අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට අනිසි ලෙස බලපෑම් කරමින් එහි ඉදිකිරිම් කටයුතුවලට බාධා කිරිම හේතුවෙන් තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අදාල කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම් සමාගමට ගෙවන ලෙස අභියාචනාධිකරණය උඩපලාත ප්‍රාදේශිය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්නට අද (07) නියෝග කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාළ කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්රිත ප්‍රදේශවල අද (28) විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 ජුනි 1වෙනි දින සිට 3වෙනි දා දක්වා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විය.
නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ගේ ආරාධනාවකට අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 මැයි 26 සිට 31 වැනි දින දක්වා නවසීලන්තයේ නිල සංචාරයක නිරත විය.
රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
2025 නොවැම්බර් 01වන දින, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා නිකුත් කර ඇති අංක 2460/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත් කර තිබෙන උපදේශක කමිටුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සම අයිතිය ව්‍යාපාරය අද (25) බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ සියඹලෑව පුලියන්කුලම , මයිලගස්වැව,හිඹුටුගොල්ලෑව යන ප්‍රදේශවල බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස වර්ෂයේ සෑම කන්නකදීම අමු මිරිස් වගාව සිදුකිරීම දක්නට ලැබෙන මේ වන විට වගාවෙහි අස්වනු නෙලීම සිදු කරමින් පවතී.
අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ අත්සන් තැබීමට නියමිත කිසිදු අවසන් එකඟතාවකට ශ්‍රී ලංකාව තවමත් පැමිණ නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා තවමත් පැවැත්වෙමින් පවතින බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය.
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යෑම සිදුවන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මත වී තිබේ.
පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක අයවැය පරාද වීම හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
ජාතික අයවැයට ජනතා යෝජනා ඉදිරිපත් කිරීම පහසු කරමින් වෙරිටේ රිසර්ච් ආරම්භ කළ පුරෝගාමී Budget Proposal Hub වේදිකාවේ දෙවන අදියර, 2027 අයවැය ඉලක්ක කරගනිමින් දැන් ක්‍රියාත්මකව පවතින බව එම ආයතනය සඳහන් කරයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හෙට (07) ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගය මැදමහනුවර සිට හසලක දක්වා කොටස හෙට උදෑසන 07.00 තෙක් වසා දැමීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.
අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව අගය කිරීම රටක් ජාතියක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක සහ සෘජු විදේශ ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් ආයතනික සංස්කෘතියට විනිවිදභාවය දූෂණයට එරෙහිවීම සහ වෘත්තියභාවය වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න පවසයි.
ප්රාග්ධනය මිනිසුන් ප්‍රතිව්‍යූහගත කරන එක් ක්‍රමයක් වන්නේ ප්‍රකාශ කිරීමට ඉඩදී දේපළ අයිතිය වෙනස් නොකර තබා ගැනීමෙන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසීය.
රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

