Image

ආයෝජකයින් සඳහා "එකම වහලක් යටින් සියලු සේවා සපයන මධ්‍යස්ථානයක්" - දුමින්ද හුලංගමුව

ආයෝජකයින් සඳහා "එකම වහලක් යටින් සියලු සේවා සපයන මධ්‍යස්ථානයක්" - දුමින්ද හුලංගමුව

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතුව තිබූ පැරණි බලය සහ කාර්යක්ෂමතාව නැවත ස්ථාපිත කර, එය 2005 වසරට පෙර පැවැති ආකාරයටත් වඩා ශක්තිමත් දේශපාලන අනුග්‍රහයක් සහ අන්තර්-ආයතනික බලපෑමක් සහිත, ආයෝජකයින් සඳහා "එකම වහලක් යටින් සියලු සේවා සපයන මධ්‍යස්ථානයක්" (one-stop shop) බවට පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අද (01) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරමිනි.

විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු ඉහළ හැකියාවෙන් යුතු ශ්‍රම බළකාය, වෙළඳපළ ප්‍රවේශය, භූගෝලීය පිහිටීම තව දුරටත් උපයෝගි කර ගත හැකි ය. මීට අමතරව මූල්‍ය සම්පත් අතින් තරගකාරී වාසි ලබා දිය යුතු අතර, රටේ ආයෝජනමය වටිනාකම (value proposition) පැහැදිලිව නිර්වචනය කළ යුතු බව ද සභාපතිවරයා අවධාරණය කළේ ය. ආයෝජන ප්‍රවර්ධන ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි බලතල ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙරට ආර්ථිකයේ ප්‍රධාන ගමන් නියමුවා ලෙස ශක්තිමත් ආර්ථික දිශානතියකට ශ්‍රි ලංකාව ගමන් කරවීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රමුඛතම වගකීම හා කාර්යයභාරය වන බවද දුමින්ද හුලංගමුව පැවසී ය.

මෙම අවස්ථාවට හිටපු වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහභාගි විය.

මානව සම්පත් විධායක අධ්‍යක්ෂ මංජුල කීර්තිරත්නට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව පළමු රාජකාරි ලිපියට අත්සන් තබා භාරදුන් අයුරු ඡායාරූපවල දැක්වේ.

ජේ.මුණසිංහ

WhatsApp Image 2026 07 01 at 6.25.59 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න