකීමක් බවත්, පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති මෑතකාලීන බලයලත් හෙළිදරව් කිරීම් හමුවේ, මෙම කාරක සභාවට තම අධීක්ෂණ වගකීම ප්රමාද කිරීමට, කල් දැමීමට හෝ සුළුකොට සැලකීමට කිසිදු අවකාශයක් නොමැති බව දැඩි ලෙස අවධාරණය කරන බවත්, එසේ කිරීම පාර්ලිමේන්තුවටත් ශ්රී ලංකාවේ ජනතාවටත් අප සතු වගකීම පැහැර හැරීමක් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී රවිකරුණානායක සඳහන් කරයි.
"මං අද මේ උඹට පෙන්නුවෙ පොඩ්ඩයි. පස්සෙ දවසක කට්ටියත් එක්ක ම එමු. කොහෙද අපේ එවුන්ට කස්ටයො ටිකක් සෙට් උනාණෙ බං. උන්ට මුකුත් කියන්නත් බෑ. උනුත් කීයක් හරි හොයාගන්නත් එපායැ..." පිටුව 41
අතුරුදන් වූ අයට යුක්තිය ඉටු කිරීමට මෙන් ම විමර්ශනවල අවසානයක් දැකිය යුතු යැයි අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
මම දැන් ඉන්නේ කඳානේ අමායාගේ ගෙදර!" – අතුල අධිකාරිගෙන් කාගෙත් කටවල් වහන සුපිරි හෙළිදරව්වක්! සමිතා, අමායා, චිරන්ත එක්ක එක මේසෙ වාඩිවෙලා කන හැටි ගැන කියපු සංවේදී කතාව මෙන්න!
අද වන විට ශ්රි ලංකාවේ ආර්ථික ස්වාධීනත්වය ඉතා ම නරක ආකාරයෙන් අපෙන් ගිලිහී ගොස් ඇතැයි ජ්යේෂ්ඨ මාධ්යවේදී මොහාන් සමරනායක පැවසී ය.
පසුගියදා අරවින්ද ද සිල්වා ගේ නිවසේ සිටිය දී සැක සහිත ලෙස මිය ගිය ශ්රී ලන්කන් ගුවන් සමාගෙම් හිටපු විධායක නිලධාරි කපිල චන්ද්රෙස්න රාත්රි 1.30 ට පමණ නිවසේ පහළ තට්ටුවේ පැන්ට්රි කාමරයේ සුදු පාට වතුර බෝත්ලක් තියාගෙන වතුර ෆිල්ටරය ළඟ සිටිනු තමන් දුටු බව අරවින්ද සිල්වා ගේ නිවසේ සේවය කරන රාජේන්ද්ර කුමාර් සිවකුමාර් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේන ගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින් අද (19) පැවැසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

